අඹගහ හන්දිය පසුවූ පසු බසයේ පිටුපස දොර ලඟ අසුනේ සිටි වයසක කාන්තාවක් ඉදිරිපස අසුනට බරදී නැගීසිටියාය.
'ඔය අම්මා කොහෙන්ද බහින්නේ..මහ නියරද...'
ඇය හිස සැලුවාය..
'මහ නියර බහින කට්ටිය දොර ලඟට එන්න..'
ඇය හිස සැලුවාය..
'මහ නියර බහින කට්ටිය දොර ලඟට එන්න..'
ඇය සමග අවුරුදු පහක් හෝ හයක වයසැති ගැහැණු ළමයෙකුද ඊලඟ නැවතුමේදී බසයෙන් බැස යනු පෙනුනි. ළමයාගේ අතින් අල්ලාගත් ඈ ජංගම ලොතරැයි කුටිය පසුකරමින් මාදින්නාගොඩ පාරට හැරුනාය. සෙමෙන් වටපිට බැලූ ඇය එතැන නවතා තිබූ ත්‍රීවීලයකට ගොඩ වීමට සැරසුනාය.
'අම්ම කොහේට යන්නද ..මේක නෙමේ පිටිපස්සෙ එකේ නගින්න..'
ඇය කිසිත් නොකියා නැවත හැරී ළමයාව පිටුපස ත්‍රීවීලය තුලට දමා ඇයද ගොඩවූවාය.
ඇය කිසිත් නොකියා නැවත හැරී ළමයාව පිටුපස ත්‍රීවීලය තුලට දමා ඇයද ගොඩවූවාය.
'අම්මේ කොහාටද යන්නේ...' ත්‍රීවීලර් රියදුරු නැවත ඇසූයෙන් තරමක නොසන්සුන් බවක් පලකල ඈ..
'පාලම පැත්තට යමු..' යි පැවසුවාය.
'පාලම පැත්තට යමු..' යි පැවසුවාය.
ත්‍රීවීලර් රියදුරා තම රියදුරු කණ්නාඩියෙන් මේ නොසන්සුන් මහලු කාන්තාව දෙස බැලුවේය.
'පාලම පහුකරලා යන්න ඕනෙද ..'
ත්‍රීරෝද රථය මාදින්නාගොඩ පේරේරා ඇන්ඩ් සන්ස් බේකරිය පසුකරනවාත් සමගම රියදුරු ඇසීය.
'පාලම පහුකරලා යන්න ඕනෙද ..'
ත්‍රීරෝද රථය මාදින්නාගොඩ පේරේරා ඇන්ඩ් සන්ස් බේකරිය පසුකරනවාත් සමගම රියදුරු ඇසීය.
'ඔව්..දිගටම යං..'
'අම්මල රාජගිරියෙ ඉඳලඳ බස් එකට නැග්ගේ..'
'ඔ..ඔව් ..ඇයි..'
'අපරාදෙනේ බස් එකේ ආවේ...රාජගිරියෙ හන්දියෙන් වීල් එකක් ගත්තනම් ඔය පැත්තට ලඟයිනේ..'
'හ්ම්ම්...' ඇය සුසුමක් හෙලුවාය.
'අම්මල රාජගිරියෙ ඉඳලඳ බස් එකට නැග්ගේ..'
'ඔ..ඔව් ..ඇයි..'
'අපරාදෙනේ බස් එකේ ආවේ...රාජගිරියෙ හන්දියෙන් වීල් එකක් ගත්තනම් ඔය පැත්තට ලඟයිනේ..'
'හ්ම්ම්...' ඇය සුසුමක් හෙලුවාය.
කුඩා දරුවාද කිසිත් කතාවකින් තොරව ඇය අත වූ කුඩා සෙල්ලම් බෝනික්කෙක් ඒ මේ අත හරවමින් සිටියි. පැරණි යකඩ පාලම ලන්වන විට ඒ අසල සෙනග රැස්වී සිටිනු පෙනෙයි. එතැන යම්කිසි කලබලයක ස්වරූපයකි.
'අම්ම පොඩ්ඩක් ඉන්න අතන මොකක් හරි කේස් එකක් වගේ..'
ත්‍රීවීලය අයිනකට කර නැවත්වූ රියදුරු ඒ දෙසට ඇවිද යන්නට විය. මිනිසුන් ඈත් මෑත් කර ඉදිරියට ගිය ඔහුට දිස්වුයේ ලේ පෙරාගෙන මැරී වැටී සිටි මිනිසෙකි. ඒ කවන්ධය දුටුවකුගේ හදවතේ ගැස්ම වැඩිවනවා නොඅනුමානය. එවෙලේම වාගේ පොලිස් නිලධාරීන් හතර දෙනෙකු එතැනට පැමිනියෝය. ඒ ස්ථානයේ රැඳෙන්නට සිතුනත් තමාගේ රාජකාරීය නිමකල යුතු නිසාවෙන් ත්‍රීවීලර් රියදුරු එතැනින් ඉවත්ව තම රථය වෙත ගියේය.
'පුතා..පිරිමි කෙනෙක්ද ගෑණු කෙනෙක්ද මරල දාලා තියෙන්නේ...'
'අම්ම කොහොමද දන්නෙ එතන මිනිහෙක් මරල දාල කියල...ආ...පොලීසියෙන් ආපු නිසාද ...ඔව් බෙල්ලෙන්ම කපලා දාල බෙල්ල හොයාගන්න නෑ...මන් හිතන්නේ මන්නෙකින් කොටලා වගේ...කොල්ලෙක්...මේ පැත්තෙ එකෙක් වෙන්න බෑ...'
ඔහු දිගටම කියවගෙන ගියේය.
ඔහු දිගටම කියවගෙන ගියේය.
'හ්ම්ම්..'
'මෙහෙන් කොහේටද...කොලොන්නාව පැත්තටද රාජගිරිය පැත්තටද..'
'වමට හරවල යමු..' ඇය හැකි පමණ කෙටි පිළිතුරු ලබාදීමට පෙළඹුනාය. මීටර සියයක් පමන ගතවන කල්හි දකුණට හරවන්නට කියූ ඇය පාර දෙපැත්ත විමසිලිවත්ව බැලූබව රියදුරාටද පෙනුනි.
'අම්මල ලෝක වටයක්නේ ඇවිල්ලා තියෙන්නේ..හරියටම කොහේටද යන්න ඕනේ..'
'දිගටම යමු..'
'මොකෝ පාර මතක නැද්ද..ඉස්සරහින් කාගෙන්හරි අහන්න..කොහාටද යන්නේ..නෑදෑ ගෙදරකද?'
ඔහුගෙන් ප්‍රශ්න වැලකි.
ඔහුගෙන් ප්‍රශ්න වැලකි.
'තව ටිකක් ඉස්සරහට යමු..මම බහින තැන කියන්නම්...'
ඔබේසේකරපුරට ආසන්නයේ වංගුවක ත්‍රීවීලය නවත්වන්නට කියූ ඈ ගමන සඳහා මුලද කීයදැයි විමසුවාය.
'ඔය එකසිය පනහක් වගේ දෙන්නකො..හැබැයි ඕක රුපියල් දෙසීයක වගේ දුර..කෝ ගේ ඉස්සරහද..කියන්න ගෙදර ලඟින්ම දාන්නම්..'
කිසිවක් නොකී ඈ රුපියල් සීයේ සහ පනහේ නෝට්ටුවක් ඔහු අත තබා කුඩා ළමයා සමග බැසගත්තාය. ඉතා විමසිල්ලෙන් පාරේ ඉදිරිපසත් පිටුපසත් බැලූ ඈ එතැන නැවතී සිටියාය. හැඳසිටි සාරි පොටෙන් ඔලුව වසාගත් ඈ ත්‍රීවීලයට පිටුපා සිටගත්තාය.
ත්‍රීවීලර් කරුටත් මොවුන්ගේ හැසිරීම කුතුහලයක් ගෙන දුන්නද එහි රැඳී සිටීම කල නොහැකි නිසා ආපසු තම රථය හරවා යන්නට වූවේය.
ත්‍රීවීලර් කරුටත් මොවුන්ගේ හැසිරීම කුතුහලයක් ගෙන දුන්නද එහි රැඳී සිටීම කල නොහැකි නිසා ආපසු තම රථය හරවා යන්නට වූවේය.
ත්‍රීවීලරය නොපෙනී ගියපසු ඈ ළමයාද කැටුව ඉදිරියට ගමන් කලාය. මද දුරක් ගමන්කර කුඩා අඹ ගසක් ලඟින් හැරී පහලට ගොස් ලෑලි දොරකට සෙමෙන් තට්ටු කරන්නට වූවාය. එය පෙනුමෙන් මුඩුක්කු ගෙයකට සමානය. හරහට ගැසූ ලෑලි අතර හිඩැස් වලින් ගේ ඇතුල තරමක් හෝ නොපෙනෙන්නේද නොවේ. නමුත් ගේ ඇතුලේ කුමක් තිබේද කවුරු සිටීද යන්න නිසැකවම කියන්නට ඒ විවර ප්‍රමාණවත් නැත.
ටික වේලාවකින් මද හඬක් නංවමින් ලෑලි දොර සෙමෙන් විවෘත විය. ඒ තුලින් තරුණ කාන්තාවක් එලියට පැමිණියාය. තරුණ යැයි කීවාට පාසල් යන වයසක ඈ නොසිටින බව පෙනේ. නලලේ සිට ඇස උඩින් කන දෙසට වන්නට අඟල් තුනක පමන කැපුම් පාරක් සහිත වුවත් ඈ තරමක පියකරු බවින් යුක්ත එකියකි. නමුත් පියකරු බව පරයා රෞද්‍ර ස්වරූපයක් ගන්නේ කැලල නිසාවෙන්ම නොවේ.
වයසක ගැහැණිය සහ ළමයා දෙස බැලූ ඈ ගැහැණියගේ අතින් අල්ලා ගේ තුලට ඇදගත්තාය. වැටෙන්නට ගිය ළමයාව අනෙක් අතින් අල්ලාගත් ඈ දෙදෙනාවම ගේ තුලට ගෙන ලෑලි දොර වසා දැම්මාය. වයසක ගැහැණියගේ සාරි පොට ඔලුවෙන් ඇදදමූ ඇය මොහොතක් ඒ මුහුණ දෙස බලාසිට කුඩා ළමයා දෙස හොඳින් බැලුවාය.
'මේ ඉන්නේ මගේ රත්තරන් කෙල්ල නේද?..'
'ඔව්.....'
ඇය වහා ළමයාව දෑතින් වඩාගෙන සුරතල් කරන්නට වූවාය..
'මගේ පුතේ...උඹව දැක්කෙ කොච්චර කාලෙකින්ද..උඹේ හැඩ...'
ඇය කුඩා ළමයාව සිපගත්තාය. එය දිගු සිපගැනීමක් විය.
'මගේ පුතේ...උඹව දැක්කෙ කොච්චර කාලෙකින්ද..උඹේ හැඩ...'
ඇය කුඩා ළමයාව සිපගත්තාය. එය දිගු සිපගැනීමක් විය.
'උඹ කාලද පුතේ...නැන්දේ මේකිට මොනවහරි කන්න දීලද එක්කගෙන ආවෙ..'
'පුතේ...මේ ඉන්නේ උඹලගෙ අම්මා...මම කියල තියෙන්නේ ගොඩක් විස්තර අම්ම ගැන..'
දැරිය තම මවගේ සිප වැළඳගැනීම් හමුවේ වික්ෂිප්ත වී සිටියාය. කුඩා දැරියට තම මවගෙන් අසන්නට ප්‍රශ්න රාශියක් තිබුනි. ඇය එකිනෙක ඒවා අසද්දී මව සංයමයෙන් මෙන්ම ආදරයෙන් ඒවාට පිළිතුරු දුන්නාය.
කුඩා දැරියට කිරි කෝප්පයක් සාදා දුන් මව ඇයට බෝනික්කා සමග සෙල්ලම් කිරීමට සලස්වා වයසක ගැහැණිය සමග කතාවට වැටුනාය.
'මාලනියෝ ඒක නෙමෙයි අපි එනකොට අර යකඩ පාලම පල්ලෙහා එකෙක්ව මරලා දාලා..එතනට පොලීසියෙන් ඇවිල්ල..'
'උඹ ගිහිල්ලා බැලුවද නැන්දේ කවුද කියල..'
'තොට ඔල්මාදෙද..මේ පොඩි එකී එක්ක ඕව බලන්න යන්න පුළුවන් ද...බෙල්ල කපලා දාලලු..බෙල්ල හොයාගන්න නෑ..ත්‍රීවීල් කාරයා කිව්වෙ මේ පැත්තෙ එකෙක් වෙන්න බෑ කියල..
'අනේ මන්ද බන් නැන්දේ ...ඒ කොහොම වෙතත් උඹ අපිත් එක්ක ඉන්නවා නේද ..'
'මම ටික දවසක් ඉන්නම්..ඒත් මම වැඩිය පේන්න ඉන්න එක හොඳනෑ..'
'දැන් බයවෙන්න දෙයක් නෑ ...උන් මට කිසිම කරදරයක් කලේ නෑ..'
'ඔය එකෙක්වත් විශ්වාස කරන්න එපා බන්..අද ඉන්න එකා නෙමේ හෙට..උඹ ඒක හොඳට දන්නවනෙ මට වඩා..උඹේ ආරස්සාව උඹ බලාගනින්..උඹ ලඟ පිස්ටල් එක තාම තියනව නේද ..'
'ඔව් නැන්දේ..ඒත් උඹ හිටියනම් මට හිතට හයියයි..'
'මම පුළුවන් තරම් කාලයක් ඉන්න බලන්නම්..ඒකෙන් උඹලට අනතුරක් වෙන්න පුළුවන් .. හැබැයි කෙල්ලේ ඔය සෝමයා ආයේ ආවොත් මේ කෙල්ලව පරිස්සම් කරන්න වෙයි..'
'සෝමෙගෙන් ළමයාට කරදරයක් නෑ..එහෙමනම් මෙලකටත් ඌ කරල..'
'අපි මෙහෙන් යමු කෙල්ලේ..මීගොඩ ගෙදරට ගියානම් කරදරයක් නැතුව ඉන්න පුළුවන්නේ...'
'නෑ නැන්දේ...මමත් හැංගි හැංගි හිටියේ වැඩි කාලයක්..ඒක මගේ දුවට වෙන්න තියන්නේ නෑ..ඒකි හැදෙන්න ඕනේ මෙහේ...'
'ඒ අසරණීට ජීවිතයක් දියන්...හොඳට කාලා ඇඳලා කරදරයක් නැතුව ඉන්න පුළුවන් උඹට මෙහෙන් ගියානම්...'
'නෑ..මුන්ව සෝබනේට හදන්න මට ඕනේ නෑ...මුන් මේ ගෙන්දගම් පොළොවෙ පය ගහල ජීවත් වෙන්න දැනගන්න ඕනේ..මම ඒක බලාගන්නම්..අනික...'
'අනික...මොකද්ද අනික...මම දන්නව....ඔය පලිගැනීම හිතෙන් අහක් කරපන්..අමතක කරන්න එපා උන් මගේ කොල්ලො තුන්දෙනාවම මරල දැම්මා..උඹේ දුව බේරගෙන පලයන්..'
'මගේ දුවට කිසි දෙයක් වෙන්නෙ නෑ නැන්දේ...අනික මම අයියල මරපු පලියත් ගන්නවමයි...'
'මේ ජරාවලෙන් ගොඩ එන්න පුළුවන් කම තියෙද්දිත් ඇයි උඹ ඒකෙම නහින්න හදන්නේ මෝඩියේ...'
'අපේ පරම්පරාව නැති කරපු එකෙක්ව මම ඉතුරු කරන්නේ නෑ නැන්දේ..මම වෙලාව එනකම් ඉන්නේ..ඒකට තව අවුරුදු කීයක් ගියත් කමක් නෑ..එතකන් මම ඉන්නවා..'
'මේ හෙලේනත් උඹ වගේම හිතුව කෙල්ලේ තරුණ කාලේ...'
'මම නොදන්නවයැ නැන්දේ උඹේ කෙරුවාව..මට මතකයි අපේ අම්ම කියනව උඹ ඒ කාලේ කොරපු වැඩ..අර කොරලි ගුණේ ගේ එවුන් වත්තට ආපු වෙලාවෙ උඹ උන්ගේ එවුන් තුන් දෙනෙක්ව බෑව්වා කියල..'
හෙලේනා මහ හඬින් සිනාසුනාය.
'උන් බලාපොරොත්තු උනේ නෑ මම එහෙම කරයි කියල...උන් තුවක්කුව දික් කරන් ඉන්නකොට මම ඒකට ගහල උගේ අත කඩල තුවක්කුව අරන් ඌටම තිබ්බා..එතන මැරුම්කාපු එකෙක් ගුණයගේ මල්ලි කෙනෙක්...ඒකනේ ඌ අන්තිමට ඒ පලිය මගේ ලොකු එකාගෙන් ගත්තෙ...'
'එතකොට අපේ සෝමේ ඔය ගුණයගේ පුතෙක් කියන්නෙ ඇත්තද ...'
'ඔව්..ගුණයට හොර ගෑණු හිටියා දුසිමක් විතර..ඒ එකියකගේ කියල කියන්නේ...'
'හැබැයි සෝමේ ඕක පිලිගන්නෙ නෑ..මම දවසක් ඇහුවම ඌට මරු නැග්ගා...කියපන් වේසියේ ඔය බලු කතා උඹට කියන එකා මම දැන් ගිහිල්ලා බාවනවා කියල කිව්වා..'
හෙලේනා සහ මාලනී එක්ව සිනාසුනහ.
'එතකොට ඌ කියන්නෙ උගේ තාත්තා පොඩිකාලේ මැරිලා...පවුලේ බර කරට ගන්න කොටුවෙ ඇපල් වෙළඳාමේ ගියා කියලනේ...'
'ඔව්..ඒකෙන්නේ ඌට ඇපල් සෝමේ කියල නම පටබැඳුනේ....ඒක නෙමේ නැන්දේ නැන්දවත් දන්නෙ නැද්ද ගුණයට මොකද උනේ කියල..'
'නෑ බන්..මම හිතන්නේ ඌ රට පැනලා ගියා..ඩුබායි වලට වෙන්න ඕනේ..මොකද එහේ උගේ නෑ වෙන කීපදෙනෙක් හිටියා..'
'ඉතින් හරිනේ බන් නැන්දේ...අපේ සෝමයත් පැන්නෙ ඩුබායි වලටනේ...'
'අප්පයි පුතයි එකතු වෙලා කියල හිතන්න අමාරුයි ..ඒත් ඕව කියන්න බෑ බොල...'
'නැන්දේ උඹ දන්නවද සෝමේ මට සෑහෙන ගානක් පොතේ දාල ගියේ...සෑහෙන ගානක්...'
'එහෙමද..ඌ යනකොට මොනවද කියල ගියේ...'
'ආයේ කවද එනවද කියන එක ශුවර් නැ කිව්වා..මට මෙහේ එන්නම එපා කියල ගියේ...මීගොඩ ගෙදර අරන් දුන්නෙත් ඒකනේ..'
'හ්ම්ම් ..එහෙමද ...උඹට ඔය පිහි පාර ගහපු එකාව මතකද ...'
'මොකෝ නැත්තේ නැන්දේ...සෝමයා මාව ඇදන් ගියේ නැත්නම් මම ඌව මරාගෙන මැරෙනවා..කාලකන්නි බල්ලා...ඌ මට හැංගිලා ඉඳලා ඇන්නේ..ඕකව මම බෙල්ල කපලා මරලා දාන්නේ...'
මේ අතර කිසිවකු හෝ දොරට තට්ටු කරන හඬ ඇසුනි.
'ස්ස්ස්...සද්ද කරන්න එපා...' හෙලේනා පැවසුවාය
දෙතුන් පාරක් තට්ටු කර නිවැසියන්ගෙන් ප්‍රතිචාරයක් නොලැබුන කල පිටතින් ගොරෝසු හඩකින්..
'දොර අරිනවා අපි පොලීසියෙන්...' යැයි පවසනු ඇසිනි.
ඉතිරිය පසුවට ....

No comments:
Post a Comment