දන්නැද්ද Mr Perera ඔෆිස් වැඩ වලට නිතරම එහෙ මෙහෙ යන්න වෙනවනේ....ඉතින් Mr Perera මොනවද කරන්නේ...බිස්නස් කිව්ව නේද ...'
මාලන් කතාව වෙනතකට හරවන්නට උත්සාහයක් දැරුවේය.
'ඔව් මාලන් මම ෆැබ්‍රික් බිස්නස් කරන්නේ..මාත් ක්ලයන්ට් විසිට් එකක් යද්දී තමයි ඔයාව දැක්කේ...'
'ආ..දැන් ෆැබ්‍රික් ෆීල්ඩ් එකේ හොඳ මාකට් වැලියු එකක් තියනවා...ඔයගොල්ලො export කරනවද...'
'ඔව් රටවල් කීපයකට යවනවා..එතකොට මාලන්ගේ ක්ලයන්ට් බේස් එක colombo area එකේ විතරද ඉන්නේ..'
කොපමන කතාව වෙනතකට යවන්නට උත්සහ කලත් මොහු එන්නේ එකම තැනකට බව පැහැදිලිය. මාලනී ඉදිරියේ මෙය පවසන්නට මොහුට ඇති උවමනාව කුමක්ද? අනිවාර්යයෙන් මොහු වහෙන් ඔරෝ පවසන්නේ මාලන් හා ඇලී එකට අත්පටලාගෙන ඇවිද ගිය එක ගැනය.
එක්කෝ තමා කෙල්ලෙකු හා රවුම් ගසන බව මාලනීට ඒත්තු ගැන්වීමේ අවශ්‍යතාවයක් මොහුට ඇත. නැත්නම් මොහු එන්නේ කුමකටද?
කරන්නට දෙයක් නැත...සත්‍යය දැනගන්නට නම් මොහුට අවස්තාව ලබාදිය යුතුයැයි මාලන් සිතාගත්තේය.
කරන්නට දෙයක් නැත...සත්‍යය දැනගන්නට නම් මොහුට අවස්තාව ලබාදිය යුතුයැයි මාලන් සිතාගත්තේය.
'ඔව්..ඉතින් Mr Perera මාව කොහේදිද දැක්කේ...'
මාලන් කෙලින්ම කාරණයට බැස්සේය.
මාලන් කෙලින්ම කාරණයට බැස්සේය.
'නෝමන් ලේන් එකේදි..'
හරි...මොහු දැක ඇත්තේ ඇලී සමග ගමන් කරන විට බව දැන් සහතිකය. කමක් නෑ ...මොහුට කුමක් අවශ්‍ය වීද යන්න සොයාබැලිය යුතුය.
'ඔව් ඔව් මම ගියා තමයි...දොලහට වගේ නේද ...'
'ඔව්...ඉතින් මාලන් .....මාත් ගොඩක් වැඩ අස්සෙ ආවේ...අපේ මැඩම්ව හම්බවෙලා යන්න...මාලන් එක්ක කතා කරන්න ලැබුන එකත් සතුටක්...අපි ආයෙ වෙලාවක හම්බවෙමු...
ඔහු, මාලන් ඇලී සමග දුටු බව මාලනී ඉදිරිපිට නොපැවසුවේ ඇයි. මෙය මාලන්ගේ සිතට වද දෙන්නට විය. එක්කෝ මේ නිකම්ම random සීන් එකක් විය යුතුය. නැත්නම් ....නැත්නම් මොකද්ද යැයි මාලන්ගේ සිතට එන්නේම නැත.
'මාලන්...තව bottle එකක් ගෙනාවා..shall we...'
'Yes...we'll start...'
නැවත මාලන් සහ සරණී විස්කි බෝතලයක් අවසන් කරන අතරතුර මාලනී තම ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබාගන්නවා පෙනුනි.
සේවකයා පැමින මාලන්ට කතාකර යමක් පවසනු පෙනුනි...
සේවකයා පැමින මාලන්ට කතාකර යමක් පවසනු පෙනුනි...
'හරි හරි අරන් යනවා...සුදු ..ගිටාර් එක ආයේ ඕන නෑනේ...අරන් යන්න කියන්නම්...'
සරණි හිස වැනුවාය.
'මාලන්...ඇලී ගෙදර තනියමද ඉන්නේ..'
'ඔව්...එයා මෙහේ කෙනෙක් නෙමේනේ...ගෙයක් අරගෙන ඉන්නේ..'
'එයාගේ බොඩි ශේප් එක මරු...ඔෆිස් කිට් එකට වඩා කැශුවල් මාර ගතියට පේනවා...'
'මොකෝ මගේ බොසාව හිතට ඇල්ලුවද...'
'ඔව්..she is fine...I like her..'
වල්පල් දොඩවමින් විටෙක එක එක රඟ දැක්වීම් කරමින් මාලන් හා සරණී ඒ විස්කි බෝතලයත් අවසන් කලෝය.
'දැන් වෙලාව එකත් පහුවෙලා..so shall we make a move..' (අපි යමුද) මාලන් ඇසුවේය.
මාලන් සහ සරණී කරට අත දමාගෙන දොර දෙසට ගියෝය. මාලනී ඔවුන්ගේ පිටුපසින් පැමිණියාය.
...............
'Good morning Marlon ...'
'Good morning Alee..so how was yesterday night..'
'That was awesome..' (නියමයි)..ඔයාල තව කොච්චර බිව්වද...'
'අපි තව bottle එකක් ඉවර කරා...'
'ෂා...මාර බෙබාලා දෙන්නෙක්නේ...සරණි දිහා බැලුවම කියන්න බෑ එහෙම බොන්න පුළුවන් කියල...'
'අම්මෝ...එයාට මන් තරම්ම බොන්න පුළුවන් ....'
'මේ...මාලන්...මම ඊයේ රෑ පිස්සු නැටුවෙ නෑ නේද ...'
'ඔයා වෙහිකල් එකේ යනකොට මාව කිස් කලා ...'
'මොකක්...බොරු කියන්නෙ නැතුව ඉන්නවා...මාලන් Im serious ...' (මම ඇත්තට අහන්නේ)
'ඔව්..මටත් මොනව උනාද මන්ද..sorry Alee if I done something wrong ..'
'What...what are you saying??' (මොනවද ඔයා මේ කියන්නේ)
'මමත් ඔයාව කිස් කලා...ටච් කලා...bcoz you are damn hot at that time..' (මොකද ඔයා ඒ වෙලාවේ මාරම සරාගීයි)
'Oh shit...'
'Gotcha...someone was naughty...' (අල්ලගත්තා එක්කෙනෙක් හොඳටම නරක්වෙලා...)
'මාලන්...Im so sorry ..මට මතක මම ඔයාගෙ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන ඇවිල්ලා නැගිටිනවා විතරයි...'
'මම කරපු දේට ඔයා මට සමාව දෙනවද...'
'Of cause ..ඒක මගේ වැරැද්ද ...'
'අයියෝ....jeasus ...ඇයි මම එහෙම කලේ නැත්තේ...මාර චාන්ස් එකක් මිස් කර ගත්තේ...'
'What?? ඔයා කිව්වෙ බොරුද... එතකොට මම කොහොමද ඔයාගේ ඔඩොක්කුවේ හිටියේ...'
'ඔයා නිදාවැටි වැටි හිටියේ..මම ඔයාගෙ ඔලුව අරන් මගේ ඔඩොක්කුවේ තියාගත්තා ...එච්චරයි උනේ...අපරාදේ.'
'මෝඩයා...මාව බයකලා...හොඳ ළමයා ...කෙල්ලන්ගෙන් advantage ගන්නෙ නැති...ඒකට මොනවද මගෙන් ඕනේ..'
'I want a lip kiss..'
'Are you serious Marlon ..'
'Yes I am...'
'No...I dont think so..cmon lets get back to work..'
'Ok...Im sorry ..'
'You are learning fast..keep it up...'
ඇලී සිනාසෙමින් කීවාය. මාලන්ට සියුම් ලැජ්ජාවක් ඇතිවුනි...එය නොපෙන්වූ මාලන් තව පැයකින් පමන මොවුන් කරන්නට යන භාරදූර කටයුත්ත ගැන කතා කරන්නට වූවේය. ඇලී ඔහුට තවත් උපදෙස් ලබාදෙන ලදී.
.............
'මාලන් Are you ready?'
මාලන් හිස සැලුවේය. වාහනයෙන් බැසගත් ඔහු ෆෝන් එක අතට ගෙන ඉදිරියට ඇවිද යන්නට විය. දැන් දැන් මාලන් ඇලී කියූ ගස ලඟට ලඟාවෙමින් පවතී. පිටුපසින් වාහනයක හඬ ඇසුනි.
'හරි අනිවාර්යයෙන් උන් තමා...'
මාලන් සිතුවේය. මාලන්ගේ සිතුවිල්ල නිවැරදිය. රතු පැහැති ප්‍රියර්ස් රථයක් ඔහු පසුකර ගොස් වෙගය අඩාල කර නිවසක් අසල නැවත්වුනි. මාලන් තමාට ලැබුනු උපදෙස අනුව ක්‍රියා කලේය. ඔහු නිකමට මෙන් රථය දෙස බැලුවේය.
කලු අවුකණ්නාඩි පැලඳි පුද්ගලයෙක් ඔහු දෙස බලා සිනාසුනේය. මාලන්ද පෙරලා සිනහවක් එක්කර ඉදිරියට ගමන් කරන්නට වූයේය.
කලු අවුකණ්නාඩි පැලඳි පුද්ගලයෙක් ඔහු දෙස බලා සිනාසුනේය. මාලන්ද පෙරලා සිනහවක් එක්කර ඉදිරියට ගමන් කරන්නට වූයේය.
'ස්..ස්...මල්ලී....'
ඔහු කතාකරන්නේ තමාට බව දත් මාලන් හැරී බැලුවේය.
'මල්ලී..පොඩ්ඩක් එනවද...' රියදුරු අසුනේ සිටි පුද්ගලයා එහි සිටම මාලන්ට කතා කලේය.
'මල්ලී මගේ ෆෝන් එකේ බැටරි ඩෙඩ්..මට ෆෝන් එක පොඩ්ඩක් දෙනවද කෝල් එකක් ගන්න...'
මාලන්ගේ කමිසයේ සවිකල කුඩා මයික් එක නිසා ඇලී ඇතුලු කණ්ඩායමට මේ කතාබහ පැහැදිලිව ඇසේ..
'මාලන් ..dont give the phone...'
ඇලී ගේ හඬ මාලන්ගේ කනට සවිකල කුඩා උපකණයෙන් ඇසේ...
'අයියේ මගෙත් ෆෝන් එකේ බැටරි ලෝ..ක්‍රෙඩිටුත් නෑ..'
'ආ එහෙමද මල්ලී..කමක් නෑ..thanks..'
'Well done Marlon ..keep walking...' ඇලී පවසයි.
ඔහු ඇලී කී ලෙසම කලේය.
..............
'මාලන් මම එනවා ඔයාව ගන්න ..ඔතනින් ඉස්සරහට ඇවිත් පාර පැනලා BOC ATM එක ගාවට එන්න..' ඇලී දුරකතනය විසන්ධි කලාය.
මාලන් එතැනට ගිය වහාම ඇලී ගේ වාහනය එතැන නතර විය...
'ඇලී මොකද උනේ...'
'Good job Marlon ...ඔයා එවපු ලොකේශන් එක හරි...හැබැයි ඒකෙන් අපි හිතපුදේ හොයාගන්න බැරිවුනා..'
'කීදෙනෙක්ව අල්ලගත්තද ...'
'කවුරුත් නෑ...උන් පැනලා ගිහිල්ලා වෙන්න ඕනේ..ගෙයි කවුරුත් නෑ වගේ ..ගේ සර්ච් කරන්න වොරන්ට් එකක් ඕනේ...'
'කොහොමද උන් පැනගත්තෙ...'
'ප්‍රියර්ස් එක නම් ගියා ඒක අපි ෆලෝ කරා..ඒකේ හිටියේ businessman කෙනෙක්ගේ ගෝලයෙක්..එයා බඩු වගයක් දාන්න ඇවිල්ලා කියල කිව්වේ...බිල් ඔක්කොම පෙන්නුවා..අපිට arrest කරන්න තරම් evidence නෑ..හැබැයි අපි ඒ businessman එක්ක කතාකරල මීටින් එකක් ගත්තා මේක ගැන කතා කරන්න..'
.............
'මාලන්..ඔයා ආන්ටිගේ ගෙදර ඉන්න එක අපේ වැඩේට කරදරයි...මොකද සමහර වෙලාවට අපිට මහ රෑත් යන්න වෙන වෙලාවන් එනවා. මොකක් හරි බොරුවක් දාලා ඔයා ගෙදර යන්න...'
'හ්ම්ම්...ආන්ටිත් එක්ක තමයි කේස් එක..එයා කිව්වොත් කිව්වා...'
'මොකද්ද ඕක ඔච්චරම අමාරුද ..මොකක් හරි බොරුවක් කියල යන්න...අදම යන්න පුළුවන් නම් හොඳයි ..මොකද අපිට නාස්ති කරන්න කාලයක් නෑ...'
'I'll try..'
'Try නෙමේ කොහොමහරි කරන්න වෙනවා...'
'Try නෙමේ කොහොමහරි කරන්න වෙනවා...'
..............
මාලනීට සහ සරණිට බොරු රාශියක් කීමෙන් පසු මාලන් ගෙදර යාමට මාලනීගෙන් අවසර ලබාගත්තාය. නමුත් ඒ ගැන මාලනී හෝ සරණි හෝ කිසිම කැමැත්තක් තිබූ බවක් පෙනුනේ නැත. මාලන් ඇලීට ඇමතුමක් රැගෙන ඒ බව දැනුම් දුන්නාය.
'Great...එහෙනම් මම ඔයාව ගන්න එන්නම් හරියටම දහය හමාරට...කැශුවල් පිට ඉන්න...'
........
'මාලන්..අපි මෙතනින් බැහැලා ඇවිදගෙන යමු...මතකනෙ මම කිව්ව දේවල් ..'
'ඔව්...මේක කරමු..'
ඔවුන් දෙදෙනා ගේ අසලටම ගොස් වටපිට විපරම් කරන්නට වූවෝය. පාරේ තිබූ විදුලි පහන්වල ආලෝකය හැරෙන්නට ගෙවල්වල ආලෝකයක් දක්නට නොලැබුනි. නිවස ඉදිරිපස තාප්පයෙන් ඇතුලට පැනගත් දෙදෙනා ඉදිරිපස දොර පරීක්ෂා කොට පිටුපස දොර දෙසට ගමන් කලෝය.
අමුතු හැඩැති යකඩ පටියක් වැනි යමක් අතටගත් ඇලී විනාඩියක් යන්නට මත්තෙන් දොර ඇරගැනීමට සමත් වුනාය. ශබ්දයක් නොඇසෙන ලෙස දොර ඇරගත් ඇලී එයින් ඇතුලට ගියාය. අනතුරක් නොමැති බව ස්ථිර කරගත් ඇය මාලන්වද ගේ තුලට කැඳවා ගත්තාය. නැවත පිටුපස දොර ලොක් කිරීම පෙර කී යකඩ පටිය මගින් සිදුවුනි.
දෙදෙනාම හඬ නොනැගෙන සේ පය තබමින් ගේ තුල ඉදිරියටම ගියෝය..මාලන්ව සාලයේ නැවතූ ඇලී එක් කාමරයකට ගියාය. එහි විනාඩි පහක් පමන ගතකල ඇය නැවත පැමින වෙනත් කාමරයකට ගියාය. මේ ලෙස පළමු මහලේ සෙවුම් අවසන් විය. ඇලීගේ මුහුණේ සතුටක් නොවීය.
තරප්පු පෙල අසල නැවත මාලන් රැඳවූ ඇය සෙමෙන් තරප්පු පෙල නැග්ගාය. මදකින් මාලන්ට සංඥාවක් ලැබුනි. ඒ තරප්පු පෙල නැග උඩට පැමිනෙන ලෙසයි.
පෙර ලෙසම මාලන් පළමු මහලේ මැද නතර කොට ඇලී කාමර පරීක්ෂා කරන්නට වූවාය. එක් කාමරයක් හැරෙන්නට අනෙක්වා සියල්ලම පරීක්ෂා කිරීමට ඇයට පැය භාගයක් පමන ගතවන්නට ඇත. නිවස දෙසට වාහනයක හෙඩ් ලයිට් එකක් වැදුන හෙයින් ඇලී අවසාන කාමරය පරීක්ෂා කිරීම නවතා මාලන් සමග සූදානම්ව සිටියාය. කිසියම් පිරිසක් නිවස තුලට ඇතුලුවන අයුරකි. ඔවුන් යතුර දමා දොර විවෘත කරන හඬ පැහැදිලිව ඇසුනි.
බිම් මහලේ විදුලි පහන් එකිනෙක දැල්වෙන්නට විය. එකිනෙකා කතා කරන හඬ ඇසුනත් ඒවා පැහැදිලි නොවීය. ඔවුන් සාදයක් පවත්වන්නට ලැහැස්ති වන බව පෙනේ. බොතල් සහ වීදුරු ගැටෙන හඬ උඩුමහලට ඇසේ..මෙසේ විනාඩි විස්සක් පමන ගතවන්නට ඇත. ඇලී මාලන් සිටින තැනට සෙමෙන් ගමන් කලාය.
'මාලන්...මම ඉතුරු කාමරේ සර්ච් කරන්නම්..ඔයා මෙතන ඉන්න..උන් උඩට එනව වගේ දැනුනොත් වොච් එකේ ඔරේන්ජ් බටන් එක ප්‍රෙස් කරන්න...අනිත් ඒවා අපි කතාකරගත්ත විදියටමයි...'
මාලන් හිස සැලීය. ඇලී කාමරයට ඇතුල්වන්නට දොර අරින්නට සැරසෙනවාත් සමගම එලාම් එකක් වදින්නට විය. මාලන් තරප්පු පෙල ලඟින් ඉවත්ව කාමරයකට දිව ගියේය. ඇලීද වහාම අනෙක් කාමරයට දිව ගියාය. එලාම් එක ඇසීමත් සමගම පහල මාලයේ දැඩි නොසන්සුන්තාවයක සේයාවකි. තුවක්කු රැගත් දෙදෙනෙක් තරප්පු පෙල නගින්නට වූවෝය. නිවසේ දොර විවෘත වන ශබ්දයද ඇසුනි.
'කලුවා..ඉස්සර දොරයි පිටිපස්සෙ දොරයි ජනෙල් ගාවයි කට්ටියව දාපන්..පැනගන්න දෙන්න බෑ...'
'හරි බොස්...'
'ගුරා කෝල් එකක් දීපන් ලොක්කට ඉක්මනට..කට්ටිය එවන්න කියපන්..'
'ඕකේ බොස්...'
තරප්පු පෙල නැග ආ තුවක්කු අතැති දෙදෙනෙකි. උන් සීරුවෙන් උඩු මහලට පැමිනියෝය. දැන් යන්නේ මාලන් සිටින කාමරයටයි...දොරට පයින් ගසා දොර විවර කරගත් ඔවුහු එකෙක් බැගින් කාමරයට ඇතුලු වූයේ තුවක්කුව දික් කරගෙනමය. දෙවැන්නා අනෙක් කාමරයට ඇතුලු විය...එය ඇලී සිටින කාමරය නොවේ..
මාලන්ගේ කාමරයෙන් තුවක්කුකරුවෙකු පැමින ඇලී සිටින කාමරය දෙසට ගියේය. කාමරයේ දොරට පයින් ගසා විවෘත කර පෙර ලෙසම තුවක්කුව කාමරය තුලට දමා ඇතුලු විය. කාමරය දෙස සූක්ෂම ලෙස බැලූ ඔහුට ඇලී සිටින තැන සොයාගන්නට අපහසු නොවීය. ඒ සමගම අනෙක් තුවක්කු කරුවා කාමරයට පැමිණියේය. ඔහුට අතින් සංඥා කල තුවක්කුකරු ඇලීව වටකරගන්නට සූදානම් වූවේය.
අනෙක් තුවක්කුකරු වම් පස අයිනෙන් ඇය ලඟට ඇදී යද්දී දොර වසා දැමුනි. පොර බදන හඬක් ඇසුනත් එය සැනෙකින් නිහඬ විය.
මාලන් වහා ඇලීගේ අතින් අල්ලා නැගිට්ටුවේය.
'මාලන්..what the hell...I was about to attack you..'
ඇයගේ තොල මතට තම සුරතේ දබර ඇඟිල්ල තැබූ මාලන් ඇයව දොරෙහි අනෙක් පසට තල්ලු කලේය.
'ජැකා වැටිලා... උඩට වරෙල්ලා'...මාලන් කලින් සිටි කාමරයෙන් හඬක් ඇසුනි.
ක්ෂණිකව ක්‍රියාත්මක වූ මාලන් දොර ඇරගෙන දුවගෙන ගියේය..වහා ඒ කාමරයට ඇතුලු වූ ඔහු කාමරයේ සිටි පුද්ගලයාගේ ගෙලට තරමක් උඩින් අල්ලා එක්වරම ඔහුව බිම දමනලදී...පහල සිට කිහිප දෙනෙක් තරප්පු පෙල නැගගෙන එන හඬය...දොර අඩවල් කල මාලන් දොරේ එක් පසකට විය.
මාලන් සිතූ පරිදිම තරප්පු පෙල නැගගෙන පැමිනි පිරිස එකවර ඇතුලු උනේ නැත...ඔවුන් දොරට සෙමෙන් පහරක් දි දොර විවෘත කර ගත්තෝය.
දොර හරහා මිනිසෙක් වැටුනි ...එයින් තැතිගත් එකෙක් වෙඩි තැබුවේය.
දොර හරහා මිනිසෙක් වැටුනි ...එයින් තැතිගත් එකෙක් වෙඩි තැබුවේය.
මාලන්, ඔහු බිම වැට්ටවූ මිනිසාව වත්තම් කරගෙන ඔහුව කකුල් වලින් සිටවා දොර අයිනේ ඔහුව අල්ලාගෙන සිට දොර දෙසට අතහැරි බව පැහැදිලිය.
එලියේ සිටින මිනිසෙක් වැටුනු කෙනා කවුද කියා බලන්නට පහත් වූ විගසම මාලන්ගේ පාපහර ක්‍රියාත්මක විය. ඔහු අනෙක් අතට වැටුනි.
අනෙක් මිනිසා තුවක්කුව දොර දෙසට හරවාගෙන ඇතිබව මාලන් හොඳාකාරවම දනී. බෙඩ් කබඩ් එක මතවු විදුලි ලාම්පුව ගලවාගත් මාලන් දොර ලඟට ගොස් පැත්තෙන් සිට හැකි වෙර යොදා දොරෙන් එලියට විසි කලේය. දරුණු කෑගැසීමක් සමග යමෙක් බිම වැටෙන ශබ්දයක් ඇසුනි. සෙමෙන් දොරෙන් එබී බැලූ මාලන් කිසිවෙකු නැති බව තහවරු කරගෙන නැවත ඇලී සිටින කාමරයට දිව ගියේය.
අනෙක් මිනිසා තුවක්කුව දොර දෙසට හරවාගෙන ඇතිබව මාලන් හොඳාකාරවම දනී. බෙඩ් කබඩ් එක මතවු විදුලි ලාම්පුව ගලවාගත් මාලන් දොර ලඟට ගොස් පැත්තෙන් සිට හැකි වෙර යොදා දොරෙන් එලියට විසි කලේය. දරුණු කෑගැසීමක් සමග යමෙක් බිම වැටෙන ශබ්දයක් ඇසුනි. සෙමෙන් දොරෙන් එබී බැලූ මාලන් කිසිවෙකු නැති බව තහවරු කරගෙන නැවත ඇලී සිටින කාමරයට දිව ගියේය.
ඒ අතර පහත මාලයේ සිටින උන් කුමක් කරන්නේදැයි කතාබස් කලහ.
'බොස් උන්ගේ කීදෙනෙක් ඉන්නවද දන්නෙ නෑ...අපේ උඩට ගියපු හතරදෙනෙක් ඉවරයි....'
'අපි උඩට නොයා උන් පල්ලෙහාට එනකම් ඉමු නැත්නම් අපි යන පාරට උන් වෙඩි තියයි ..වෙපන් ටික ඔක්කොම ලඟ තියාගනිල්ලා...කීදෙනෙක් හිටියත් ඔක්කොම ඉවර කරල මිසක් අපි මෙතනින් යන්නෙ නෑ....ඒක මතක තියාගනිල්ලා...මොකද කිසිම information එකක් ලීක් වෙන්න බෑ...'
'හරි බොස්....එලියේ ඔක්කොම ඇලට් එකේ ඉන්නේ...'
'උන්ට කිව්ව නේද වෙපන්ස් පේන්න තියාගන්න එපා කියල...'
'ඔව් බොස්...'
'කවුරු උනත් අපිට ඇටෑක් කරන එවුන්ට පැනගන්න විදි දෙකයි තියෙන්නේ...එකක් පඩිපෙල බැහැලා පල්ලෙහාට ඇවිල්ලා...නැත්නම් ජනේලෙකින් එලියට පැනලා....ඒක නිසා ජනෙල් හැම එකක් ලඟම හොඳ ඇලට් එකේ ඉන්න කියපල්ලා....'
'බොස් අපි උන්ට වෙලාව දෙනව වැඩී...උන් මොන ගේමක් දෙනවද දන්නෙ නෑ උඩ...මම යන්නද උඩට...නැත්නම් අපි ඔක්කොමට පහල ඉඳල හොඳ පෝරියල් එකක් සෙට් වෙයි...මොකද බොසා කියන්නේ....'
'පොඩ්ඩක් ඉවසල හිටපන් බලන්න...අනිවාර්යයෙන් උන්ගේ එකෙක් පල්ලෙහාට බහින්නම ඕනේ...'
.................
'මාලන් අපිව වටකරලා තියෙන්නේ...මම ජනේලෙන් බැලුවා..වටේටම ඉන්නව...'
'කී දෙනෙක් විතර ඉන්නවද....වෙපන් තියනවද අතේ...'
'මේ පැත්තට වෙන්න හතර දෙනයි..ඒ කියන්නේ හතක් විතර ඇති ගේ වටේට...වෙපන් පේන්න නෑ...හැබැයි හංගගෙන ඇති..'
'හරි ..ඉන්න අපි ground floor ඒක blast කරන්න ඕනේ...මම ඒකට යනකොට ඔයා අර room එකේ දොර කඩල හරි මොනවද තියෙන්නෙ කියල බලන්න...ගිණිගන්නකොට වටේ ඉන්න උන් පැනලා යයි ...අපිත් ඉක්මනට පැනගන්න වෙනවා මුලු ගේම blast වෙන්න කලින්...'
'Ok..do it Marlon ..Im ready..'
මාලන් මේ කාමරයේ තිබූ විදුලි ලාම්පුවද ගලවාගෙන තරප්පු පෙල අසලට ගියේය. කිසිවකු එය නොනගින බව සැක හැර දැනගත් ඔහු සෙමෙන් පහලට බසින්නට විය...නමුත් පඩි කිහිපයක් බසිද්දී කවුරුන් හෝ තමා දෙසට එන බව මාලන්ගේ තියුණු සවන් වලට දැනුනි. විදුලි ලාම්පුව ඉදිරියේ පඩිය මත බිමට වැරෙන් විසිකල ඔහු පඩි දෙකක් මතින් පැන තමා ඉදිරියේ සිටින මිනිසා දුටු කල්හිම ඉහලට එසැවී ඔහුගේ නලලට පා පහරක් දී ඔහු සමගම බිම වැටුනේය.
ඔහු වැටී සිටියදී ඔහුගේ හිසට තුවක්කු බටයක් එල්ල විනි. සෙමෙන් අත් දෙක එසැවූ මාලන් ක්ෂණිකව එක අතකින් තුවක්කු බටය පැත්තකට කොට අනික්පස හැරී පා පහරක් එල්ල කලේය. තුවක්කුව පත්තු වූ අතර එය අතැති මිනිසා මාලන්ගේ පහර හමුවේ සමබරතාව පවත්වාගත නොහැකිව බිම වැටුනේය.
මාලන් වහා ගෑස් උදුන වෙත දුවගොස් ෆ්‍රයින් පෑන් එකක් ලිප මත තබා එයට තම සාක්කුවෙන් ගත් පැකට් එකකින් සුදු පැහැති කුඩක් දමා ලිප දල්වන ලදී...
මාලන් හැකිතරම් වේගයෙන් ඉහල මහලට දිව ගියේය. එදින ලංකාව හා නවසීලන්තය සමග ක්‍රිකට් තරඟයක් පැවැත්වුන අතර ලංකාව ජයග්‍රහණය කරන මොහොතයි. මෙනිසා වෙඩි පහරවල් ගැන අහල පහල කිසිවකු සැක සිතන්නේ නැත.
'ඇලී ..hurry up...blast වෙන්න ලඟයි...'
ඒ වනවිට ඇලී කාමරය විවෘත කරගෙන සිටියාය. එහි තිබූ කුඩා පෙට්ටි කිහිපයක් ඇය මල්ලකට එකතුකරගන්නා ලදී...
'ඇලී ...තව විනාඩියක්වත් නෑ....'
ඇය කිසිවක් නොකියාම තම කාර්‍යය කෙරෙහි අවධානය යොමු කලාය.
විශාල හඬක් සමග ගිණි ජාලාවක් ඉහල මහල දක්වා පැතිරුනි. නිවස දෙදරීමට පත්විය. ජනෙල් වීදුරු බිඳ වැටෙන හඬද මිනිසුන් කෑගසන හඬද පිටතින් ඇසුනි.
'ඇලී its time...second blast එකට කලින් යන්න වෙනවා..නැත්නම් අපි දෙන්නා මෙතනම අලු වෙනවා...'
එවිටම මහා හඬක් නංවමින් නැවත පිපිරුමක් ඇතිවිය. ඇලී සහ මාලන් විසිවී ගියෝය. සමහර බිත්ති කැබලි කඩා වැටෙන්නටත්...ඔවුන් සිටි මහලට ගිණි ජාලා පැතිරීමත් දුටුවකු කිසිත් කරකියාගත නොහැකි මට්ටමකට පත්වෙන බව නිසැකය.
මාලන්ගේ පාදය මතට කොන්ක්‍රීට් කැබැල්ලක් කඩා වැටී ඇත. ඔහුට සෙලවීමටත් නොහැකි අයුරකි. ඇය කොන්ක්‍රීට් කැබැල්ල එසවී මටඋත්සහ කලත් එය සෙලවීමට පවා නොහැක.
ඇලී ඉදිරියේ ඇත්තේ තේරීම් දෙකකි...
එකක් තමාට ලැබුන සාක්ෂිද රැගෙන වහා ජනේලයකින්වත් පැන ජීවිතය බේරා ගැනීමය.
අනෙක කෙසේහෝ මාලන් බේරා ගැනීමය. නමුත් එහිදී තමා ලද සාක්ෂි විනාශ වීමටත් තමාගේ සහ මාලන්ගේ ජීවිත අවධානමකට ලක්වීමත් අනිවාර්යයෙන්ම සිදුවේ...ගිණි දැල් තව තවත් දලුලා නැගී එයි...
එකක් තමාට ලැබුන සාක්ෂිද රැගෙන වහා ජනේලයකින්වත් පැන ජීවිතය බේරා ගැනීමය.
අනෙක කෙසේහෝ මාලන් බේරා ගැනීමය. නමුත් එහිදී තමා ලද සාක්ෂි විනාශ වීමටත් තමාගේ සහ මාලන්ගේ ජීවිත අවධානමකට ලක්වීමත් අනිවාර්යයෙන්ම සිදුවේ...ගිණි දැල් තව තවත් දලුලා නැගී එයි...
ඇලී දැඩි තීරණයක් ගත්තාය.
ඉතිරිය පසුවට

No comments:
Post a Comment