Monday, April 20, 2020

අලකලංචිය - හත්වන කොටස

ඒ දැක මාලන් තරමක් සලිත වුනත් එය සඟවා ගැනීමේ අසීරු උත්සාහයක ඔහු නිරතවිය..
'නෑ මුදලාලි මගේ අතින් දහයෙ කාසියක් මේ පැත්තට විසිවෙලා ගියා..ඒකයි බැලුවෙ..'
'ඒ දහයෙ කාසිය මගේ ලාච්චුවට විසිවෙලා යන්න විදියක් නෑ නේද ...උඹ කවුද කියල කියපන්...'
අනිත් අතින් පිස්ටල් එකක් ගත් ඔහු එය අත පහතට කර මාලන්ගේ කකුල මත තැබීය.
'මම ..මම ..නිකන්..තේ බොන්න ආවේ...'
බොරු ගොතයක් ගසමින් මාලන් පැවසුවේය.
'ඇත්ත කියපන්...කවුද උඹව එව්වෙ..මෙහාට ගනින් උඹේ අයිඩී එක..'
මාලන් ඔහුගේ හැඳුනුම්පත කඩ හිමියා වෙත ලබා දුන්නේය. එය හොඳින් බලා
'උඹ මොකද කොල්ලො මෙහෙ කරන්නේ..උඹේ නැන්දා මාලනී මැඩම් නේද ...' යි ඇසුවේය.
එවෙලේම ඔහු තුවක්කුව ඉවතට ගන්නා ලදී.
'මගේ යාලුවෙක්ගෙ පොඩි වැඩකට ආවෙ අන්කල්...එන ගමන් නිකන් තේකක් බොන්න සෙට්වුනේ..ඉතින් අන්කල්ට ඔය බැග් එක්ක දුන්න එක මම බලාගෙන හිටියේ...ඒකෙ පොඩි අවුලක් වගේ හිතුන නිසයි මම බැලුවේ..'
'උඹට ඕනෙනැති එවට අත නොදා හිටපන් ඉලන්දාරියා ..තව පොඩ්ඩෙන් මම උඹට තියනවා..'
'මොනවද අන්කල් ඒ පාර්සලේ...සල්ලිද ..නැත්නම් කුඩුද..'
'උඹට ඒවා ඕනේ නෑ..උඹ පාඩුවේ දැන් පලයන්...උඹ මෙහෙදි මොනවත් දැක්කෙත් නෑ...මෙහෙ ආවෙත් නෑ...'
අනිවාර්යයෙන් මෙතැන කුඩු ජාවාරමක් තිබෙන බව පැහැදිලිය. නමුත් තමා වැඩේ අනාගත්තා නොවේදැයි මාලන් සිතුවේය. මාලන් මේ පිළිබඳව ඇලීට සියලු විස්තර පැවසුවේය .
'මම නාගත්තා නේද ඇලී...'
'Cmon Dont be so negative...මේ ඔයාගෙ first assignment එක..අපි මේකේ වෙන කොනක් අල්ලගමු..'
'Thanks Alee...මොකද අපි කරන්නේ..'
දෙදෙනා එක්ව කුමක් කලයුතුද යන්න පිළිබඳව සාකච්ඡා කලෝය. ඇලී හා කතාබහෙන් ඇය විශයෙහි බොහෝ ඇසූපිරූ තැන් ඇති අයෙක් බව මාලන්ට වැටහී තිබුනි. ඇය ලෙහෙසියෙන් කලබල වන තැනැත්තියක නොවේ. මනා ඉවසීමකින් යුතු ඇය නිතරම රූප සටහන් භාවිතයෙන් තත්වයන් පැහැදිලි කරයි...ඇයගේ උපායන් පවා ඈ විස්තර කරන්නේ රූප සටහන් හරහාය.
............
'මාලන්..උඹ කොහේද අර තේ කඩයකට ගිහිල්ලා පිස්සුවක් කරල තියෙන්නේ...' මාලනී නුරුස්නා ස්වරූපයකින් ඇසුවාය.
'මම නිකන් ගියේ...'
'ඒ පැත්තෙ යන්න තියෙන උවමනාව මොකද්ද ..'
'නෑ මගේ යාලුවෙක් ඒ පැත්තට එනවා කිව්වා...'
'මට බොරු කරන්න එපා..උඹ එන ලයින් එක මට අල්ලන්නෙ නෑ...මම කිව්ව නේද පුතෝ කලින්ම...මගේ වැඩවලට interfere වෙන්න එපා..'
'හරි ආන්ටි...එහෙම එකක් නෙමේ...Im sorry..'
'හරි බලමුකෝ...වැඩ කරද්දි පොඩ්ඩක් පරිස්සමෙන් ..උඹව ගොඩක් තැන්වල අඳුරනවා..'
.................
'මේ තමුසෙගේ අර ඇලී ගැලී කොහොමද ..මට ආසයි එයාව හම්බවෙන්න..'
'ඒ මොන මගුලකටද....'
'නෑ ඉතින් දැනගෙන හිටියම හොඳයිනේ..හොඳ කෙල්ලෙක්ද කියල කවුද දන්නෙ..යාලුවෙක් කරගෙන හිටියම හොඳයි...'
'ඒ මගේ බොස්...යාලුවෙක් නෙමේ..අපි අතරෙ එහෙම යාලුවො කියල රිලේශන්ෂිප් එකක් නෑ..එයා බොස් මම එයාට රිපෝට් කරනවා..'
'එතකොට ඔය දෙන්න කන්නෙ එකට නෙමෙයිද ..'
'සමහර වෙලාවට එකට කනවා..ගොඩක් වෙලාවට මම එලියට යන නිසා මට කැවෙන්නෙ එලියෙදි...'
'කෝකටත් එයාව දැනගෙන ඉන්න එක හොඳයි ..මට එයාව introduce කරල දෙනවද..'
'Sure..no problem ..'
'හීහී...ඔයා ගැන මම බලන්නෙ නැතුව වෙන කවුරු බලන්නද...'
'මරුම එක්කෙනා මන් ගැන බලන්නේ..අනේ සුදු මට අයිස් කොෆි එකක් හදල දෙනවකෝ...'
'එහෙනම් එනවා මාත් එක්ක යන්න..මට තනියෙන් හදන්න කම්මැලියි...' සරණි ඔහුව ඇදගෙන මුලුතැන්ගෙය දෙසට ගියාය.
..............
'ඇලී ඔයාට මතකයි නේද මගේ යාලුවා සරණි...'
'ඔව් මට මතකයි..'
'එයා කැමතියිලු ඔයාව මීට් වෙලා අඳුනගන්න..'
'ෂා ..good idea..මාත් ආසයි අපේ කොල්ලගේ best friend ව මීට් වෙන්න..අපි තුන්දෙනා එලියට යමු එහෙනම් ෆ්‍රී වෙලාවක..නයිට් අවුට් එකක්...'
'That sounds good...අපේ සෙකන්ඩ් කේස් එක ගැන ඔයා කියනව කිව්ව නේද ඇලී..'
'ඔව්..මේකනම් පොඩ්ඩක් සීරියස් කේස් එකක්..නුවන් මට කිව්ව ඔයාව දැම්ම ඔයවගේ ඒවට දාන්න එපා කියලත්...ඒත් කවද උනත් ඔය experience ගන්න වෙනවා..sooner the better..so I took my decision..you are in' (මම මගේ තීරණය ගත්තා. ඔබ මේකට සහභාගී කරගන්න)
'Thanks Alee. I wont fail you again..' (මම නිසා නැවත ඔබට පරාද වෙන්න දෙන්නෙ නෑ ආයෙත්)
'Good..මාලන්...මේක අපි පොලීසියත් එක්ක එකතුවෙලා කරන mission එකක්..drug dealer කෙනෙක් කොටු කරගන්න..අපි දෙන්න මෙතනදි spy ලා (ඔත්තුකරුවන්) විදියට වැඩකරන්නේ..ඔයා පිස්ටල් හැන්ඩ්ල් කරන්න දන්නවනේ..'
'ඇලී...ඔයා කොහොමද කියන්නෙ මම පිස්ටල් හැන්ඩ්ල් කරන්න දන්නව කියල'
'I know everything about you Marlon ..එහෙම නැතුව ඔයාව recruit කරයි කියල හිතුවද මේ වගේ position එකකට..'
'හ්ම්ම්...එතකොට ඔයාද මාව select කලේ...'
'ඒකට මම මෙහෙම උත්තර දෙන්නම්කෝ...මගේ employee ව select කරන්න මට hundred percent (100%) නිදහස තිබුනා..'
'Why I am so special to you?' (ඇයි ඔයාට මාව මෙච්චර විශේෂ පුද්ගලයෙක් උනේ)
'ඔයාට තියනව මේ ජොබ් එකට ඕන ටැලන්ට්ස්..අනික problem solving skills..තමන්ව defend කරගන්න ability එකක් තියෙන්න ඕනේ...හරි දැන් අපි අපේ කේස් එකට යමුකෝ...'
ඇය කොලයක් ගෙන එහි සටහන් කරන අතරම ඒ ගැන විස්තර කිරීම ඇරඹුවාය.
'දැන් ඔයයි මමයි යනව මේ පාරෙන්..මෙන්න මෙතනදි අපි දෙකට බෙදෙනවා..මේ විදියට ඔයා පාර දිගේ ඉස්සරහට යනවා...අපි පයින් යන්නේ...අනික ඔයා ෆෝන් එක බලබල යන්නේ..ඒක නිසා ඔයා යන්නෙ සාමාන්‍යයෙන් යනවට වඩා හෙමින්...අපිට වෙන්න ඕන දේ තමයි අපි ඒ යනවෙලාවට ඔය පාරට දානවා ප්‍රියර්ස් එකක්...ඒක නවත්වන්නෙ මොන ගෙදර ලඟද ..ඒක ආයෙ යනකොට තව ගෙයක් ගාව නවත්වනවනම් ඒ කොතනද කියන එක....'
'හරි.....'
'ඉස්සරහට එනකොට වෙහිකල් එක ආවෙ නැති වුනොත් ගමන ස්ලෝ කරන්න වෙනවා...ඒකට කරන්න වෙන්නේ ඉස්සරහ තියනව ලොකු ගහක්...එතන නැවතිලා ඔයා ලේස් එක ලිහල ගැටගහන්න...නැත්නම් එතන ඔයාට චූ කරන්න උනත් පුළුවන් ...'
'මොකක්...ශි..මොන ලැජ්ජ නැති වැඩක්ද...සිරාවටද ඔය කියන්නේ...'
'ඔව්..මේ වගේ වැඩ වලදි අපි පුළුවන් තරම් නැචුරල් වෙන්න ඕනේ..ලැජ්ජාව බලල බෑ...අනිත් එක අපි අඳින ඇඳුම් පොඩ්ඩක් වෙනස් කරන්නත් වෙනවා..ඒක අපි පස්සෙ බලමුකෝ..එහෙම ස්ලෝ වෙලා බලන්න..ඒත් වෙහිකල් එක ආවෙ නැත්නම් අනවශ්‍ය විදියට ස්ලෝ වෙන්න එපා..නෝමල් එකේ ඇවිදගෙන යන්න...වැඩේ කරගන්න බැරිවුනාට කමක් නෑ..මොකද අපේ ලඟ ප්ලෑන් B එකක් තියනව ...'
'එතකොට මම මතක තියාගන්න ඕනේ වෙහිකල් එක නවත්වන ගෙවල් දෙක..'
'ඔව් මතක තියාගන්නව වගේම ඒ ගේ ලඟින් යනකොට හරියටම ගෙට සමාන්තරව යනකොට ඔයාගේ වොච් එකේ රෙඩ් බටන් එක ප්‍රෙස් කරන්න..එතකොට ඒ ලොකේශන් එක save වෙනවා..අනිත් ගේ ගාවදිත් එහෙමම කරන්න...'
'හරි..ඊට පස්සෙ...'
'ඔයා දිගටම ගිහිල්ලා බස් රූට් එකටම ගිහිල්ලා හෝල්ට් එකෙන් එන ඕන බස් එකක නැගලා සාමාන්‍ය දුරක් ගිහිල්ලා බහින්න...බැහැලා ලඟ තියන කොෆි ශොප් එකකට වගේ ගිහිල්ලා අපේ මැසේජ් එකක් එනකම් ඉන්න...'
'රායිට්...එතකොට ඔයා මොකද කරන්නේ...'
'මම කරන්නෙත් ඔයා කරන දේමයි හැබැයි එහා ලේන් එකේ..මොකද උන් වෙහිකල්ස් මාරු කරල එන්න පුළුවන් නැත්නම් අනිත් ලේන් එකෙන් එන්න පුළුවන් ...'
'එතකොට මම ප්‍රියර්ස් එක විතරක් බලල හරියන්නෙ නෑ නේද ...'
'නෑ..ඔයා ඒක විතරක් ෆෝකස් කරන්න..වෙහිකල් චේන්ජ් උනොත් මම කෝල් එකක් නැත්නම් මැසේජ් එකක් දෙන්නම්...'
'හරි..එතකොට පොලිසිය කොහොමද මේකට involve වෙන්නේ...'
'අපි දෙන ටිප් එක එක්ක පොලීසිය කෙලින්ම ගිහිල්ලා උන්ව ෆලෝ කරල සර්ච් කරයි....අනික මාලන් ඔයා ඔෆිස් ඉන්නකොට පාවිච්චි කරන්න ඕනේ ෆේක් ID එකක් අපි හදල තියෙන්නේ..ඒක තමයි ඔයා ලඟ තියාගන්න ඕනේ...ඔයාගේ රියල් එක ඔෆිස් එකේ තියල යන්න..ඒක ලඟ තියාගන්න එපා..'
'ඇලී මට මේක කියන්න...අපි පොලීසියේම සබ් යුනිට් එකක් නේද ..'
'පොලිසියේ නෙමේ crime division එකේ..'
'හරි...දැන් ඕක කරන්න තියෙන්නේ කවද්ද...'
'හෙට ...හැබැයි අද අපිට පොඩි රවුමක් දාන්න වෙනවා ඒ පැත්තේ...ඒක පොඩ්ඩක් රොමෑන්ටික් රිහසල් එකක් වේවි...'
'හෑ...ඒ මොකද්ද...'
'අපි දෙන්න කපල් එකක් වගේ ඔය පාරෙ ඇවිදින්න යනවා..එතකොට ඔයා හොඳට study කරගන්න ඒ පැත්ත...එහෙනම් යමු...අපිට මේව change කරගන්න වෙනවා...'
ඇලී, මාලන්ට නිල් සහ සුදු කොටු සහිත කමිසයක් ලබාදුන්නාය. ඇය චාම් ගවුමක් ඇඳ කොණ්ඩ කරලක් ගොතාගත්තාය. එයට කුඩා මලක් සහිත කොණ්ඩ රාමුවක් දමාගත් ඇය මල් සහිත කුඩයක් රැගෙන ෆ්ලැට් නෝමල් සෙරෙප්පු දෙකක් දමා ගත්තාය. මුහුණේ මේකප් සියල්ලම සෝදාගත් ඇයගෙන් දිස්වූයේ ගැමි කෙල්ලකගෙන් දිස්වෙන සුන්දරත්වයකි. ඇය ලෑස්ති වී අවසන්ව මාලන් ඉදිරියේ පෙනී සිටියාය.
'Wow...ඔයා මාරම ලස්සනයි...ඇයි මේ ලස්සන මෙච්චර දවසක් හංඟගෙන හිටියේ...ඇලී ඔයා ඇත්තටම ලස්සනයි'
'ඇයි කලින් මම කැතද..'
'නෑ...ඔයාගේ සැබෑ ලස්සනනේ මේ..පට්ටම ගති ඔය ලුක් එක...ඔයාට කොල්ලෙක් නෑ කියන එක නම් විස්වාස කරන්න බෑ...'
'හරි එහෙනම් ඔයා කොච්චර හැන්සම් කොල්ලෙක්ද ...ඔයත් කියන්නෙ කෙල්ලෙක් නෑ කියල...ඔයා කියන්නේ මට ඒක විශ්වාස කරන්න කියලද..'
'හරි හරි අම්මෝ...ඔයත් සරණිට දෙවනි නෑ කතා කරන්න ගියාම..'
'හැම ගෑණියෙක්ම කතා කරන්න ගියාම එක වගේ හලෝ...මේ හරි...පරක්කු වෙනව...අපි ඩ්‍රයිවර්ට කියල මගින් බස්සගෙන බස් එකේ තමයි අදාල තැනට යන්න ඕනේ..'
ඇලී කිවු ලෙසටම ඔවුන් බස් රථයකට නැග ගත්තෝය. රථයේ මැද හරියේ හිස් අසුනක් තිබුනෙන් ඔවුන් එහි වාඩිවූවෝය.
'මේ ගල් බිල්ලෙක් වගේ යන්නෙ නැතුව ටිකක් රොමෑන්ටික් විදියට යනවකො..'
'ඒ කොහොමද ..මම සීට් එකෙන් නැගිටලා සින්දුවක් කියල බස් එකේ ඉස්සරහට පස්සට ගිහිල්ලා ...'
'පිස්සුද මෝඩයෝ...පොඩ්ඩක් මගේ අතින් අල්ලගෙන එහෙම යනවා..නැත්නම් අපි අර පාරේ යනකොට අත් අල්ලන් යන්න ගියාම ඒක පට්ට odd seen එකක් වෙයි..'
මාලන් සෙමෙන් ඇලීගේ අත අල්ලාගෙන ඇයගේ කලවා මත තම අත තබා ගත්තේය. දෙදෙනාම මුහුණට මුහුණ බලා ගත්තේ එක විටය. කිසිත් කතා නොකල ඔවුහු නැවත බසයේ ඉදිරිපස බලාගෙන ගමන් කලෝය..
'මාලන්..අපි ඉස්සරහ හොල්ට් එකෙන් බහින්න ඕනේ...'
'හරි ..එහෙනම් යමු දොර ලඟට..'
ඇලී මාලන්ගෙ අතේ එල්ලී දොර අසලට පැමිණියාය. බසයෙන් බැසගත් ඔවුහු ඉදිරියට ඇවිදගෙන ගියෝය. කුඩය ඉහලාගත් ඇලී එය මාලන්ගේ අතට දුන්නාය.
'ඊයා අප්පා..ඇත්තටම ලව් කරනකොට කපල් මෙහෙම යනවා නේ...'
'නැතුව..ඒකේ තියන ආතල් එක දන්නෙ ඒ අය...'
'ඔයත් කවදහරි මෙහෙම ගිහිල්ලා තියනවද ඇලී?'
'ඔව්...ඔයා නොදන්නව උනාට මට ලොකු අතීතයක් තියනව ...ඒවා පස්සෙ කියන්නම්කො...අපි ආපු වැඩේ කරගමු...'
'හරි..දැන් ඔය ඉස්සරහ තියන පාරෙ නේද අපි යන්න ඕනේ..'
'ඔව්...වැඩිය නෝන්ඩි වෙන විදියට වටපිට බලන්න එපා..නිකන් මාත් එක්ක කතා කරනකොට right side එක බලාගන්න...ඔයාට හිතෙනව ඇති මෙච්චර සිම්ලප් වැඩකට ඇයි මේ අපි පනදාගෙන මහන්සි වෙන්නෙ කියල...අපි හිතනවට වඩා criminal ලා ගොඩක් වෙනස්...එයාලා හොඳ alert එකේ ඉන්නේ අවට වෙන දේවල් ගැන ..මොකද පොඩි හරි ගැස්සිල්ලක් උනොත් උන් මාට්ටු කියල දන්නවා...ඒ වගේ අපිටත් වැඩේ පොඩ්ඩක් වත් ගැස්සෙන්න දෙන්න බෑ...'
'හරි ඇලී..ඔයා කියන එක මට තේරෙනවා...'
'එකම විදියට අත අල්ලගෙන යන්නෙ නැතුව ටිකක් natural වෙන්න...වෙලාවකට මගේ shoulder එකට අත දාගෙන යන්න..ඕනෙනම් මගේ hip එකෙන් අල්ලගෙන ටිකක් යන්නත් පුළුවන් ...කොහෙද ඔක්කොම එකින් එක කියන්න ඕනේ ...'
'හා ..එහෙනම් මගේ විදියට කරන්නද ..කෙල්ලෙක් එක්ක මම පාරෙ ගියොත් යන විදියට යන්නද...'
'අම්මෝ..ඕනේ නෑ..ඔයා දන්නෙ වෙස්ටන් ටයිප්නේ..මෙතන මාව බදාගෙන ලිප් කිස් එකක් දීලා කරකවලා ආයේ ලඟට ඇදල අරගෙන...අම්මෝ ඕනේ නෑ එච්චර දුර යන්න...'
මාලන් සිනාසෙන්නට විය..
'මාලන් දැන් හොඳට කතාකරන ගමන් ඒ පැත්ත ස්ටඩි කරන්න...'
මාලන් සහ ඇලී නැවත ආයතනයට පැමිනෙන විට හවස දෙක පසුවී තිබුනි. දිවා ආහාරයට පසු සැලැස්මේ ඉතිරි කොටස පිළිබඳව දැනුවත් කල ඇලී ඇය කලින් නිවස බලා යන බව පවසා මාලන්ටද යන්නට කීවාය. මාලන් සරණිට දුරකතන ඇමතුමක් ලබාගත්තේය...
'හෙලෝ...මොකො ...'
'මේ අද කලින් ඕෆ් උනා අම්මත් එක්ක යමුද අවුටින් එකක්...අම්මගෙන් අහන්න...ටක් ගාලා මම ලයින් එකේ ඉන්නවා..'
'අඩේ එලනේ...ඉන්නවා පොඩ්ඩක් ...'
'මාලන්...මොකෝ එක පාරටම...'
'ආ ආන්ටී ...කාලෙකින් අපි තුන්දෙනා කොහේහරි ගියෙත් නෑනේ...යමුද කොහේහරි...මොකෝ කියන්නේ...'
'කොහාටද යන්නේ...'
'ඕන තැනක...හොඳට කන්න බොන්න ..ඔක්කොටම..'
'හරි ...ඔයා එන්න අපි ලෑස්ති වෙලා ඉන්නම්..මම බුකින් එක්ක දාලා තියන්නම්...'
මාලන් නිවසට යනවිට ඇන්ටන්, බෙන්ස් රථය සෝදමින් සිටියේය.
'ඒ කියන්නේ අපි යන්නෙ ආන්ටිගෙ බෙන්ස් එකේ..ආන්ටිට මන් ගැන සැකයිද දන්නෙ නෑ..අනේ මන්දා බලමුකෝ..' මාලන් සිතන්නට විය.
ඔහු ගේ ඇතුලට යනවිට සරණි වොශ් එකක් දාගෙන තම කාමරයට යනවා පෙනුනි. මාලනී මුලුතැන්ගෙය පැත්තේ සිට සාලය දෙසට පැමිනෙමින් සිටියාය..
'ආන්ටී..මම ආවා..කෝ තාම ලෑස්ති නැද්ද...'
'මට වැඩිවෙල යන්නෙ නෑ...ඔයත් වොශ් එකක් දාගෙන එන්න...නීතාට කියන්නද මොනවහරි හදන්න කියල..'
'එපා ආන්ටී..දැන් මුකුත් බොන්න බෑ..මම වොශ් එකක් දාගෙන එන්නම්...ආන්ටි කොහේද බුක් කලේ..'
'තාම බුකින් එකක් දැම්මෙ නෑ..මාලන්ට කොහේද යන්න ඕනේ..'
'එහෙම special තැනක් නෑ...ෆුල් ජොලියේ කාලා බීලා එන්න පුළුවන් තැනකට යමු..'
'හරි මම VIP එකක් බුක් කරන්න යවන්නම්..අපි මගේ වෙහිකල් එකේ යමු නැත්නම් උඹලා බීලා එලවල ඕනෙනැති කරදර දාගන්න ඕනේ නෑ...'
'හරි ආන්ටි...එහෙනම් මම එන්නම්..'
මාලන් වොශ් එකක් දමාගෙන ලෑස්ති වි එනවිට මලනී සහ සරණී දෙදෙනාම සූදානම්ව සිටියෝය. සරණී දණහිස ලඟට දිග තද නිල් පැහැති ඇඟටම ඇලුනු ගවුමකින් සැරසී සිටියාය.
'වාව්...ලස්සනයි ..' මාලන් පැවසීය.
'Thanks sweet...'
'ඔයාට ලස්සනත් හොඳට අඳුරගන්න පුළුවන් නේද ..'
'යනව යන්න...පව් කියල පොඩ්ඩක් අප් කරල තිබ්බහම එනව මෙතන...'
'හා හා...යමුද එහෙනම්......ඇන්ටන් ගාඩ්ලට කියන්න ජීප් එකේ එන්න කියල...අපි යමු එහෙනම්...'
ඇන්ටන්, බෙන්ස් රථයේ රියදුරු අසුනේද මාලන් ඉදිරි අසුනේද මාලනී සහ සරණී පිටුපස අසුනේද ගමන සඳහා අසුන් ගන්නා ලදී. රථය පිටුපස ආරක්ෂක නිලධාරීන් ජීප් රථයේ නැගී ගමන් කලෝය. පැය භාගයකින් පසුව ඔවුන් අදාල හෝටලය වෙත පැමිනියෝය. එහි VIP දොරටුවෙන් ඇතුලුවී ඔවුන් කලින් වෙන්කල පෙදෙසට ගමන් කලේ ඔවුනටම වෙන්කල සේවකයෙකු සමගයි.
එම හෝටලයේ ඔවුන් සිටි තැනට මුහුද කදිමට දර්ශනය වේ. එහි සඳලුතලයට ගිය පසු සීතල මුහුදු සුළඟක් විඳගත හැකිය.
'සරණි අපි පුරුදුම එක ගෙන්නමු නේ...ආන්ටිට මොනවද ...ජූස් එකක් බීල ඉන්නවද ..'
'ම්ම් බෑ..මට සුප් එකක් ...'
මාලන්, සේවකයාට කතා කර ඔවුනට අවශ්‍ය දෑ ඇණවුම් කලේය.
'අයියෝ අදත් ගිටාර් එක දාලා ආවනේ...'
'අපි කියල ගෙන්නගමු...අවුලක් නෑ...'
මාලන් සේවකයෙකුට කතා කර ගිටාරයක් ගෙනත් දෙන ලෙස කීවේය. ඔහු නෑ කියනු ඇසුනත් ඉන් පසුව මාලන් මොනවාදෝ කියනු පෙනුනි. හිස පාත් කර සේවකයා යන්නට ගියේය. විනාඩි දෙක තුනකින් ගිටාරයක් රැගෙන ඔහු පැමිණියේය.
සරණි ගිටාරය රැගෙන 4/4 beat එකක් වාදනය කලාය...
'රායිට්..අපි මේකෙන් පටන් ගමු...
මලට බඹරෙකු සේ....
සිතට ඔබ එනවා....
කිරණ සේ හිරුගේ..
හද සිනා සෙනවා..ඔබ සිනාසෙනවා..'
මාලන්ගේ හඬ ගිටාරයේ සුමියුරු හඬ පරදා ගිය බව කිව යුතුය.
'මා නිසා ඔබ නොපිරූ පෙරුම්..
මා නිසා ඔබ නොපැතූ පැතුම්
ඒ සිනහ මැද ඉටුවේවිනම්
ආයේ නාවත් කම්නෑ ඉතින් ..
ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ බෑ බෑ...මට නිදන්න බෑ...
සිත තුල දඟලන මනසේ ඇවිදින
ඔබ මට නිදන්න දෙන්නෙම නෑ..
සිත එක්තැන් කල නිදන්න හැදුවත්
එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ....
තුරුල් වෙලා ..ඔබ හුරතල් වෙනකොට
මටත් නිදන්නට ඕනෙම නෑ...
මා හඬවලා හදවත සලා
පෙරදාක මාගේ දෙනුවන් රතුවෙලා
දැන් කිසිදිනේ නෑ ඒ වගේ
හද ආදරේ පිරී ඉතිරෙනවා..
ඔහු එක දිගට ගීත පෙලක් ගායනා කරයි. සරණී ගිටාරයෙන් ඔහුගේ හඬ තවත් ආකර්ශනීය කරයි. මාලනීද සතුටින් සෙමෙන් ගීත මුමුනන්නීය. ඔවුන් මේ විනෝද වන්නේ ඔවුනටම වෙන්කල විශේෂිත කාමරයක් වැනි තැනකයි...එය තරමක් විශාලය..සෝෆා කිහිපයක්...විශාල LED රූපවාහිනියක්, ශීතකරණයක් සහ සේවකයා ඔවුන් ඇණවුම් කල දේ ගෙනා තරමක් විශාල තට්ටු කිහිපයක කෑම ට්‍රොලියක් එහි පවතී. ඉදිරිපසින් මුහුද දර්ශනය වන අතර දකුණු පසින් පිහිණුම් තටාකයක් දිස්වේ...වම් පසින් ඇත්තේ සාමාන්‍ය අය ආහාර ගන්නා බුෆේ area එකයි.
ගීත මදකට නවත්වා ඇණවුම් කල විස්කි පානය කල මාලන් සහ සරණී නැවත එය පටන්ගනී...ඔවුනට සුපුරුදු පරිදි ඊලඟ අදියර වන්නේ නැටීමයි. මෙහිදී තිදෙනාම එකතුවී වේග රිද්ම ගීතසමූහයක් දමා නැටුමෙහි යෙදේ..
ඔවුන්ගේ කාමරයේ තිබෙන ඩිස්කො ලයිට් ඔන් කිරීම සේවකයා සිදු කරයි. එවිට ඔවුන් සිටිනා තැන තනිකරම සමාජ ශාලාවක සිරි ගනී...
දහඩිය දමනකම් නටන ඔවුහු නැවත විවේකයක් සඳහා නැටුම නවත්වයි. ඩිස්කෝ ලයිට් ඕෆ් වී සාමාන්‍ය ආලෝකය ලැබේ...සේවකයා කෑම ට්‍රොලියට තවත් කෑම බීම පලතුරු හිස්වන ආකාරයට ගෙනත් පුරවයි.
මේ අතර මාලන්ගේ දුරකතනය නාදවීම නිසා ඔවුන්ගේ කතාබහ මදකට නැවතුනි.
'මගේ බොස්...please excuse me..'
'ආ අර ඇලී ගැලී...'
'කවුද සුදු ඇලී ගැලී...' මාලනී ඇසුවාය.
'අර මාලන්ගේ බොස් සක්කරවට්ටම...එයාගේ නම ඇලී..මම එයාට කියන්නෙ ඇලී ගැලී කියල...'
මාලනීට සිනහව නතර කරගැනීමට නොහැකිවිය.
ඔවුන්ගේ දෙසට පැමිනි මාලන්...
'ආන්ටී බොස් වැඩක් ගැන අහන්න කතා කලේ...එයත් ඩිනර් ගන්න මෙහෙට ඇවිල්ලා ..මම කිව්ව අපිත් මෙහේ කියල...මෙතනට එන්න කියන්නද එයාට...'
'උඹට එයාව විශ්වාසයි නේද ...'
'එයාගේ අවුලක් නෑ ආන්ටි...'
'හරි එහෙනම් එන්න කියන්න...'
'සරණි ඔයාගෙ අවුලක් නෑනේ...'
'නෑ නෑ මාත් ආසයි ඔය ඇලී ගැලීව හම්බවෙන්න...'
මාලන් එලියට ගොස් ඇයව කැඳවාගෙන ආවාය. ඔහු ඇයට මාලනී සහ සරණීව හඳුන්වා දෙන ලදී. ඇලී ඇඳ සිටියේ ඩෙනිමක් සහ නිල් පැහැති ටී ෂර්ට් එකකි. කොණ්ඩය කඩා දමා තිබුනු ඈ සරණි මෙන්ම පියකරුව දිස්වුනි.
'මාලන් කියල තියනවා ආන්ටි ගැන..අපි ඉතින් කොහොමත් ටීවී එකෙත් දකිනවනේ ආන්ටිව. බොරු කියන්නෙ මොකටද මම vote කලෙත් ආන්ටිට..'
මාලනී ඉතා නිහතමානීව එමෙන්ම ප්‍රසන්න ලෙස ඇලී සමග කතා කලාය.
'ඉතින් සරණි...කොහොමද....ඔයා ගැනත් ඉතින් මාලන් කියල තියනව..ඔයාගේ අයිස් කොෆි එක ගැන තමයි වැඩියෙන්ම කියවන්නේ...'
'හානේ ඇත්තද ..කොහෙද ගෙදරදි මට හදල දීලම එපා වෙනවා...'
සරණීද ඇලී සමග සතුටින් කතා කලාය. ඇලීගේ කතාවට මව සහ දියණිය දෙදෙනාම කැමැත්තක් දැක්වූ බව පෙනුනි. පසුව සිව් දෙනාම එකතුවී නැවත ඩිස්කෝ ලයිට් දමාගෙන නැටුම පටන් ගත්තෝය.
ඇලීද මාලන්ලා සමග එකතුවී විස්කි බෝතල් දෙකක් හිස් කරන්නට දායක වූවාය. පසුව රාත්‍රී ආහරය ගත් ඔවුන් නැවත ගිටාරය සමග ගීත ගායනය ඇරඹුවෝය.
.....
'මාලන් ...I have to go now..'
'So how are you going ..you came from a taxi arent you?'
'Yea..Ill get a cab ..no worries'
'No දුව ...wait....Marlon will give you a lift....Marlon take the vehicle and drop her..'
'නෑ ආන්ටි no worries ..මම යන්නම්..'
'Lets go ...Sudu, stay with amma..'
මාලන් ඇලීව නිවසට ඇරලවීම සඳහා පිටත්ව ගියේය. ඒ සඳහා තමාගේ බෙන්ස් රථය ගන්නා ලෙස මාලනී පැවසූ නිසාවෙන් මාලන් රථය වෙත ගමන් කලේය.
'මාලන්...තව බොන්න එපා..මතකනේ..හෙට අපේ වැඩේ...'
'අයියෝ ඇලී අඩුම ගානේ තව bottle එකක් ඉවර කරල තමයි අපි යන්නේ...අපිට පුරුදුයි...'
'පුරුදුයි කියල නම් පේනවා..but know your limits...ok'
'Ok boss...බයවෙන්න එපා...'
'මාලන් අපි ඩ්‍රයිවර් එක්ක යමුද...ඔයා drive කරන්න එපා..'
'හරි ..ඔයා කියනවනම්....'
මාලන් සහ ඇලී පිටුපස අසුනට ගියෝය. ඇන්ටන් රථය පණගන්වා ඉදිරියට ධාවනය කරන්නට විය. ටික දුරක් යනවිට ඇලී නිදා වැටෙන්නට වූවාය. ඇය මාලන්ගේ උරහිසට හේත්තු වී නිදාගන්නට විය. ඇන්ටන් කණ්නාඩියෙන් පිටුපස බලනවාදැයි බැලූ මාලන් ඇයව තම ඔඩොක්කුව මත තබාගත්තේය. ඇලීගේ නිවස තිබෙන තැන මාලන් දන්නා නිසා ඇලීව ඇහැරවන්නට අවශ්‍යතාවයක් ඇතිවූයේ නැත. පැය කාලකින් පමන ඔවුන් ඇලීගේ නිවස වෙත පැමිනියෝය.
'ඇලී wake up...' මාලන් ඈව සොලවා ඇහැරවන ලදී...ඇය ඔලුව උස්සා තමා මාලන්ගේ ඔඩොක්කුවේ සිටින බව දැක වහා නැගිට්ටාය. ඇය ඉදිරිපස සිටින ඇන්ටන් දෙස බැලුවේ, ඔහු එය දුටුවාදැයි දැනගැනීමට විය යුතුය. ඇය කෙලින් වූ පසුව මාලන් බැසගොස් දොර ඇර ඇයව අතින් අල්ලා නැගිට්ටුවේය.
'යමු මම එන්නම්...දොර අරින්න එපැයි..'
ඇලී දොර ඇර මාලන්ව වැලඳගෙන
'Thaks Marlon ..Good night..හෙට වෙලාවට එන්න..' යැයි කීවාය.
'හරි..පරිස්සමෙන් ඉන්න...ඕන වුනොත් කෝල් එකක් දෙන්න..Good night Alee..'
...........
'ඇලී ගැලීව පරිස්සමෙන් එක්කන් ගියාද ..'
'ඔව් ..බොසාට ටිකක් වැඩියි වගේ..යනකොට නිදාගෙන ගියේ...'
'ඔඩොක්කුවේ නෙමේනේ...'
මාලන් තරමක් ගැස්සුනද ඒ බවක් නොපෙනෙන්නට වගබලා ගත්තේය..
'ඇයි මොකෝ එහෙම ගියානම් ජෙලද...'
'අනේ වැඩේමයි...හැබැයි එයා නියමයි මාලන්..ෆන් ගන්න කියාපු ඩයල් එක..'
'මාලන් ඔයාව හම්බවෙන්න කෙනෙක් ආවා...ඇත්තටම මාව හම්බවෙන්න ආවේ..ඔයාවත් ඇහුවා...'
'කවුද ආන්ටි...මම දන්න කෙනෙක්ද ?'
'නෑ ..ඔයා දන්නෙ නෑ...හැබැයි ඔයාව දන්න කෙනෙක්...ඉන්නකෝ මම එන්න කියන්නම්...'
මාලනී තම ආරක්ෂක නිලධාරීයෙක්ට ඇමතුමක් ලබාගත්තාය. ටික වේලාවකින් තරමක උසින් යුතු සාමාන්‍ය දේහධාරී පුද්ගලයෙක් ඔවුන් සිටින තැනට පැමිණියේය.
'හෙලෝ මාලන්....මම විල්සන්...විල්සන් පෙරේරා ...'
'Nice to meet you Mr Perera....take a seat.'
'මාලන් මාව දන්නෙ නැතිවුනාට මම මාලන්ව දන්නවා...මම ඊයේ දැක්කනේ මාලන්ව..මට ඒත් කතා කරන්න වෙලාවක් තිබුනේ නෑ...මම බිස්නස් කෝල් එකක හිටියේ..'
'ආ එහෙමද Mr Perera ...'
මාලන් තරමක් චකිතයට පත්වූ නිසාවෙන්, කොහේදිද යන පැනය ඔහු විමසුවේ නැත.
'ඉතින් කොහේද මාලන් ඊයෙ ගියේ...'

ඉතිරිය පසුවට

No comments:

Post a Comment

අලකලංචිය - දහහතරවන කොටස

කාමරයේ අගුලු දමා ඔහුව කාමරයේ සිරකොට ඇලී සහ සරණී වහා ඔහුහේ වාහනය වෙත ගියෝය... 'සරණී මම drive කරන්නම්..ඔයා මට ගේට් එක clear කරල දෙන්න...