Monday, April 20, 2020

අලකලංචිය - තුන්වන කොටස

හිටි හැටියේම ගේට්ටුවට පිටතින් වෙඩි හඬවල් කිහිපයක් ඇසෙන්නට විය. සෝමෙලා සමග එකටම මත්පැන් බිවු එකෙක් සෝමේව තදින් අල්ලගෙන පිස්ටල් එකක් ඔලුවට දික්කලේය.
'එකෙක් එන්නෙ නෑ ලඟට ඔක්කොම පස්සට පලයව්...ආවොත් උඹලගෙ බොසාගේ ඔලුකට්ට ඉවරයි...'
අනිත් එකා හැඩිදැඩි එකෙකි. ඔහු සෝමේගේ ආරක්ෂකයන්ගේ දෙසට තුවක්කුව දික් කරගෙන සිටී.
නොසිතූ ලෙස මාලනී ඉදිරියට පැමිණියාය.
'නැවතියන් ගෑණියේ ...තව අඩියක් ඉස්සරහට ආවොත් මුගේ ඔලු කට්ට කුඩු කරනවා...' ඌ නැවත ගුගුලේය.
ස්ටූල් එක මත තිබූ වීදුරුවට විස්කි බෝතලයෙන් ටිකක් වත්කරගත් මාලනී එය සෙමෙන් බොන්නට වූවාය. ඇයගේ හැසිරීම සියල්ලන් මවිත කරන්නට විය.
'මූව පල්ලෙහාට අරන් වරෙන්..මන් ගෑණි ගැන බලාගන්නම්..' පැවසූ අනිකා ඔවුනට ඉඩ සලසා දුන්නේය. සියලුම ආරක්ෂකයන් දණ ගැස්වූ ඔහු ඔවුන්සතු සියලුම අවි තමන් සතු කරගත්තේය. මාලනී තවමත් විස්කි වීදූරුව තොල ගාමින් සිටියි.
'උඹ ලොකු චන්ඩිද ගෑණියේ...' කී හැඩිදැඩි පුද්ගලයා තුවක්කු බටය ඇගේ මුවට දික් කලේය.
තම මුව විවර කර තුවක්කු බටයේ අග කෙලවර මුව තුලට රුවාගත් ඇය සරාගී ලෙස ඔහු දෙස බැලුවාය.
'උඹටත් ඕනවෙලා වගේ...මේ බටේට වඩා සයිස් එකක් දෙන්නම් උඹට කට පිරෙන්න...දැන් යමන් මාත් එක්ක....ගිහිල්ලා අපි සැර ආතල් එකක් ගමු...'
කිසිවක් නොකී ඈ සරාගී ලෙසම තම මුව තුවක්කුවෙන් ඉවතට ගත්තාය. තුවක්කුකරුගේ මනස මදකට පාලනය කල ඈ එක්වරම තම කකුල දික්කර ඔහුගේ රහස් ප්‍රදේශයට වැරෙන් පහරක් එල්ල කලාය. ඔහු එහෙමම කෑගසාගෙන බිමට නැමුනු අතර වහා ක්‍රියාත්මක වූ ඈ තුවක්කුව උදුරා ගත්තාය. එහි මිටෙන් ඔහුගේ ඔලුවට දුන් පහර හමුවේ ඔහු ඇද වැටුනි. ඒ අවසරයෙන් ක්‍රියාත්මක වූ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් වැටුනු තුවක්කුකරුවාව අල්ලා ඔහුගේ දෑත් පිටුපසට තබා අල්ලා ගත්තේ තවකෙකුට රැහැන් පොටක් ගෙනෙන්නට අණලබා දෙමිනි. මාලනී අනෙක් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට සෙමෙන් හඬ නොනැගෙනසේ පහලට යන ලෙස සලකුණු කලාය. ඉතිරි දෙදෙනා මුලුතැන්ගෙය පැත්තෙන් පිටත්කර හැරියාය.
ඒ වන විටත් අනෙක් පිස්තෝල කරුවා සෝමේව රැගෙන මිදුලට ගොස් අවසානය.
මාලනී වහා සඳලුතලයට දුව ගියාය. ගේට්ටුවෙන් පිටත අවි අමෝරාගෙන සිටින චණ්ඩි කිහිපදෙනෙක් ඇය නෙත ගැටුනි. ඇය නැවත මිදුල දෙස බැලුවාය. දැන් සෝමේව රැගෙන යන පිස්තෝල කරුවා සිටින්නේ ඇයට පිටුපාය.
සඳලුතලයේ කොන්ක්‍රීට් වැට උඩට නැගුනු ඇය දෑත් දෙපසට විහිදුවා තනි කකුලකින් ඉස්සී ගැම්මක් ගෙන පිස්තෝලකරුවා මතට පැන්නාය. පිහිනුම් තරඟයකදී උඩක සිට තටාකයේ ගැඹුරු දෙසට පනින්නට පෙර ගුවනට මදක් එසැවෙන්නේ කෙසේද ඒ ආකාරයට සමාන ආකාරයකින් ඇගේ පැනීම දිස්විය. එකම වෙනසකට ඇත්තේ ඇය පැන්නේ හිස උඩුකුරුව තබාගෙන දෙපා පොළොවට පතිතවන පරිද්දෙනි. එය එතරම්ම ලතාවකට සිදුවුනු බව කිව යුතුය. ගුවන් යානයකින් පනින පැරෂූට්කරුවකුට වඩා ඇගේ පැනීම සිතැදගන්නාසුලු එකක්විය.
එසේ පැන්නේ ඇගේ දෑත් යලි එකට එකතු කරගෙනය. ඒ දෑත් වලින් පිස්තෝලකරුගේ ඔලුවට වැදුනු පහරින් ඔහු සිහිසුන්ව බිම වැටුනි. ඒ පහර කෙතරම් ප්‍රභල එකක් වූවාද නම් පිස්තෝලකරු මෙන්ම සෝමේද විසිවී ගියේය. පිස්තෝලකරු අතින් පිස්තෝලය විසිවී ගියේය. එය අහුලාගත් මාලනී වහා සෝමේව නැගිට්ටුවාය.
ඔහු මාලනී දෙස ආදරණීය බැල්මක් හෙලුවේය. උඹ මාව මරණෙන් බේරගත්තා යන හැඟීමක් එහි දිස්වූවා විය යුතුය. සෝමේගේ කම්මුලට සෙමෙන් පහරක් ගැසූ මාලනී ඔහුව කල්පනා ලොවින් සැබෑ ලොවට ගෙනාවාය.
කෙසේ වෙතත් ගේට්ටුවෙන් පිටත සිටි වෙඩික්කරුවන් ක්‍රියාත්මක වෙමින් පැවතුනි. ගේට්ටුවට වැදුනු වෙඩි පහරත් සමග උන් ගේට්ටුව විවෘත කරගෙන ඇතුලට පැමිනියෝය.
සෝමේ වහාම මාලනීවද රැගෙන තම බීඑම් ඩබ්ලිවු රථයට නැගුනේ සහචරයන්ටද බයික් වල නැගී තමා පසුපස එන ලෙස සන් කරමිනි. මේඅතර ගේට්ටුව ඇරගෙන ඉදිරියට එන වෙඩික්කරුවෝ කාරයට වෙඩි තබන්න්ට වූවෝය.
වීදුරුව පාත් කල මාලනී තැබූ වෙඩි පහර දෙකකින් දෙදෙනෙක් ඇද වැටුනි. නමුත් තවකෙක් තැබූ වෙඩි පහරක් සෝමේගේ අතකට වැදී තිබුනි. එය එතරම් දරුණු නොවූවත් එයින් සෝමේ දැඩි වේදනාවකින් පෙලෙන බව පැහැදිලිය.
මාලනී කිසිසේත් බලාපොරොත්තු නොවූ පරිදි කාරය පිටුපස සිට් පැමිනි එකෙක් ජනේලයෙන් එල්ල කල පිහි පහරක් ඇයගේ නලල හරහා ඇදී ගියේය. ඇය වහා හැරී ඔහුට පහර එල්ල කරන්නට සූදානම් වුවත් සෝමේ රථය පන ගන්වා ඉදිරියට යාම නිසා ඇයගේ පහරක් වැලකී ගියේය.
'නවත්තපන් වාහනේ..මම අරූව බාවලා එන්නම්...' ඈ කෑගැසුවාය..
'වෙඩි කන්නද හදන්නේ ගෑණියේ...'
රථය ඉදිරියටම පැදවූ සෝමේ ඉදිරියේ සිටි උන් හප්පාගෙන වේගයෙන් ඉදිරියට ඇදී යන්නට විය.
'උඹට නලල කැපිලා කෙල්ලේ..මේ ලේන්සුව තියාගනින්..ඉක්මනට අපි ඩොක්ට කෙනෙක් ගාවට යමු..'
'ඩොක්ටල පස්සෙ බලාගමු..අර අනිත් උන්ව ඉවරයක් කරල දාමු..අර හැංගිලා මාව කපපු බල්ලව කීතු කරන්න ඕනේ..'
'පිස්සු කියවන්නෙ නැතුව හිටපන්..ඔය ලේ ගලනවා...'
'උඹට බැරිනම් කියපන්..මාව බස්සපන් මෙතනින්..මම බයික් එකක් අරන් යන්නම්...'
'පින් සිද්දවෙයි මට පාඩුවේ එලවන්න දීපන්...අපි පස්සෙ ඕකට රිටන් එක දෙමු..'
'උඹේ අත කොහොමද ...අමාරුද...මම ඩ්‍රයිව් කරන්නද ...'
සෝමේ ඇයට රථය පදවන්නට දී අසුන පිටුපසට ඇල කරමින් හාන්සි වූවේය..තම සගයන්ට ඇමතුමක් ලබාදුන් ඔහු තමන්ව ලුහුබඳින එවුන් අවසන් කර දමන ලෙස පැවසීය.
සෝමේ තම හිතවත් වෛද්‍යවරයෙක්ට ඇමතුමක් ලබාදී ඔහුගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් ප්‍රතිකාර ලබාගන්නට කටයුතු සැලසුවේය. දෙදෙනාටම බරපතල තුවාල නොතිබූ අතර මාලනීගේ තුවාලයට මැහුම් දමන්නට සිදුවිය.
සෝමේගේ සගයන්ගේ ඇමතුමකට අනුව කියැවුනේ ලුහුබැඳ පැමිනි තිදෙනෙක්ට වෙඩි තැබූ බවයි. තවත් කිසිවෙක් ඔවුන් එන මග නොමැති බව ස්ථීර කෙරුනි.
'මම ඒකයි උඹට ආදරේ..උඹ මගේ ජීවිතේ අදත් බේරුවා..උඹ දන්නවද මට මේ ලෝකේ විශ්වාසවන්තම එකම කෙනා උඹ...' සෝමේ පැවසුවාය.
'අනේ ඔන්න ඔය සමයන් පැත්තකින් තියල අරුන්ට ගේමක් දෙන විදියක් කල්පනා කරපන් සෝමේ...උන් දැන් අපේ ගේ කුඩු කරල ගිනි තියල ඇති...'
'ඒවා යකාට ගියාවේ බන්..අපි ආයේ පටන් ගමු...සල්ලි වලින් ප්‍රශ්නයක් නෑ අපිට...අපි මෙහෙම්ම දඹුල්ලට යමන්..'
ඔවුහු රැගත් රථය මගදී සාමාන්‍ය මරුටි කාරයකට මාරුකරගත්තේ විරුද්ධවාදීන්ගේ අවධානය යොමු නොවීමටයි. ඒ මරුටි රථයද යන අතරමග තවත් වාහනයකට මාරු කෙරිනි. මේ සඳහා ධනය බලය සෝමේ සතුව පැවතියේය.
සෝමේ, මාලනීවද රැගෙන දඹුල්ලට පලා ගියේය. එහි ගමක් ඇතුලට වන්නට සුන්දර පරිසරයක හුදකලාවට වන්නට තිබූ ගෙයක් වෙත වාහනය යනු පෙනුනි. වෙල් යායකට මායිම්ව තිබූ එක්පසක ඇත්තේ අමුතුම චමත්කාරයකි. සුළගත් සමග එක පෙලට නැවෙන වී කරල් නැවත සුලඟ අඩුවන විට අනෙක් පසට නැවේ...කාලයකට පසුව මාලනී නැවුම් සුලඟක පහස විඳින්නීය.
ඇයට තම අතීතය සිහිවෙයි. තම පියා සමග කුඩා කල ඇය වාසය කලේ දකුණු ප්‍රදේශයේ ගම්බද පරිසරයකය. පියා ඒ ප්‍රදේශයේ පදිංචිකාරයෙක් නොවන බව ඇගේ යෙහෙලියන් ඇයට පවසද්දී ඇය පියාගෙන් ඒ ගැන ඇසුවාය. පියා කීවේ 'ඒකට තාම වෙලාව ආවෙ නෑ දුවේ ..වෙලාව ආවම සියල්ලම පවසන්නම්' කියායි.
ඇගේ පියා දක්ෂ අංගම්පොර සටන් කරුවෙකි. ඒ ශිල්පය ඔහු තම දියණියට ලබාදුන්නේ අනාගතයට ඇයව ලෑස්ති කිරීමට යැයි ඔහු පවසනවා ඇයට මතකය. ඒ ශිල්පයෙන් තමන් ලද විනය හික්මීම තවම තමා සතුව තිබේදැයි මාලනී ඇගෙන්ම ප්‍රශ්න කරන්නට වූවාය. ඇයගේ පියා කියූ බොහෝ දේ ඇගේ මනසේ කාවැදී ඇත.
කවුරුවත් ඉස්සරහ නිවට වෙන්න එපා..උඹට අතක් ඉස්සුවොත්, එහෙම කරපු එකාට පාඩුවේ ඉන්න දෙන්න එපා...
කාත් එක්කවත් වැඩි ඇයි හොඳයියක් තියාගන්න එපා...
කිසිම කෙනෙක්ව විශ්වාස කරන්නනෙපා...
සාමාන්‍යයෙන් පියෙකුගෙන් තම දරුවන්ට නොලැබෙන අයුරේ අවවාද රැසක් තමාට ලැබී ඇති බැව් ඈ දනී.
සෝමේ සහ මාලනී ගිය නිවස සාමාන්‍ය නිවසකි. වැඩි පහසුකම් නොමැති වූවත් කිසිම කරදරයකින් තොරව වාසය කලහැකි පරිසරයක තිබීම ඔවුන්ගේ සහනයට හේතුවිය. මෙම නිවසේ මාස පහකට ආසන්න කාලයක් ගතකල ඔවුහු නැවත කුලියාපිටිය ප්‍රදේශයට පැනයන ලදී. එයට හේතුව වූයේ සෝමේ සොයාගෙන දඹුල්ලට පැමිනි පිරිසක් නිසාය.
කුලියාපිටිය නිවසේත් ඔවුනට රැඳී සිටීමට හැකිවූයේ මාස දෙකක් වැනි කාලයකි.
'උන් මගේ පස්සෙන් පන්නනවා..අපිට අපේ කොල්ලො ඔක්කොම අයින් කරල ඉන්න වෙන්නේ...උන් එකෙක් හරි ඉන්නකොට අපිව හොයාගන්න ලේසී..'
'අපි මොකද දැන් කරන්නේ...' මාලනී ඇසුවාය.
'මට පාස්පෝට් තියනව...උඹට හදල දෙන්නම් ඉක්මනට..අපි රටකට පනිමු..'
'එතකොට මගේ කෙල්ල...බෑ බෑ මට කෙල්ලව දාලා යන්න බෑ...'
'ගෑණියේ..අහපන් ඒකිව අරන් යන එක ඩේන්ජරස්...අපි ගිහිල්ලා ටික කාලයක් ඉඳලා කෙල්ලව ගමු..'
'බෑ..මට බෑ...මම මෙහේ ඉන්නම්..'
'තෝ ගොන් නෑම්බි...අහපන් දැනට කරන්න තියන හොඳම දේ පනින එක..මෙහේ දැන් හිටියොත් ජීවිතේ ශුවර් නෑ..'
මාලනීව ඒ සඳහා කැමති කරගැනීමට ඔහුට හැකියාවක් ලැබුනේ නැත. ඔහු ඇයට ලක්ෂ ගනනක මුදල් ලබාදී ඇයට ඉන්නට නිවසක්ද මීගොඩ ප්‍රදේශයෙන් මිලයට ගෙන ඩුබායි කරා පිටත්ව ගියේය.
ඇයට ලැබුනු මුදල් සියල්ලම ඇයගේ නමින් බැංකු ගිණුමක තැන්පත් කිරීමට ඔහු කටයුතු කර තිබූ බැවින් ඇයට ඒ සඳහා තම කාලය යෙදවීමට අවශ්‍යතාවයක් පැන නැගුනේ නැත.
වසරක පමන කාලයක් මීගොඩ නිවසේ ජීව්ත්වූ ඈ නැවත ඔබේසේකරපුර නිවස කරා පැමිණියාය. ඇයට උවමනා වී තිබුනේ කෙසේහෝ තම දරුවා තමා ලඟට ගැනීමය. මෙහි හුදකලා ජීවිතයක් ගතකල ඇයට දෙතුන් වරක් පාතාල මැරයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට සිදුවිය. ඔවුන්ගේ එකම ප්‍රශ්නය වූයේ සෝමේ කොහේ පලා ගියාද යන්නයි. ඒ ප්‍රශ්න කිරීම් හැරෙන්නට ඔවුන්ගෙන් කිසිම කරදරයක් වූයේ නැත. වරක් ඔවුන්ගේ නායකයා යැයි කියාගන්නා එකෙක් ඇයව හමුවීමට පැමිණියාය.
'උඹ බයවෙන්න එපා. අපිට ගේම තියෙන්නේ සෝමේ එක්ක විතරයි. උඹට නියපොත්තක කරදරයක් වෙන්න දෙන්නෙ නෑ...අනික උඹ රැකෙන්න ඕනේ...උඹ මැරිලා බෑ..උඹේ පොඩි කෙල්ලවත් ගෙන්න ගනින්..දැන් මේ ඒරියා එක මගේ..උඹට ඕන එකක් තියනවනම් මේ නම්බරේට කෝල් එකක් දීපන්...'
'මට මගේ ආරක්ෂාව ගැන බලාගන්න පුළුවන් ...ඒත් කෝකටත් උඹලගෙ උදව් ලැබෙන එකත් හොඳයි රංජි අයියේ..'
'උඹ මට අයියා කිව්වට මම උඹට වෙන්නෙ මාමා...උඹලගේ මහපොච්චත් එක්ක හිටපු එකෙක් මම..'
මෙසේ රංජිලාගේ රැකවරණය මත මාලනී ඒ කුඩා නිවසෙ හුදකලාව වාසය කලාය. මේ අතර වත්තේ සිටි ජූඩ් නැමැති තරුණයෙක් ඇය දෙස බැල්ම හෙලාගෙන සිටියේය. දෙතුන් වතාවක් මාලනී හමුවීමට ගිය ඔහු ඇය සමග කතාවට වැටී කුලුපගු වීමට වෙර දැරීය. නමුත් මාලනීට එය එක්තරා ආකාරයක වදයක් වූ බව පැහැදිලිය.
දිනක් උදයේ ඔහු සුපුරුදු පරිදි මාලනීගේ නිවසට පැමින දොරට තට්ටු කලේය.
'මොකෝ උඹ අදත් ඇවිල්ලා..උඹට සිංහල තේරෙන්නෙ නැද්ද...මගේ පාඩුවේ ඉන්න දීලා මෙතනින් පලයන්..'
'අනේ නිකන් පත්තිනි අම්ම වෙන්නෙ නැතුව හිටපන්..'
'දැන් උඹට මොනවද මගෙන් ඕනේ..'
මාලනීගේ ලැම දෙස කෑදරකමකින් බැලූ තරුණයා පසුව ඔහුගේ ඇස් ඇගේ සිරුරේ සැම තැනකම ගෙන ගියේය.
'මට ඕනේ උඹව....' කෑදර සිනහවක් මුවට නගාගත් ඔහු පැවසීය.
'වරෙන් එහෙනම් ...යමන් ඇතුලට..හැබැයි මේ පාර විතරයි..ආයේ බෑ..' කියමින් ඈ ගේ ඇතුලට ගියාය.
ක්ෂණිකව සිතට නැගුන සිතුවිලි වලින් ගත උද්දාමයට පත්කරගත් ඔහු හිරි අරිමින් ගේ ඇතුලට ගියේය. ඇය ඔහු දෙස එක එල්ලේ බලා සිටියාය.
පියවරක් ලඟට එන ලෙස ඇඟිල්ලෙන් පැවසූ ඇය එතැන ඔහුට නතර වන ලෙස අතින් පැවසුවාය. ඇඳ සිටි හවුස්කෝට් එක සරාගී ලෙස ගලවා අසල තිබූ පුටුවක් මතට හෙලූ ඈ ඔහුට උඩුකය නිරුවත් කරන ලෙස කීවාය.
ඈ ඇඳ සිටියේ දුහුල් රාත්‍රී ඇඳුමක් නොවුනද එයට වඩා සරාගී බවක් දුඹුරු පැහැති සිල්ක් ඇඳුමෙහි දිස්විය. එය තුලින් නෙරා ආ පියයුරු වලින් ඇස් ඉවතට ගැනීමට තරුණයා සමත් නොවීය. ඔහුගේ ඉන පටියේ බකල් ගැලවී කලිසම බිම පතිතවිය. ඇගෙන් ලැබුන විධාන මත යට කලිසමද කකුල් අතරින් පහලට වැටී කකුල් වලින්ද ඉවත්විය. ඔහුව අනෙක් පස හැරවූ ඇය...
'මොකද්ද සද්දයක් ඇහුනා..පොඩ්ඩක් දොර ඇරල බලපන් කවුරු හරි බලන් ඉන්නවද කියල..' යැයි කීවාය.
තරුණයා දොර සෙමෙන් ඇර කුඩා විවරයෙන් එලිය බලන අතරතුර දොර ලඟට පැමිනි ඈ වැර යොදා දොර ඇර තරුණයාගේ පිටුපසට වේගවත් පා පහරක් එල්ල කලාය. ඔහු විසිවී ගොස් වැටුනි..ඇය වහා දොර වසා දැම්මාය.
තරුණයාට කිසි තැනක යා නොහී....ඔහු සම්පූර්ණයෙන්ම නිරුවතින් සිටින බැවින් කේන්තිය, ලජ්ජාව සහ බිය මුසුවූ හැඟීමකින් මාලනීගේ දොරට තඩිබෑවාය. බැරිම තැන ඔහු හඬා වැටෙමින් දොර අරින ලෙස ආයාචනා කලේය.
'එහෙනම් උඹ ආයේ මේ පැත්තෙ පස්පාගලා අහුවෙන්නෙපා පරයා...තේරුණාද උඹට...'
'ඔව් බුදු අක්කේ...අනේ ඉක්මනට දොර ඇරපන් කවුරුහරි එන්න කලින්..' ඔහු හඬා වැටේ...
ඇය දොර ඇර ඔහුගේ කමිසය විසි කලාය...එය ඇඳගත් පසු අනෙක් ඇඳුම්ද විසිකලාය. විගසින් ඇඳුම් ඇඳගත් ඔහු නැවත චණ්ඩියෙකු බවට පත්විය...
'උඹ පට්ට බැල්ලී දන්නෙ නෑ සෙල්ලම් කලේ කාත් එක්කද කියල...තෝව මම ඇඳුම් නැතුව පාර දිගේ ඇදගෙන යන්නේ...මතක ඇතිනේ අර කලින් එකියකට උනා...'
'දැන්ද උඹේ කටට පන ආවේ ..වරෙන් දැන් මම ලෑස්තියි ...'
දොර ඇරගත් ඇය අඩියට දෙකට ඔහු ලඟට ගොස් ඔහුගේ අතකින් අල්ලා අඹරා අනික් පසට හරවා ගත්තාය. ඔහු දඟලමින් ඇයට පහර දෙන්නට උත්සහ කලද ඇයගේ ඇඹරුම හමුවේ වේදනාවෙන් කෑගැසීම පමනක් කල හැකි විය. නැවත ඔහු තමා දෙසට හරවාගෙන එකදිගට මුහුණට එල්ලකල පහරවල් නිසා ඔහුහේ මුහිණෙන් රුධිරය ගලායන්නට විය.
ඔහුට කෙලින් සිටීමටත් නොහැකි අයුරින් පහරදුන් ඈ ඔහුව අතහැරියාය. උදය වරුව නිසා බොහෝ දෙනා රාජකාරී සඳහා නිවසින් බැහැරව සිටින නිසාත් මාලනී සිටිනා පටු පාරේ අනෙත් නිවෙස් පාලුවට ගිය නිසාත් කිසිවකු මොවුන් සිටින තැනට පැමිනියේ නැත.
'හරි බලාගන්නම්කෝ වේසියේ..' යැයි පැවසූ තරුණයා එතැනින් ඉවතට ඇවිද ගියේ අපහසුවෙනි.
නැවත විනාඩි පහකට පමන පසු ඔහු පිහියක් අතැතිව පැමිණියේ දෙකෙන් එකක් යැයි සිතාගෙන විය යුතුය.
ඔහු මාලනීගේ දොරට තට්ටු කර සූදානමින් සිටියේ දොර විවෘත කල විගස මාලනීට පිහි පහරක් එල්ල කිරීමටයි. දොර විවෘත විය.....
ඔහු අත උස්සා පිහිය වැනුවද දොරකඩ කිසිවකු නොවීය..ඔහු යලිත් හිස ඔසවා බලන කල මාලනීගේ සුපිරුදු පා පහරට ගොදුරු වූවේය.
'උඹ මට කොටන්නද ආවේ පරයා..මම උඹට චාන්ස් දෙකක් දුන්නා බේරිලා මට කරදර නොකර ඉන්න..උඹට තේරිලා නෑ...අද උඹට බෙල්ල නැතුව යන්න වෙන්නේ...' ඈ රෞද්‍ර වේශයෙන් ඔහුට බැණ වැදුනි. නැවත පා පහරවල් කිහිපයක් එල්ල කල ඈ ඔහුගේ බොකුටු කෙස් වලින් අල්ලාගෙන ඉහලට එසැවීය...
'ලෑස්තිවෙයන් පරයා ...සුභ ගමන්.....'
...............
රංජිගේ ජංගම දුරකතනය නාදවිය..
'හෙලෝ...කියපන් කෙල්ලේ...'
'රංජි අයියා...කොල්ලෙක් එවපන් ඉක්මනට.... බොඩි එකක් තියනවා කොහෙටහරි ගෙනිහින් දාන්න..'
'මොකක්...හෙලෝ...හෙලෝ..'

ඉතිරිය පසුවට ....

No comments:

Post a Comment

අලකලංචිය - දහහතරවන කොටස

කාමරයේ අගුලු දමා ඔහුව කාමරයේ සිරකොට ඇලී සහ සරණී වහා ඔහුහේ වාහනය වෙත ගියෝය... 'සරණී මම drive කරන්නම්..ඔයා මට ගේට් එක clear කරල දෙන්න...