Monday, April 20, 2020

අලකලංචිය - දොළොස්වන කොටස

සරණී විසින් සම්මුක පරීක්ෂණය සඳහා කැඳවනු ලැබූ තරුණයන් සයදෙනා ඒ සඳහා සූදානම්ව සිටියෝය. සරණී එතැනට යන විට ඔවුන් එකිනෙකා සමග කතා කරමින් සිටියෝය. 
'ගුඩ් මෝනින්....'
'ගුඩ් මෝනින් මැඩම්...'
'හරි ...ඔයගොල්ලො දන්නව මම කවුද කියල. මගේ අම්ම ලඟ ඕන තරම් බොඩිගාඩ්ලා ඉන්නවා. එහෙම තියාගෙන මම ඔයාලගෙන් කෙනෙක් දෙන්නෙක් තෝරගන්න හදන්නෙ විශේෂ දේකට කියල කියන්න ඕන...මේක general information එකක්...අනිත් ඒවා මම කියන්නම් select වෙන අයට...හරි එහෙනම් අපි බැටල් එක පටන්ගමු....'
සරණී කුඩා බඳුනක වූ තුණ්ඩු හයක් රැගෙන සය දෙනාට ලබාදෙන ලදී...
'හරි...battle එක තියෙන්නේ 1-2 3-4 5-6 අතර...ලෑස්තිද...දැන් මම අර රූම් එකට යනවා...1-2 මාත් එක්ක එන්න..අනිත් අය මෙතන ඉන්න...'
'හරි මේ battle එකේ stage හයක් තියනවා..ලෑස්තියි ද ...හරි මෙන්න stage one...මම මේ play කරන සින්දුවට ඩාන්ස් කරන්න ඕනේ...'
තරුණයෝ දෙදෙනා වික්ෂිප්ත වූවෝය..ඒ ගැන තැකීමක් නොකල සරණි පරිඝනකයෙන් ගීතයක් වාදනය කලාය. එක් තරුණයෙක් සැබෑවටම ඔලුවේ අතගසා ගත්තේය..අනෙකා විපිලිසරව බලා සිටියා පමනය...
වාදනය වුන ගීතය අපට වෙසක් සමයේ නිතරම ඇසෙන ගීතයකි. මොහිදීන් බෙග් මාස්‍ටර් ගේ 'බුද්ධං සරණං ගච්චාමී' එම ගීතයයි. කිසිවක් නොකී සරණී ඔවුන් දෙස බලා සිටියාය.
ටික වේලාවකින් එක් තරුණයෙකු නැටුමක් වැනි යමක් පටන් ගත්තේය. එය මේ කියවන ඔබ දුටුවානම් ඉඳගෙන සිටින පුටුවෙන් වැටෙනු නියතය....
අනෙකා කිසිත් කරගත නොහැකිව නමුත් අනෙකා දෙස බලා සිනහව තද කරගෙන සිටියේය..
විනාඩි දෙකකට පමන පසු ගීතය නතර කල ඇය stage two ආරම්භ කලාය..
'මේකෙදි තියෙන්නෙ විනාඩියක් ඇතුලත මේ කොලේ ඉන්න හාවාට කැරට් අලය ගන්න යන්න හරි පාර තෝරල දෙන්න...මෙන්න පැන්සල්...හරි දැන් පටන්ගන්න...'
...
'හරි...දැන් stage three...මෙතන තියනවා කතාවක්..ඇත්තටම මේක ගැටලුවක් ..විනාඩි හතරක් ඇතුලත මේක විසඳන්න ඕනේ...'
...
'Stage four ...මම මේ දෙන අකුරු වලින් එකකින් පටන් ගන්න සිංදුවක් සම්පූර්ණයෙන්ම කියන්න ඕනේ..'
'Stage five...මේකෙන් එක තුණ්ඩුවක් අරගෙන... දෙන්නම කැමති විදියට චරිත දෙකට අදාලව විනාඩි දෙකක කෙටි නාට්‍යයක් කරන්න ඕනේ...'
'Last stage...stage six...මේ පොඩි පෙට්ටිය ඇතුලේ තියනවා සීනි ඇට...විනාඩි පහක් ඇතුලත මේ සීනි ඇට තුන ගානේ වැඩිම ගොඩවල් ගනනක් හදන්න ඕනේ...'
මෙසේ අවසාන පරීක්ෂණය කොටස් හයකින් සමන්විත විය. සරණි සය දෙනාට වෙන වෙනම ලකුණු සටහන් කලාය.
'මම කිව්ව මේකෙන් select කරන්නෙ දෙන්නයි කියල...මොකද දැනට ඊට වඩා ගන්න මගේ ලඟ සල්ලි නෑ...ඉතින් ලකුණු බලනකොට සිලෙක්ට් වෙන්නෙ රොෂානුයි සසිධරනුයි...ගුඩ් ලක් ඔය දෙන්නට...ඉතුරු අය සැලෙන්න එපා..ඔයගොල්ලන්ට මම සුභපතනවා..එහෙනම් සිලෙක්ට් වෙච්ච දෙන්න ඉඳලා අනිත් අයට යන්න පුළුවන් ...'
'රොෂාන්...සසිධරන්....සසිධරන් දිග වැඩී...මම සසී කියල කියන්නම් කමක් නෑනේ...'
'කමක් නෑ මැඩම් යාලුවො කියන්නෙත් එහෙම...'
'ඔය දෙන්නා හෙට ඉඳල අපේ ගෙදර එන්න ඕනේ හැමදාම උදේ අට වෙනකොට...මම ID card එකක් හදල දෙන්නම්..හෙට කමක් නෑ...ගේට් එකට මම කියල තියන්නම්...එයාල ඇතුලට ගනී....දැන් මෙහෙමයි වැඩේ වෙන්න ඕනේ....
මම හැමදාම උදේ 8:30 ඔෆිස් යනවා...මාත් එක්ක ඔය දෙන්නගෙන් එක්කෙනෙක් එනවා..මාව දාල මට වෙන විශේෂ වැඩක් තිබුනේ නැත්නම් එයා ආයේ ගෙදර යනවා..නැත්නම් මාත් එක්ක ඒ වැඩ වලට යනවා..
අනිත් කෙනාට ගෙදර ඉඳල වැඩ කරන්න තියෙනේ...මම ඕන දේවල් ඔක්කොම දෙනවා...මට ඕන ටික කරන්නයි තියෙන්නේ....
අනික මේක top secret වෙන්න ඕනේ...මෙහේ කරන වැඩ ගෙදර අයත් එක්ක, යාලුවො එක්ක කියන්න බෑ...
මට විශ්වාසය 100% ක් තියෙන්න ඕනේ...ඒක නැතිවුනොත් ඒකට වන්දි ගෙවන්න වෙනව...මොන විදියෙන් හරි...පැහැදිලි ද....
'ඔව් මැඩම්...එතකොට ගෙදර ඉඳලා කරන්න තියෙන්නෙ මොනවගේ දේවල් ද .'
'ගොඩක් වෙලාවට ගැටලු විසඳන එක..එක එක දේවල් පුදලයො ගැන හොයන එක...මම කියන්නම්කෝ හෙට..'
...................
'ගුඩ් මෝනිං දෙන්නටම..එහෙනම් අපි වැඩ පටන් ගමු...මෙහෙමයි වෙන්නේ...අපි weekly වැඩ මාරු කරගමු...පළවෙනි සතියෙ සසී මාත් එක්ක ඔෆිස් යන්න එන්න...රොෂාන් මෙහේ ඉඳලා වැඩ...
මම ඔයාලට ආයෙ ආයේ මතක් කරනවා..අපි මේ කරන ඒවා වෙන කිසිම කෙනෙක් දැනගන්න බෑ...එහෙම වෙන්න ඉඩ තියන්න එපා...මොකද ඔයාලා ගැනත් ඇහැ ගහගෙන ඉන්න කට්ටියක් ඉන්නවා...
රොෂාන්...ඔයාට මේ කම්පියුටර් එක පාවිච්චි කරන්න පුළුවන් ..මේ ඩේටා කොහෙටවත් ගෙනියන්න එපා...
මෙන්න මේ ශීට් එකේ ඇති කරන්න ඕන දේවල් ...අදට ඕකෙන් පටන් ගමු...ෆෝන් එක ඩුවල් සිම් නේද...ඔය දෙන්න මේ සිම් දෙක පාවිච්චි කරන්න ඔෆිස් වැඩ වලට...බිල් එක අපි pay කරනවා..
හරි ...රොෂාන් එහෙනම් ඕන දේකදි මට කෝල් කරන්න...දවල් කෑම ..තේ ඔක්කොම ඔයාට ගෙනත් දෙයි....වොශ් රූම් තියන තැන දන්නවනේ...
සසී එහෙනම් අපි යමු.....'
සරණී විසින් නිවසේ එලියට වන්නට තිබූ කාමරයක් රොෂාන් සහ සසී වෙනුවෙන් සකසා දී තිබුනි. පරිඝනක දෙකක්, ස්කෑනර්, ප්‍රින්ටර්, වතුර ෆිල්ටරයක් ආදිය එහි තබා ඇත..
.....
'සසී...මම දැන් යන්නේ මම වැඩ කරන ඔෆිස් එක..ඒකයි ඔයාලයි එකක් නෙමේ දෙකක්...ඔයාල වැඩ කරන්නේ මට...කවුරුහරි ඇහුවොත් ඔයා කවුද කියල, කියන්න මගේ අලුත් ඩ්‍රයිවර් කියල...එච්චරයි වෙන මුකුත් කතාවට යන්න එපා...'
'හරි මැඩම්...මම මැඩම්ව දාලා යන්න ඕනෙද නැත්නම් ඉන්න ඕනේද ...'
'මම කියන්නම් ගිහිල්ලා situation එක බලලා...ගෙදර ගියොත් රොෂාන් ට සපෝට් කරන්න වැඩවලට....'
'හොඳයි මැඩම්...'
.....
'ගුඩ් මෝනින් සරණී...අලුත් ඩ්‍රයිවර් කෙනෙක්ව ගත්තද...'
'ගුඩ් මෝනින් ඇලී...ඔව් දෙන්නෙක්ව ගත්තා..මම ආස නෑ ඩ්‍රයිව් කරන්න..'
'දෙන්නෙක් මොකටද? '
(සිතමින්...'මේකිටත් ඕනෙ නැති මගුලක් නෑ..ඕන එකයි එපා එකයි..මේකි මන් ගැන ඇලට් එකේ ඉන්නේ...')
'උන් ශුවර් නෑ. නිවාඩු ගියොත් ආයෙ එන්නෙ දවස් ගානකින්...ඒක නිසා දෙන්නෙක්වම ගත්තා...ඒක නෙමෙයි ඇලී අපේ mission එකේදී අර මිනිස්සු ලඟ තිබ්බ ෆෝන් වොලට් චෙක් කලාද...කවුද ඒවා කරන්නේ...'
'ඒවා ටාෂි කරයි...තාම පටන් අරගෙන නෑ...'
'මට ඒ information බලන්න පුළුවන් ද...'
'Sure..why not...ඔයාට ඕන වෙලාවක බලන්න පුළුවන් ...ටාෂිගෙන් ගිහිල්ලා ඉල්ලගෙන බලන්න...'
'හරි ...thanks ඇලී...'
'සරණි....' සරණිට මදක් යන්නට දී ඇලී ඇයට කතා කලාය.
'මට ඔයත් එක්ක කතාකරන්න ඕනේ..මගේ රූම් එකට එනවද..:
සරණි හිස සලා ඇලී පසුපස ගියාය.
'සරණි ...මම කෙලින්ම කතාවට බහින්නම්..මට හැංගි හොරා වැඩ පුරුදු නෑ...කියන්න තියන දේවල් මම හිතේ තියාගෙන ඉන්නෙ නෑ...කියල දානවා..'
'ඔව්..මොනා ගැනද ඔයා කියන්නේ..'
'Mission එකෙන් පස්සෙ ඔයා ටිකක් වෙනස්...ඔයාට මන් ගැන සැකයක් තියනව ...ඔයා හිතන් ඉන්නේ මන් උන්ගේ කෙනෙක් කියලා...Am I correct ?'
'පිස්සුද ඇලී...මොනවද මේ කියවන්නේ...ඔයාගේ මොලේ අවුල් වෙලාද...'
'සරණි...මට මිනිස්සු හැරෙනකොට කියන්න පුළුවන් ...මම හොඳට තෙම්පරාදු වෙච්ච ගෑණියෙක්...ඔයා mission එකෙන් පස්සෙ එකපාරට ඩ්‍රයිවර්ස්ලා දෙන්නෙක් ගන්නවා...ඒකට ඔයාගේ explanation එක ඩ්‍රයිව් කරන්න කැමති නෑ කියන එක...ඉතින් ඊට කලින් ඔයා මාසයක් විතර අපිත් එක්ක වැඩකලා...එතකොට ඕන වුනේ නෑ...'
'ඇලී....මට දැනුයි ඒකේ ඕනකම ඇතිවුනේ...අනික ඒ මාසෙම මට තනියම ඩ්‍රයිව් කරන් ගිහිල්ලා එපා වෙලා හිටියේ...'
'හරි ..ඒක එහෙමමයි කියමුකෝ...ඔයා ගත්තේ ඩ්‍රයිවර්ස්ලා දෙන්නෙක් නෙමෙයි...personal bodyguard ලා දෙන්නෙක්...ඒ ගැන මොකද කියන්නේ...'
'ඔව්..ඉතින් ඒ දෙකේ වැඩි වෙනසක් නෑනේ...'
'හා...එහෙමද ....හරි ...ඔච්චර ඔයාගේ අම්ම ලඟ බොඩිගාඩ්ලා ඉඳිද්දි ඇයි ඔයා ඒ දෙන්නව එලියෙන් recruit කලේ...අනික ඔයා news paper advertisement එකක් දාලා interviews තියල ඒ අයව ගන්නේ...'
'ඇලී ..මට කියනවද ඇයි ඔයා මන් ගැන හොයන්නේ කියලා...'
'මගේ employees ලා ගැන හොයන්න මට අයිතියක් තියනව ..ඔයා ඕන දෙයක් කලාට මට කමක් නෑ...that is your personal life...හැබැයි ඔයා ගැන හොඳ සෙවිල්ලෙන් මම ඉන්නේ....ඒක අමතක කරන්න එපා චූටි පැටියෝ...'
'So what you want me to do..(ඉතින් මටඔයා මොකද්ද කරන්න කියන්නේ..)'
'මන් ගැන doubt එකක් තියනව නම් කෙලින් මට කතා කරන්න...එහෙම බැරිනම් නුවන්ට රිපෝට් කරන්න...යටින් ගේම් ගහන්න එපා..ඒකට මම ආස නෑ...'
'මට එහෙම පිස්සුවක් නෑ ඇලී...ඔයා බහුබූත වගයක් ඔලුවට දාගෙන..හැබැයි ඔයා ඔච්චරටම මන් ගැන හොයන්න ගත්තොත් මාත් නිකන් ඉන්නේ නෑ කියල හිතාගන්න...'
'එහෙමද චූටි කෙල්ල ...අපි බලමු එහෙනම් ...මීට පස්සෙ ඔයයි මමයි misson වලට එකට යන්නෙ නෑ...මොකද විශ්වාසයක් නැති කෙනෙක් එක්ක මට වැඩ කරන්න බෑ...මම ඔයාට mission assign කරන්නම්..ඔයාට වෙන පාර්ට්නර් කෙනෙක් දෙන්නම්...'
'Please..මට partners ලා එපා..කොහොම ගියත් mission එක තනියම කරන්නවෙන්නෙ මටනේ..මම තනියම යන්නම්..i dont want any partnes..'
'ඔයා ඔය මටද හින්ට් ගහන්නේ...ඔයා වැරදි ගෑණි එක්ක හැප්පෙන්න හදන්නේ සරණි...be careful ..'
'ඇලී පිලිගන්න ...mission වලදි ඔයා ෆෙල්..ඔයා තමයි ඔක්කොම අවුල් කරන්නේ...Im pretty sure මාලන්ගේ කේස් එකේදි ඔයා එතන කරපු පිස්සුවකින් තමයි එයා නැතිවුනේ...'
'සරණී.....'
ඇය සැරෙන් කෑ ගැසුවාය...
'මම කටවල් වලටවත් අතපය වලටත් වෙපන් වලටවත් බය නෑ...නිකන් උගුර බැරැන්ඩි කරගන්නෙ නැතුව ඉන්න..'
'සරණි...මම අවුරුදු ගානක් මෙතන වැඩ කරන්නෙ..ඔයා අද ඊයේ ඇවිල්ලා එක mission එකක් කරලා කියවන්න එපා...'
'හා... Are you happy now?'
'උඹ ගානට වැඩී ...පරිස්සමෙන් හිටපන්..අනික උඹ මට රිපෝට් කරන්නේ..මමයි උඹේ බොස්...ඒක මතකතියා ගනින්..'
'Ok boss...may I go now..'
'Yes..go out of my sight (ඔව්..මගේ දෑහැට නොපෙනෙන්න පලයන්)'
සරණී කේන්තියෙන් පිපිරෙමින් කාමරයෙන් එලියට ආවාය. එසේ පැමිනියත් ඇය වැඩකල යුත්තේ ඇලී සමග එකම කාමරයේය. ආයතනයේ වූ coffee area එකට පැමිනි ඈ තේකක් සාදාගෙන බොන්නට වූවාය. ටික වේලාවකින් ටාෂි ඇය දෙසට පැමිනියාය.
'සරණී ...ගනන් ගන්න එපා...ඇලීට හොඳටම තරහ ගියාම ඔහොම කෑගහනවා...අපිටත් එහෙමයි ..'
'ඒත් එයාට එහෙම මට කෑගහන්න කොහෙන් ආපු අයිතියක්ද ටාෂි ..එයා දැනගන්න ඕන මිනිස්සුන්ට කතා කරන විදිය...'
'ඔයා තාම පොඩියි කෙල්ලේ..ඔෆිස් වල ඔහොම තමයි..කැගහගන්නවා..පස්සෙ ඕව මතක නෑ...ගනන් ගන්න එපා..'
'හ්ම්ම්...ටාෂි ...අර mission එකේ evidence වල තිබුන ෆෝන් , වොලට් ඔයා චෙක් කලාද...'
'ඔව්..ඒ ටික මම ඊයෙම චෙක් කරල ඇලීට රිපෝට් එක යැව්වා...'
'එයාලගේ කලින් මුකුත් criminal records තිබුනද ..'
'ඔව් තුන්දෙනෙක්ගෙම තිබුනා..prison එකේ ඉඳලා තියනවා..ඔයා ඇලීගෙන් ඉල්ලගෙන බලන්නකො රිපෝට් එකේ in details ඔක්කොම තියනව ..'
'ටාෂි මට ඒක එවන්න පුළුවන් ද..ඇලීත් එක්ක දැන් කතා කරන්න මට බෑ...'
'හරි සරණි.මම එවන්නම් ..'
'Thanks dear..'
ඇලී තමාට පැවසුවේ බොරුවකි. ටාෂි පවසන ආකරයට ඇලීට ඊයෙම රිපෝට් එක යවා ඇත. 'හ්ම්ම් ඇලීත් එක්ක වැඩ කරන්න ගොඩක් අමාරු වෙයි..බලමු..ඒ වගේම මාත් එක්ක වැඩ කරන්නත් ඇලීට ගොඩක් අමාරුවෙයි...' සරණී තමාටම කියාගත්තාය.
තේ බිවූ පසු සරණී කෙලින්ම තමාගේ මේසය වෙත ගියාය. ඒ අතරේ ඇලී ටාෂි සමග කතා කරමින් සිටින අයුරු ඈ දුටුවාය. 'ඇලී ශුවර් එකටම මට වෙන රිපෝට් එකක් යවන්න කියල ටාෂිට කියනව ඇති..'
සසී තවමත් ඔෆිස් එකෙන් එලියේය. සරණිට ඔහුව අමතකව තිබුනි. වහා ඔහුට ඇමතුමක් ගත් ඇය ඔහුට ගෙදර ගොස් රොෂාන් ගේ වැඩ වලට උදව් වන ලෙස පැවසුවාය.
'හරි යන්නෙ නෑ..ඔෆිස් එකේ ඩේටා මට මොන විදියට වෙනස් වෙලා එනවද දන්නෙ නෑ...හ්ම්ම්ම්...හරි....කරමු වැඩක්...' සරණී තනිවම සිතුවාය..'
.............
'හෙලෝ...උඹට මාව මතකද මන්දා....
ඔව් ඔව් ....මතකයි එහෙනම්..
හරි ඕව පස්සෙ කතා කරමු...දැන් කොහේද ඉන්නේ...මට හම්බවෙන්න පුළුවන් ද...
හරි...හවසට...
මම පික් කරන්නම්...උඹ ලෑස්ති වෙලා හිටපන්....'
එදා දවසටම ඇලී සහ සරණී කතා කලේ නැත. ටාෂි සරණිට රිපෝට් එක එව්වේද නැත.
.............
'සසී අපි යමු මහරගමට...මහරගමින් පිළියන්දල පාරට...'
'පිළියන්දල පාර මම දන්නෙ නෑ මැඩම්..'
'මම කියන්නම් පාර...සසී වුෂු කරල තියනව නේද ..'
'ඔව් මැඩම්...'
'සසීගෙ computer knowledge එක කොහොමද ...ඒ කියන්නෙ programming පුළුවන් ද...'
'Java, C#, C++ කරල තියනව ...'
'එතකොට photoshop, coral draw, indisine වගේ ඒව එක්ක වැඩ කරන්න පුළුවන්ද...'
'Indisine කරල නෑ..අනිත් දෙක පුළුවන් මැඩම් ...'
'සසීට hacking පුළුවන් ද...'
'ඉස්සර ලොකු උණක් තිබ්බා මැඩම් ..පස්සෙ අනිත් වැඩත් එක්ක මගඇරුනා...'
'ඒ කියන්නේ ආයේ පටන් ගත්තොත් පුළුවන් නේද...'
'බලමු මැඩම් ...මම උපරිම try එකක් දෙන්නම්...'
...............
'අම්මෝ....සරණී උඹව දැකපු කල්..කොහොමද ..උඹ තව ලස්සන වෙලා...'
'බොරු නැතුව හිටපන් සලා...ඉතින් කියපන් මොකද කරන්නෙ උඹ...'
'උඹ දන්නවනේ...කැම්පස් සිලෙක්ට් උනේ නැති නිසා අනිවාර්යයෙන් ජොබ් එකක් කරන්න ඕනේ...මේ දවස්වල ජොබ් හොයනවා බන්..'
'එහෙනම් වැඩේ හරි කියල හිතාගනින්...මම උඹට ජොබ් එකක් දෙනවා..හැබැයි සලා මුලින් වැඩි ගානක් දෙන්න අමාරුයි ..මම අම්මගෙන් සල්ලි ගන්නෙ නෑ..මම හම්බ කරන ඒවගෙන් තමයි වැඩ කරන්නේ..'
'අම්මෝ...මොකද්ද බන් ජොබ් එක..උඹේ ප්‍රයිවට් සෙකට්‍රි ද...මරු බන්...මම එනවා ...'
'මෝඩියේ...නෑ..උඹට කරන්න වැඩ තියනව ඊට වඩා...උඹට පුළුවන් ද මාත් එක්ක අපේ ගෙදර නැවතිලා ජොබ් එක කරන්න..අඩුම ගානේ සතියට දවස් දෙකක්වත් උඹට රෑත් ඉන්න වෙනවා...'
'මොන ජාතියේ රස්සාවක්ද බන් ඒ...මේ උඹ ලෙස්බි කෙනෙක් එහෙම වෙලා නෑනේ...' සලා මහ හඬින් සිනාසුනාය.
'පලයන් මෝඩියේ යන්න..අහපන්...උඹ කැමතිද එහෙම වැඩ කරන්න...අම්මලගෙනුත් අහපන්..මම ඕනනම් ඇවිල්ලා කතා කරන්නම්...'
'හෝව් හෝව් හිටපන්...කරන්න තියෙන්නේ මොකද්ද කියල දන්නෙත් නෑ...ඉස්සල්ලාම ඒක කියල හිටපන්..'
'සලා..මේක සීරියස් වැඩක්...උඹගේ ආරක්ෂාව ගැන මම සීයට සීයක්ම බලනවා...ඒ ගැන බයවෙන්න එපා...උඹට කරන්න තියෙන්නේ අපි ඕලෙවල් කාලේ ජොලියට කරපු එකක් තව ගොඩක් ඉස්සරහට අරන් යන්න...'
'මොකක්...උඹට පිස්සුද ...මම ඒවා නැවැත්තුවා බන්...ඕව ගස් යන වැඩ...මතකනේ ඒ කාලේ...බේරුනේ අනූ නමයෙන්...මාලන් හිටපු නිසා ගොඩගියා...අනේ....මචන්....මාලන්....'
'හරි බන්...ඔව් මාලන් ගියා..ඒක අපි පොඩ්ඩකට අමතක කරල වැඩේට එමු...සංවේදී උනාම හරියට වැඩ කරගන්න බෑ...මෙහෙමයි උඹ ආයේ ඒක පටන් ගන්නවා..උඹට තව study කරන්න ඕනෙනම්..උඹට ඕන එකක් කියපන්...මම ඔක්කොම ගෙනල්ල දෙන්නම්...මේ පාර අපි ඒක ලොකුවට කරන්නේ....කෝ උඹලගෙ අයියා....'
'අයියා ඩුබායි වල ...කන්ස්ට්‍රක්ශන් සයිට් වල වැඩ කරනවා...සරණි උඹ මොනවද ඒ පාර කරන්න හදන්නේ...අපි දෙන්නා ගස් යන වැඩක් වගේ...හැබැයි උඹලගේ අම්මා ඉන්නවනේ ...බේරෙන්න අමාරු වෙන එකක් නෑ...'
'ඒකනේ මෝඩි...මම කිව්වෙ...මොකද කියන්නේ...හෙටම පටන් ගමුද...'
'බෑ බන් හෙට බෑ...අනිද්දා අවුලක් නැද්ද ..හෙට අම්මත් එක්ක හොස්පිටල් යන්න තියනව ...'
'හරි..මොනව කරන්නද ..අනිද්දා ලෑස්ති වෙලා හිටපන්...ඇඳුම් බෑග් එකකුත් ලෑස්ති කරගෙන වරෙන්...අපේ ගෙදර නැවතිලා ඉන්න...වීකෙන්ඩ් එකේ ගෙදර ගියාම ඇතිනේ...'
'උඹ නම් යකෝ මරාගෙන වැඩ ගන්නද යන්නෙ...කලින් කිව්වෙ සතියකට දවස් දෙකක් නයිට් ඉන්න වෙනව කියල...දැන් අහනවා වීකෙන්ඩ් ගෙදර ගියාම ඇතිද කියලා...'
'අපේ ගෙදර නවතිනවා කියන්නේ හැමදාම මුලු රෑම වැඩකරන්න කියන එක නෙමෙයි මෝඩි...'
'හරි ..උඹ මට කීයක් දෙනවද....'
'ඒවා පස්සෙ බලමු...උඹ ලෑස්ති වෙලා හිටපන්...මේ සිම් එක දාගනින් ෆෝන් එකට ..මට කෝල් කරනකොට ඕකෙන් කතා කරපන්...'
..................
පසුවදා ඇලී, පෙර දිනයේ සිදුවූ දේ පිළිබඳව තමන් කණගාටු වන බව සරණිට පැවසුවාය. ඇලී කොතෙකුත් දේ පැවසුවත් සරණි ඇගේ සිත වෙනස් කරගත්තේ නැත.
ඇලී විසින් සරණිට නව නීති මාලාවක් හඳුන්වා දුන්නාය.
මින්පසු ආයතනයේ දත්ත කිසිවක් ඇලීගේ අවසරයකින් තොරව විමසීම, පරීක්ෂා කිරීම, පාවිච්චි කිරීම කල නොහැකිය.
කාර්‍යාල වේලාවේදී කාර්‍යාලයෙන් පිටතට යනවානම් ඒ පිළිබඳව වාර්ථාවක් දවස අවසානයේ ලබාදිය යුතුය.
මේ ලෙසින් තවත් නීති මාලවක් සරණිට ලබාදෙන ලදී.
'මේකි හදන්නේ මාව වට්ටන්න...මට ජොබ් එක එපාකරවන්න...you cant do that ඇලී...මම ඔයාට ජොබ් එක එපාකරවනවා...අපි බලමු....' සරණි තමාටම කියාගත්තාය.
මේ අතර සරණී තම මවගෙන් තමන්ට ලැබුණු මුදල් වලින් (බැංකු ගිණුමේ තිබූ) කොටසක් රැගෙන නාවල ප්‍රදේශයෙන් කුලියට නිවසක් ලබාගෙන එහි තමන්ගේම ආයතනය ස්ථාපනය කලාය. තම නිවසේ තිබූ රොෂාන් සහ සසී පාවිච්චි කල සියලුම දේ එතැනට ගෙනයන ලදී. නිවස තරමක විශාල එකක් විය. සරණී, සලා, සසී සහ රොෂාන් එකතුව එය ගැලපෙන අන්දමින් සකස් කර ගත්තෝය.
'හරි ළමායි....අපි හෙට ඉඳලා වැඩ කරන්නෙ මෙතන..මේක නිදහස්...වටේට බොඩිගාඩ්ස්ලා නෑ..ඉන්නෙ අපේ සසීයි රොෂානුයි..ඔය දෙන්නා මම නැති වෙලාවට සලාට උපරිම ආරක්ෂාව දෙන්න ඕනේ...'
සරණී නිවස තුලද පිටතද CCTV කැමරා සවිකරගෙන එය තමාගේ ජංගම දුරකතනය මගින්ද නැරඹීමට හැකිවන අයුරින් සකස් කරවා ගත්තාය. ඒ සඳහා ඇයට උදව් ලැබුනේ මාලන්ගේ යහලුවෙකු වූ අනුරුද්ධ මගිනි. CCTV සහ Security Alarm System සෑම එකක්ම සකසා දුන්නේ ඔහු විසිනි.
............................................................................
'ඇලී මම ලෑස්තියි ...එහෙනම් අපි පටන්ගමු ...මුලදි ඔයා ගොඩක් ආස වෙයි මේ සෙල්ලමට..හැබැයි ඔයා ඒකට ඇබ්බැහිවුනාම සෙල්ලම නතරකරගන්න බැරිවෙයි...ගුඩ් ලක් ඇලී...' 

.............................................................................
ඉතිරිය පසුවට

No comments:

Post a Comment

අලකලංචිය - දහහතරවන කොටස

කාමරයේ අගුලු දමා ඔහුව කාමරයේ සිරකොට ඇලී සහ සරණී වහා ඔහුහේ වාහනය වෙත ගියෝය... 'සරණී මම drive කරන්නම්..ඔයා මට ගේට් එක clear කරල දෙන්න...