ඒ සමගම පොලිස් ජීප් රථයක් නලාව නාදකරගෙන ඔවුන් දෙසට එනු පෙනුනි...වහා මන්නය විසිකල මාලන් නැගී සිටියේය..ආයුධ සහිත මිනිසුන්ද වහා තම තමන්ගේ ආයුධ විසි කරනු පෙනුනි..
පොලිස් නිලධාරීන් පැමිණ සිද්දිය ඇසින් දුටුවන්ගෙන් සාක්ෂි ලබාගත්තෝය. සෑම සාක්ෂියක්ම මාලන්ට විරුද්ධව පැවතුනි. සියලු දෙනාම කියා සිටියේ මාලන් බීමතින් පැමින ගමේ මිනිසුන් සමග රණ්ඩුවක පැටලුන බවය. මාලන්ගෙන් කලින් ගුටිකෑ කොල්ලන්ද සාක්ෂි ලබාදුන්නෝය..
'මහත්තයා කරුණාකරල යමු පොලීසියට..' පොලිස් නිලධාරියෙක් පැවසුවේය. මාලන් ඔවුන් සමගද එකට එක කියමින් සියල්ලෝම කියන්නේ බොරු කියා පුන පුනා පැවසුවේය.
ගම්මුන්ද ඝෝෂා කරන්නට පටන් ගත් බැවින් පොලිස් නිලධාරියෙක් මාංචු අතට ගන්නා ලදී...
ඔහුට පැමිණි දුරකතන ඇමතුමක් නිසා මාංචු දැමීම මදකට ප්‍රමාද විය...
ඔහුට පැමිණි දුරකතන ඇමතුමක් නිසා මාංචු දැමීම මදකට ප්‍රමාද විය...
'යර්ස් සර්...අපි දැනගෙන හිටියෙ නෑ සර්....ඕකේ සර්...දැන්මම කරනවා සර්...'
පොලිස් නිලධාරීයා මාලන් දෙසට හැරී සැලියුට් කර..
'වෙරි සොරි සර්...අපි දැනගෙන හිටියෙ නෑ...සර්ලා දැන් යන්න..අපි ඕනෙනම් සිකියුරිට් එක දෙන්නම්...'
'වෙරි සොරි සර්...අපි දැනගෙන හිටියෙ නෑ...සර්ලා දැන් යන්න..අපි ඕනෙනම් සිකියුරිට් එක දෙන්නම්...'
පොලිස් නිලධාරීයා දෙකට තුනට නැමී යටහත් පහත්ව පැවසීය...
මාලන් පිටුපස හැරී වාහනය තුල සිටි සරණි දෙස බැලුවේය. ඇය මද සිනහවක් නංවාගෙන සිටියාය..
මාලන් පිටුපස හැරී වාහනය තුල සිටි සරණි දෙස බැලුවේය. ඇය මද සිනහවක් නංවාගෙන සිටියාය..
'මං මේ කතාකරන්නෙ මේ ගමේ මිනිස්සුන්ට ...උඹලා එකක් මතක තියා ගනිල්ලා..පිටින් එන අයට සලකන්න පුරුදු වෙයල්ලා..ආයෙ මට මෙහේ ඇවිල්ලා උඹලට මේ ටික කියන්න ඉඩ තියන්න එපා...'
මාලන් ගේ ඒ වචන හමුවේ සියල්ලෝම සිංහයෙකු ඉදිරියෙන් සිටිනා සිඟාල රංචුවක් පරිද්දෙන් නිහඬව බයාදු වූවෝය...
'හරි සාජන් ...තැන්ක් යූ..අපි එහෙනම් ගිහිල්ලා එන්නම්...' පවසා මාලන් රථයට නැගුනේය..
රථයට නැගුන මාලන් සරණි දෙස බලා විසුලු සිනාවක් පෑවේය.
'ජීප් එක ආවෙ නැත්නම් ඔයා අරූට මන්නෙන් කොටන්නද හැදුවේ...'
'අනිවාර්‍යයෙන් ..කොටනවා ආයේ දෙකක් නෑ..ඒහෙම නොකල නම් කඩුව අරන් එන එකාට අපි චාන්ස් එකක් දුන්න වෙනවා..වලියක් පටන් ගත්තම චාන්ස් දීමක් නෑ ...මතකනේ ...එහෙමනේ අපිට උගන්නල තියෙන්නේ...'
සරණි හිස සැලුවාය...රථය පනගැන්වූ මාලන් කිසිවකු ගනන් නොගෙන වාහනය පදවාගෙන ඉදිරියට ගියේය.
'අද ඉවරයි ඉතින් ..අම්මගෙ දේශනාව අහන් ඉන්න වෙනවා...'
'ඕක මොකෝ අලුතෙන් අහන එකක් යැ..මම තමුසෙව ගේට්ටුව ලඟින් දාලා යන්නම්...'
'ඔක්කොම බැනුම් මට අස්සවන්නද හදන්නේ..ගුටි කන්නෙ නැතුව එනව යන්න මාත් එක්කම...'
මාලන් සිනාසුනේය.
'ඒක නෙමේ ..මට බඩගිනියි ..කොහෙන් හරි කාලා යමු...'
'මට රයිස් ඇන්ඩ් කරි කන්න ඕනේ..'
යන අතරමග කඩයකින් කෑම කා ඔවුන් කෙලින්ම ගියේ නිවසටයි..
.....
'මාලන්....හරි ශෝක්...තව පොඩ්ඩෙන් කඩු පාරක් කාලා එන්න වෙන්නෙ..මොකද්ද කේස් එක..'
'නෑ ආන්ටි මේ...දන්නෙ නැද්ද....'
'කොල්ලො ටිකක් මට අනම් මනම් කිව්වා..ඒකට මාලන්ට තරහ ගියා..'
'කොල්ලොන්ටත් නලියන්න ඇති...උඹ ඇඳන් ඉන්න ඒවා බලල...හ්ම්ම්..මාලන් අනිත් දවසෙවත් වලි දාගන්නෙ නැතුව තමන් කවුද කියල කියනව වලියට එන උන්ට...'
'එහෙම ඕනෙ නෑ...මට පුළුවන් situation handle කරන්න...'
'ඔව් ඔව් ...උඹ නම් බක පණ්ඩිතයෙක්ම තමයි..අපේ කෙල්ල කියනව හරි...'
'ඇද්ද තමුසෙට...ඇති යන්තම් අම්මටත් තේරුනා..' සරණි සමච්චලයට මෙන් කීවාය.
'මාලන්....'
'ඔව් ආන්ටි...'
'ගෙදර ගිහිල්ලා ඔෆිස් ඇඳුමුයි ගෙදරට අඳින ඇඳුමුයි අරන් මෙහෙට එන්න..ඔයා ඔෆිස් යන්නෙ මෙහේ ඉඳලා..'
'ආන්ටී...'
'I told you once..' (මම එකපාරක් කිව්වා)
'Ok ආන්ටී...'
සරණී තම මවට නොපෙනෙන්නට මාලන්ට කට ඇදකර විහිලු කලාය. මාලන් එය නොදැක්කා සේ ඉඳින්නට වෙර දරද්දී ඈ තව තවත් මාලන්ට පෙනෙන්නට උසුලු විසුලු කලාය.
................
'ඒයි නැගිටිනවා..අද ඔෆිස් යන දවස..නැගිටිනවා..' සරණි, මාලන්ගේ කකුලේ මහපටෑඟිල්ලෙන් අල්ලා ඇද සෙලෙව්ව්වාය.
'ඊයා ලැජ්ජ නැද්ද ඕයි කොල්ලොන්ගේ කාමර වලට එන්න නිදාගෙන ඉන්න වෙලාවට...මම ඇහැරලා හිටියේ..'
'ඇයි මොකෝ ඇඳුම් නැතුවද නිදාගන්නේ..හරි ඉතින් මම ශීට් එකෙන් ඇද්දෙ නෑනේ..මම නම් මූන හෝදලත් එක්ක...ඉක්මනට ගිහිල්ලා මූණ හෝදගෙන එනවා.'
මාලන් මුහුණ සෝදාගෙන රැවුල කපාගෙන කණ්නඩියෙන් තම මුහුණ දෙස බැලුවේය...අද අම්මා ලඟ සිටියානම් ඇය සෑහෙන සතුටු වනු ඇත. ඇය අක්කා ලඟ සතුටින් සිටින නිසා මාලන්ට දුකක් ඇතිවූයේ නැත. ඔහු කාමරයට ගොස් බලද්දී ඔහුගේ ඇඳුම් අයන් කර තිබුනි. අනිවාර්යයෙන් සරණි විය යුතුය...ඔහු ඇඳුම් ඇඳගෙන ටයි පටියද රැගෙන කාමරයෙන් එලියට පැමිනියේය.
'එනවා ටයි එක දාන්න...'
'හා..හරියට දානවා හොඳේ...'
'ඒයි..ඉන්නවකෝ බෙල්ල හොල්ලන්නෙ නැතුව....මාලන්....,
'ඕ...'
'අද තමුසෙ මාර හැන්ඩ්සම්...මට ඉරිසියයි ඕයි...'
'ඒ මොකටද ඉරිසියා...'
'තමුසෙව ඔෆිස් එකේ කෙල්ලො අල්ලගනීවී...'
'කිසිම කෙල්ලෙක්ට මාව අල්ලන්න බෑ ස්වීටී..dont worry..'
මාලන් සරණිගේ නලලට හාදුවක් දෙමින් පැවසුවේය..
'මාලන්.....' ඒ හඬ මාලනී ගේය.
'අම්ම කතාකරනව..යමු ...'
ඔවුන් යනවිට මාලනී කෑම මේසය සකස්කොට තිබුනි. කිරිබත්, ලූනු තෙල් දැමූ හාල්මැස්සො........
ඒ මාලන්ගේ ප්‍රියතම ආහාරයයි...කිරිබත් කෙසේවෙතත් හාල්මැස්සන් බැදුමට මාලන් බොහෝසේ ප්‍රිය කලේය.
ඒ මාලන්ගේ ප්‍රියතම ආහාරයයි...කිරිබත් කෙසේවෙතත් හාල්මැස්සන් බැදුමට මාලන් බොහෝසේ ප්‍රිය කලේය.
'වාඩිවෙන්න දෙන්නම...මගේම අතින් හැදුවෙ..අද මාලන් ඔෆිස් යන පළවෙනි දවස .. this is a new beginning...so we all enjoy..'
තිදෙනා මේසයේ වාඩිගත්තෝය. මාලනී කෑමට පෙර දෙවියන් යදින්නට වූවාය...
ඉන් පසුව නැගිට ගොස් මාලන්ට කිරිබත් කැබැල්ලක් පිඟානට බෙදා එය යලි තමතට රැගෙන මාලන්ට කැව්වාය...මාලන් නැගී සිටියේය.
'තෑන්කියු ආන්ටි...'
'අම්ම කෝ මට...'
'ඇයි උඹත් අලුත් ජොබ් එකකට යනවද ..'
'මේ අම්මා ....ඇත්තටම මාත් මාලන් එක්ක යනවා...කමක් නෑනේ...පළවෙනි දවසෙනේ...කොල්ලා මොනව කරගනීද දන්නෙ නෑ..මමත් ගිහිල්ලා එයා ඕෆ් වෙනකොට අරන්ම එන්නම්...'
'එහෙනම් කකා ඉන්නෙ නැතුව ගිහිල්ලා ලෑස්ති වෙයන්...පිළිවෙලකට ඇඳුමක් ඇඳගනින්...නැත්නම් මූට අදත් කාත් එක්ක හරි ගුටි කෙලගන්න වෙන්නේ...'
මාලන්, මාලනීට දණගසා වැන්දාය...
'Thank you aunty...ඔයා මගේ අම්මා..මාව මතක ඇති කාලේ ඉඳල හැදුවෙ ඔයා..හැමදෙයක්ම ඉගෙන ගත්තෙ ඔයාගෙන්...ජීවිතේ බය කියනදේ නැති කරාට තෑන්ක්ස්...ඒක නිසා ඕනම දෙයක් කරන්න පුළුවන් මට...ඕනම දෙයක්...that is the most precious gift that I ever had in my life..'
'Thank you aunty...ඔයා මගේ අම්මා..මාව මතක ඇති කාලේ ඉඳල හැදුවෙ ඔයා..හැමදෙයක්ම ඉගෙන ගත්තෙ ඔයාගෙන්...ජීවිතේ බය කියනදේ නැති කරාට තෑන්ක්ස්...ඒක නිසා ඕනම දෙයක් කරන්න පුළුවන් මට...ඕනම දෙයක්...that is the most precious gift that I ever had in my life..'
කිසිත් නොකී මාලනී ඔහුගේ ඔලුව අතගා වැලඳගත්තාය...
'එන්න එන්න මගේ හග් එක දැන්...මම තමුසෙ තමුසෙ කිව්වට ඔයා තමයි මගේ ජීවිතේ ඉන්න වටිනම පිරිමියා..අම්මට පස්සෙ වැඩියෙන්ම රෙස්පෙක්ට් කරන කෙනා..උම්ම්මා..'
සරණි ඔහුව වැලඳගත්තාය. මාලනී ඒ දෙස සතුටින් බලාගෙන සිටියාය.
මාලන් රථය පදවාගෙන ගියේය.
'මාලන්...ඔෆිස් එකේ වලි දාගන්න එපා හොඳේ...'
'මොකෝ බයද ...මම ජොබ් එක නැතිකරගනී කියල...
'නෑ නෑ..කල්පනාවෙන් වැඩ කරනවකෝ...මාලන් බැරිවෙලාවත් අද ඔයාට ෆීල්ඩ් යන්න ඕන වුනොත් මට කෝල් කරන්න..නැත්නම් ඔයාට යන්න වෙහිකල් එකක් නෑනේ මම මේකෙන් රවුම් ගහනකොට..'
'හා..හැබැයි අද ගොඩක් වෙලාවට යන්න නැතිවෙයි..මොකද ට්‍රේනින් එකක් තියෙයි..'
ඔෆිස් එක ලඟදී මාලන් රථයෙන් බැසගත් විට සරණිද පැමිණ ඔහුව වැලඳගෙන සුභපැතුවාය..ඇයගේ නලලට හාදුවක් දුන් මාලන් විදුලි සෝපානය දෙසට ගමන් කලේය..
......
මාලන් ඇතුලට යද්දී සුරූපී තරුණියක් පැමින ඔහු හා සිනාසුනාය..
'Good morning Mr Gunathilake ..Im Alessandra..call me Alee..'
'Good morning Mr Gunathilake ..Im Alessandra..call me Alee..'
'Good morning Alee ..you can call me Marlon ..'
'Ahh ..ok...Marlon please come with me..'
ඇලී, මාලන්ව ගෙන ගියේ ඔවුන්ගේ ප්‍රධානියා වෙතටයි. ප්‍රධානියා නමින් නුවන් වරුසවිතානයි. ඔහු සිටියේ ඔහුටම වෙන්වූ කුඩා කාමරයකයි. ඔහුගේ මේසය මත කිසිම දෙයක් තිබුනේ නැත. මේසයට දකුණු පසින් තට්ටු හයක කබඩ් එක්කද කාමරයේ එක් මුල්ලකට වන්නට වතුර ෆිල්ටරයක්ද ඇත. නුවන් විසින් මාලන්ව පිලිගෙන ඔහුට ආයතනයේ කලමණාකරන ධූරාවලිය ගැන දල අදහසක් ලබාදෙන ලදී.
'එතකොට ඒ ටික මාලන්ට පැහැදිලි ඇතිනේ...මේ ඇලී තමයි මාලන්ගේ ඩිරෙක්ට් බොස් වෙන්නේ..ඇලී රිපෝට් කරන්නෙ මට...මාලන්ගේ අසයින්මන්ට් ඔක්කොම දෙන්නේ ඇලී...'
මාලන් ඇලී දෙස බලා සිනාසුනේය. ඇයද පෙරලා සිනාසුනාය.
'මාලන් දිගටම කන්ටෑක්ස් තියාගන්නෙ ඇලීත් එක්ක..මම ඉන්ටෆියර් වෙන්නෙ නෑ.. මට එන ඔක්කොම output ඇලී through එයි..එහෙනම් all the best young man..'
'Thank you sir...'
'මෙහේ සර්ලා මැඩම්ලා නෑ මාලන්..නමින් කතා කරන්න ..thats ok..we have equal opportunities..'
'Ok නුවන්...thank you'
'You are welcome....'
මාලන්ට ලැබුනේ ඇලීගේ කාමරයේම කොටසක ඩෙස් එකකි.
ඇලීගේ මේසය මතනම් එක් පසෙක ෆයිල් කිහිපයක් තිබෙනු පෙනුනි. ඇලී මාලන්ට වාඩිවෙන්න යයි පවසා කබඩ් එකෙන් ෆයිල් කිහිපයක් ගෙන ඒවා පිරික්සන්නට වූවාය. ඒ අතරම වටපිට බලමින් සිටි මාලන් සමග ඇය කතාවට වැටුනාය.
ඇලීගේ මේසය මතනම් එක් පසෙක ෆයිල් කිහිපයක් තිබෙනු පෙනුනි. ඇලී මාලන්ට වාඩිවෙන්න යයි පවසා කබඩ් එකෙන් ෆයිල් කිහිපයක් ගෙන ඒවා පිරික්සන්නට වූවාය. ඒ අතරම වටපිට බලමින් සිටි මාලන් සමග ඇය කතාවට වැටුනාය.
'කොහොමද මාලන් තැන හොඳයිද?'
'අහ්හ්...හොඳයි ඇලී..'
'ඔයාගේ පවුලේ විස්තර ඔක්කොම අපි දන්නවා...අද උදේ ඔයත් එක්ක ආවේ girl friend ද?..'
'එයා මගේ හොඳම යාලුවා..'
'මොකද්ද එයාගෙ නම..'
'සරණි..'
'ලස්සන නමක්...හරි මම මේ නිකන් ඇහුවේ හොඳේ..'
'අහ් කමක් නෑ ඇලී...'
ඇය ෆයිල් කිහිපයක් ගෙන මාලන්ට කලයුතු වැඩ පිළිබඳව පැහැදිලි කලාය. මාලන්ගේ ලැප්ටොප් එක රැගෙන එහි තිබූ සොෆ්ට්වෙයාර්ස් පිළිබඳවත් මනා පැහැදිලි කිරීමක් කරනු ලැබීය.
'ඔයා දන්නවනෙ මාලන්..මේක ටික්ක් රිස්ක් ජොබ් එකක්..ඕනම දෙයක් මට කියන්න..මොකක් හරි difficult situation එකක් ආවොත් ඉක්මනට මාව කන්ටෑක් කරන්න..අපි දුන්න වොච් එක ගලවන්න එපා..ඒකෙන් තමයි ඔයාව අපි ට්‍රැක් කර ගන්නේ..'
'ඇලී...මම ෆීල්ඩ් එකේ ඉන්නකොට මගේ පර්සනල් දේවල් කරගන්න පුළුවන් ද..'
'මොනවගේ දේවල් ද...ජොබ් එකට අවුලක් වෙන්නෙ නැති ඕන දෙයක් ඕකේ..හැබැයි මම දෙන ජොබ් වල ටයිම් ලයින් හරියට මීට් කරන්න වෙනවා...ඔයා හැමදාම ඔෆිස් එන්නෙ වෙහිකල් එකේද...හැබැයි ඔයාගේ යාලුවා ඒක අරන් යනවද...'
'නෑ ..අද විතරයි එයා අරන් යන්නේ..'
'මාලන්ට ඕනෙනම් අපිට පුළුවන් බයික් එකක් දෙන්න...'
'නෑ ඇලී මට බයික් එකක් තියනව ..ඒත් මම වෙහිකල් එකේ තමයි එන්නේ..'
'හොඳයි ඒකේ ගැටලුවක් නෑ..හැබැයි සමහර තැන් වලට යනකොට බයික් එක ලේසි..ඒ වගේ වෙලාවට බයික් එක පාවිච්චි කරන්න...කොහොමත් වැඩේ කරනකොට ඔයාට තේරෙයි..'
'ඔව් අපි එන විදියට බලමු ඇලී...'
'ඔයා ලන්ච් එක ගෙනාවද ...නැත්නම් එලියෙන්ද කන්නෙ..'
'මම ගෙදරින් ගෙනාවා..'
'ඔයා තනියම උයාගන්නවද..'
'නෑ නෑ ආන්ටි හදල දුන්නේ..මේ දවස්වල මම ඉන්නෙ ආන්ටිලගේ ගෙදර ..'
'අහ්හ්...එහෙමද ..'
............
දිනය පුරාවට මාලන් ඇලීගෙන් සියලු වැඩ ගැනත් අපහසු අවස්තා වලට මුහුණ දෙන ආකාරය ගැනත් දැනුවත් වූවේය. වැඩ අවසන් වූ පසුව මාලන් සමගම ඇලීද එලියට පැමිණියාය. ඒ වන විට සරණි වාහනය නවතාගෙන මාලන් එනතුරු බලා සිටිනු පෙනුනි.
ඇලී, මාලන්ව වැලඳගෙන ඔහුට සමුදුන්නාය. මාලන් ඇවිද ගොස් වාහනයට නගිද්දීත් ඈ..
'සී යූ මාලන්...බායි...' යනුවෙන් කෑගැසුවාය.
'සී යූ මාලන්...බායි...' යනුවෙන් කෑගැසුවාය.
'කවුද ඒ සක්කරවට්ටම ..' සරණි නුරුස්නා ස්වරූපයකින් ඇසුවාය.
'ඒ මගේ බොස්...'
'බොස්..මරු බොස්ලා...ඒකිනම් ගානට වැඩී...'
'තමුසෙට ජෙල නේද ..එයාගෙ නම ඇලී..'
'හා..ඇත්තද ...ඒක තමයි ඇලී ගැලී ඉන්න හදන්නේ...'
'හරි හරි අම්මෝ....අපි මොනාහරි බීලා යන්ද...'
'ඇයි ඔය ඇලී ගැලී දුන්නෙ නැද්ද මොනවත් බොන්න...'
මාලන්ට සිනහව නවත්වාගත නොහැකි විය.
'තමුසෙටනම් පිස්සු ...ඔය ඉස්සරහින් නවත්තමු...ෆෘට් ජූස් එකක් බීලා යමු..'
.................
ඊලඟ දිනයේ මාලන් ගියේ තනිවමය. එය ඔහුගේ රාජකාරී මට්ටමෙන් පළමු දිනය විය. ඔහුට ලැබී තිබුන ප්‍රථම රාජකාරිය වූයේ අයුතු ලෙස මුදල් උපයන පුද්ගලයෙක් ගැන සොයා වාර්ථාවක් ලබා දීමටයි.
එම පුද්ගලයා සාමාන්‍ය තේ කඩයක් පවත්වාගෙන යන අයෙකි. නමුත් ඔහුගේ වියදම් හා සසඳන කල එවැනි මුදල් ප්‍රමාණයක් තේ කඩයෙන් ලැබීම පිළිගත නොහැක. ඔහුගේ ක්‍රෙඩිට් කාඩ් වල ගණුදෙනු පිළිබඳ විස්තර ඔහුට ලබාදී තිබූ මෘදුකාංග නැතහොත් සොෆ්ට්වෙයා එකක් මගින් ලබාගත හැකිය.
බොහෝදෙනා නොදන්නා කරුණක් වුවද, අප සෑම දෙනෙකුගේම බැංකු ගිණුම් වල ගණුදෙනු සියල්ලක්ම පාහේ වෙනමම කණ්ඩායමක් විසින් අධීක්ෂණය කරනු ලබයි. බැංකුවල ඔවුන්ගේ ගණුදෙනුකරුවන්ගේ සියලු ආදායම් විස්තර සහ වත්කම් පිළිබඳ තොරතුරු ඇත. ඔබ වැඩි සැලකිල්ලක් යොමු නොකලද බැංකු ගිණුමක් ආරම්බ කිරීමේදී මේ සියලු විස්තර ඔබ ඔවුනට ලබාදේ. බොහෝවිට ඒවාට පිළිගතහැකි ලේකන මගින් සාක්ෂි ද ඔබ ඉදිරිපත් කරයි.
ඔබගේ ගිණුම් අධීක්ෂණයේදී යම්කිසි සැකකටයුතු හෝ අස්වාභාවික ගණුදෙනුවක් හෝ කිහිපයක් දුටු විට ඔවුන් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි. එහිදී ඔබ යම්කිසි නීති විරෝධී කටයුත්තකින් මුදල් උපයාගෙන ඇති බව හෝ ඔබ එවැනි නීති විරෝධී කටයුත්තකට මුදල් යොමුකර ඇති බව ඔවුනට ඒත්තු ගියහොත් ඔවුන් ඒ පිළිබඳ වාර්ථාවක් මහ බැංකුව වෙත යොමු කරයි.
මහබැංකුව ඒ පිළිබඳව වැඩිදුර සොයාගැනීම ඔවුන්ගේ කණ්ඩායමක් හෝ පෞද්ගලික ආයතනයක් ලවා සිදුකර ගනිති. මාලන් දැන් සිදුකරන්නේ ඒ කටයුත්තයි...මාලන් තමා සොයාගන්නා කරුණු ඇලීට යොමුකරන අතර එය නුවන්ගේ අනුමැතිය ඇතිව මහ බැංකුවට හෝ අපරාද විමර්ශන අංශය වෙත යොමුකරනු ලබයි.
සමහර විටක මාලන්හට අදාල පුද්ගලයන් ලුහුබැඳීම පවා සිදුකිරීමට සිදුවේ. සමහර අවස්ථා වලදී ඇලීද මාලන් සමග එකතුවේ. පිටරට චිත්‍රපටවල මෙවැනි පුද්ගලික රහස් පරීක්ෂණයන් අප කොතෙකුත් දැක තිබුනද ලංකාවේ එවැනි අය සිටිනවාද යන්නවත් බොහෝ දෙනෙකු නොදනී.
...........
තේකඩයේ අයිතිකරුගේ වියදම් ගැන අවබෝදයක් ලබාගත් මාලන් ඔහුගේ නිවස සහ නෑදෑයින් පිළිබඳව සොයන්නට වූවේය. මාලන්ට ලැබුන තොරතුරු වලට අනුව කඩ හිමියාට නිවෙස් දෙකක් ඇති අතර එකක් සුකෝපභෝගී නිවසකි. එහි වටිනාකම කෝටි ගනනක් විය හැකිය.
'මාලන් අපි බලන්න ඕනේ මෑන්ස්ට මොනවහරි inheritance (පරම්පරාවෙන් ලැබෙන උරුමයන්) තියනවද කියල...මොකද ඔය කියන විදියට ගේ හදලා තියෙන්නෙ ලඟදි...තේ කඩෙන් ලැබෙන profit එකෙන් මේක හදන්න තියා හිතන්නවත් බෑ...'
'ඔව් මිනිහා බෑන්ක් ලෝන්ස් එහෙම අරගෙනත් නෑ...මම චෙක් කරල බැලුවා නෑදෑයො ගැන...යමක් කමක් තියන නෑයො කවුරුත් නෑ...හැබැයි මිනිහා ආශ්‍රය කරන අය අතරේ දෙතුන් දෙනෙක් ගැන සැකයි...'
'ඒ මොකද ඒ....'
'උන් එන්නේ ලොරි වලින් ..මම දැක්ක විදියට එලවලු ලොරි...තේ කඩේට උන් තේ බොන්නම එනවා කියල හිතන්න අමාරුයි ..'
'අපි strong evidence (බලවත් සාක්ෂි) හොයාගන්න ඕනේ...නැතුව අපිට උන්ගේ ලොරි චෙක් කරන්න වොරන්ට් එකක් ගන්න බෑ...තේරුණාද මාලන්..'
'ඔව්...ඇලී කියපු inheritance ගැනත් මම හොයල බලන්නම්..'
.................
තේ කඩයට එලවලු ලොරිය එන මොහොතක මාලන් තේ කඩයේ තේකක් බොමින් සිටියේය. ලොරියෙන් බැසගත් ගෝලයා කඩ හිමිකරු වෙත පැමින ඉටි බෑගයක් ලබාදී 'මුදලාලි තේ දෙකක් දාන්න..' යැයි පැවසීය. ඉටි බෑගයේ තිබුනේ මොනවාද..යන්න මාලන්ට දැඩි ප්‍රශ්නයකි. අසුනින් නැගිටුනු මාලන් කඩ හිමියාට මුදල් ලබාදී ලොරිය දෙසට ගියේය.
ලොරිය පිටුපස කොටස විවෘත කර තිබුන නිසා එහි ඇත්තේ එලවලු බවට සැකයක් නැත. නමුත් මේ අතර කුමක් හෝ යමක් සඟවා තිබිය හැකිය. මාලන් තවත් ලංවී ලොරිය හොඳින් පරීක්ෂා කරන්නට වූවේය.
'මොනවද මහත්තයා හොයන්නේ...'
මාලන් වෙනසක් නොපෙන්වා ඒ හඬ පැමිනි දෙස නොබලාම පිළිතුරු දෙන්නට විය.
මාලන් වෙනසක් නොපෙන්වා ඒ හඬ පැමිනි දෙස නොබලාම පිළිතුරු දෙන්නට විය.
'මුරුංගා එහෙම නැද්ද ...'
'ඕව තොග විකුණන්න තියෙන්නේ මහත්තයා..මුරුංගා නෑ...මේ කාලේ කොහොමත් හොයාගන්න නෑ...'
'කොහෙන්ද මේ එලවලු ගේන්නේ...'
'දඹුල්ලෙන් ගේන්නේ...අපි යනවා මහත්තයා එහෙනම්...'
ඔවුන් ලොරිය පනගන්වා පිටත්ව ගියෝය. මාලන් නැවත තේ කඩයට ඇතුලුවිය. කඩ හිමිකරු කැශියර් එකේ නොසිටි හෙයින් ඔහු වටපිට බලා කැශියර් එක ලඟට ගොස් ඒ අසල ඉටි බෑගය සොයන්නට විය. ඒ අවට බිමද එය නොතිබූ අතර ලාච්චුව ඇරබැලූ ඔහුට එය තුලද ඉටි බෑගය සොයාගත නොහැකිවිය..
'ඉලන්දාරියා මේකද හොයන්නේ....'
ඉටි බෑගය උස්සාගෙන සිටි කඩ හිමියා මාලන් දෙස තියුනු බැල්මක් හෙලමින් පැවසීය...
ඉටි බෑගය උස්සාගෙන සිටි කඩ හිමියා මාලන් දෙස තියුනු බැල්මක් හෙලමින් පැවසීය...
ඉතිරිය පසුවට

No comments:
Post a Comment