Tuesday, April 21, 2020

අලකලංචිය - දහහතරවන කොටස

කාමරයේ අගුලු දමා ඔහුව කාමරයේ සිරකොට ඇලී සහ සරණී වහා ඔහුහේ වාහනය වෙත ගියෝය...
'සරණී මම drive කරන්නම්..ඔයා මට ගේට් එක clear කරල දෙන්න...එතන එකෙක් ඉන්නවා මුරට...'
සරණි ගේට්ටුව දෙසට දුවගොස් කිසිත් නොකියා එහි සිටි මුරකරුවා බිම පතිත කොට ගේට්ටුව විවෘත කලාය...ඇලී පැමින ඇයවත් දමාගෙන වේගයෙන් රථය පදවාගෙන යන්නට වූවාය..
'දැන් අපි මේකෙන් කොච්චර දුරක් යනවද ඇලී...'
'මේක අපි පාර අයිනක දාල යමු CCTV නැති. ඌට පොලීසියෙන් දඩ ගෙවන්නත් වෙන විදියට...'
'ඇලී..ඔයා ඒ මිනිහා එක්ක කීපාරක් ඉඳලා තියනව ද ...'
සරණි දෙස බලා සිනාසුන ඈ...
'ඒවා උඹට වැඩක් නෑ කෙල්ලේ..'
'දැන් අපි මේ ඉක්මනට යන්නෙ ඇයි...මොනවද නුවන් කිව්වේ...'
'මගේ නමට ඔෆිස් එකට පාර්සලයක් එවලලු...ඒක ලොකු බොක්ස් එකක්ලු...නුවන් ඇහුවා මම එහෙම එකක් කාටහරි එවන්න කිව්වද කියල...ඒ ගොල්ලො bomb disposal එකත් ගෙන්නල ඒක check කරල බලල...'
'ඉතින්...මොනවද ඇතුලේ තිබිලා තියෙන්නේ....'
'ඇතුලේ තිබිලා තියෙන්නෙද....ආච්චිගේ අහවල් එක..' ඇලී සිනාසුනාය...
'ඒක බලන්න තමයි මෝඩියේ දැන් මේ අපි යන්නේ...අපි ඉස්සරහින් දාලා...ටුක් එකක යමු...'
...................
'සරණි...මම බයවුනා ...මොකද උනේ...අවුලක් නෑ නේද ...'
'නෑ සලා...ඔයා ලොකේශන් ට්‍රැක් කරගත්තනේ...පොඩ්ඩක් ඉන්න....මෙන්න මේ ID එකේ ඉන්න එකාගේ criminal records බලන්න...'
'රොෂාන් ..මොකද වෙන්නේ...මොකෝ තත්වෙ...'
'මැඩම්...සලා දුන්න details එක්ක මැච් කරලා බැලුවා...හතරක්ම fb ඉන්නවා....ඔක්කොමල whatsup ඉන්නවා..insta කවුරුත් නෑ...fb accounts ටික සලාට දුන්නා...'
'රායිට්..උන්ගේ ෆොටෝස් හොයාගන්න පුළුවන් උනාද...ආ...නියමයි ..කෝ බලන්න......හ්ම්ම්...හරි ෆොටෝස් වලට අදාලව මෙයාලව එක ෆෝල්ඩර් එකකට දාල ඔක්කොම ඩීටේල්ස් පුරවලා තියාගන්න...'
'Ok මැඩම්...'
'සලා...උඹේ වැඩේ පරිස්සමෙන් කරපන් කෙල්ලේ...පොඩ්ඩක් මිස් උනොත් ඔක්කොම ඉවරයි...'
'හරි බන්...බය නොවී ඉඳපන්...මුකුත් වෙන්න දෙන්නෙ නෑ...'
සරණී ඇලී ගැන කල්පනා කලාය. ඇය තමා පිළිබඳව ආකර්ෂණයක් තිබුනානම් මෙපමන කල් එය නොපෙන්වා අඩුම තරමේ ඉඟියක්වත් නොදී සිටීම පුදුමයට කරුණකි. එක විටම ගහෙන් ගෙඩි එන්නා වාගේ මෙවැනි දෙයක් ඇලීගෙන් ප්‍රදර්ශනය වීම විමතියට කරුණක් නොවේද?
සරණී රාත්‍රියේදී සිහිනයෙන් පවා ඈ ඇලී සමග සිටිනවා දුටුවාය. ඇයට එය සිතෙන් ඉවත් කරගැනීමටත් එතරම් අවශ්‍යතාවයක් නැති තරම්‍ ය.
සරණිගේ දින චර්‍යාව ඇගේ නව ආයතනය නිසා වෙනස්වී ඇත. පාන්දර හතට නිවසෙන් පිටත්වන ඈ හත හමාර පමන වනවිට ඇගේම ආයතනය වෙත ගොස් අට හමාරට පමන, එහි සිට ඇයගේ ඔෆිස් එක වෙත ගමන් කරයි.
.............
'සලා..මොකද වෙන්නේ...මම ඊයේ දීපු ID එක චෙක් කලාද ..'
'ඔව්..ඒකේ කිසිම අවුලක් නෑ...මිනිහා ප්‍රයිවට් කම්පැනි එකක CEO කෙනෙක්..කිසිම illegal වැඩක් හම්බවුනේ නෑ...history clear...
අනිත් සෙට් එක ගැන තව ඩීටේල්ස් වගයක් හොයාගත්තා..රොෂාන් ට දුන්නා ඒ ටික...'
'නියමයි....කට්ටිය අහගන්නකො...දැනට අපිට ඉන්න ලොකුම ත්ට්‍රෙට් එක ඇලී...මොකද එයා තමයි මම මගේ පවුල මම කරන වැඩ ගැන හොඳටම හොයන කෙනා..අපි ඇලී ගැන හොයන්න ඕනේ...එයාගෙ history එක ගැන මොනවත් දන්නෙ නෑ...සලා ඔයාට ඒක බාරයි....ඇලීගේ පර්සනල් ෆයිල් එක ඇක්සස් කරල බලන්න...එයාගේ ෆයිල්ස් ඔක්කොම ගන්න ඕන. Company එකට join උන දවසේ ඉඳලා ඇලී open කරපු close කරපු files ඔක්කොම මට ඕනේ...සලා ඕක සසීත් එක්ක එකතුවෙලා කරන්න..අන්තිමට ඇලී ගැන complete profile එකක් මට ඕනේ...'
'මැඩම්..අපි ඇලීව ෆලෝ කලොත් ..එයා නැවතිලා ඉන්න තැනට ගිහිල්ලා ඒක චෙක් කරලා බැලුවොත්....'
'Wonderful සසී...ඒත් අපි යන්න කලින් බලන්න ඕනේ එහේ security systems තියනවද කියලා..මොකද අපි කරන කිසිම දෙයක නූලක තරම්වත් දෙයක් ලීක් වෙන්න බෑ...'
'මැඩම්...අපේ system දාපු අනුරුද්ධට කතා කරල බැලුවොත්....ඒ කියන්නේ system එකක් දාලා තියනවද කියල track කරගන්න විදියක් තියනවද කියල..'
'Good idea..ඒක හොඳයි ..මම කෝල් කරල බලන්නම්...එහෙම ඔක්කොම clear කරගෙන තමයි අපි ඇලී ඉන්න තැනට පනින්න ඕනේ...හැබැයි මේක කරන්න පුළුවන් කාටද ...ඇතුලට ගිහිල්ලා චෙක් කරන එකට මාත් එක්ක එන්න පුළුවන් කාටද ...'
'මම එන්නම්..' සසී පැවසුවේය..
'එතකොට සලා මෙහේ ඉඳන් ඔක්කොම track කරනවා...රොෂාන් වෙහිකල් එකේ අපිට බැකප් එකට ඉන්න ඕනේ..හරි ඔක්කොටම කලින් මම අනුරුද්ධට කතා කරල බලන්නම්..'
.................
'සරණී ... මගේ ඔලුව රිදෙනව අප්පා..මගේ ෆයිල්ස් වගයක් තියනව ඔයාට ඒ ටික පොඩ්ඩක් බලන්න පුළුවන් ද...'
'පුලුවන් ..ඇයි මොකද උනේ..නිදි මැරුවද...නැත්නම් සනීප නැද්ද...'
'නෑ...අනේ මන්දා...මට කොෆී එකක් හදාගෙන එනවද සරණී...'
'මම ලතා ආන්ටිට කියන්නද ..'
'එපා..ඔයාම හදාගෙන එන්නකො...අනේ ඒ ගමන් පොඩ්ඩක් එලියට ගිහිල්ලා මට ඉස්සරහ කඩෙන් ඉඳිආප්ප දහයක් ගෙනත් දෙන්නකෝ...'
සරණී කෝපි එක ඇලීට දුන්පසු ඈ කීලෙස ඉඳිආප්පද ගෙනත් දුන්නාය. එයට පසුවත් ඇලීගේ හිසරුදාව අඩුනොවූ අතර තමාව නිවසට ඇරලන ලෙස ඈ සරණිට පැවසුවාය ...
'මගේ වාහනේ drive කරගෙන යමු...ඔයා එනකොට කැබ් එකක් දාගන්න...'
'හරි ඇලී...'
සරණී ඇලීව නිවසටම දමා ඇයට තව අවශ්‍ය දේ මොනවාදැයි ඇසුවාය. කිසිවක් දැනට අවශ්‍ය නැතිබව පවසා හැකිනම් තමාගේ ඔලුව මසාජ් කරන ලෙස ඇලී පැවසුවාය ...ඇලීව ඇඳේ හාන්සිකර සරණී ඇයගේ හිස සම්බාහනය කරන්නට වූවාය. සම්බාහනයෙන් ඇරඹුනත් එය දුරදිග යන්නට වැඩි වේලාවක් ගතවුනේ නැත. සරණි පැය දෙකකටත් වැඩි කාලයක් ඇලීගේ නිවසේ ගත කලාය. ඉන් පසුව ඇය යන්නට සැරසුනත් ඇලී එය වැලැක්වුවාය....
'සරණී මේ ගේ පොඩ්ඩක් අතුගාලා යනවද...'
කිසිවක් නොකී සරණී කොස්ස ගෙන අතුගාන්නට පටන් ගත්තාය. ඇය එතරම් පිළිවෙලකට එය නොකලේ නොදන්නා නිසාද නැත්නම් ඇලීගේ කීමෙන් බේරෙන්නටදැයි කිව නොහැක.
'අයියෝ...ඔය කොල ටික අතුගාන්න එපා..ඒ බිමට වැටිලා තියන ඒවා ගසල මේසෙන් අරන් තියනව ...මොලයක් නැද්ද...'
ඇලී නැගිට සරණි අතුගාමින් සිටි කොලයක් රැගෙන නැවත කෑගැසුවාය ..
'මේක මට ඕන ඩොකියුමන්ට් එකක්..පොඩ්ඩක් මොලේ කල්පනා කරලා වැඩ කරනවා සරණි..ඔහේ කරන්නන්වාලේ වැඩ කරන්නෙ නැතුව ..'
'හරි හරි ඕකට කෑගහන්න ඕනේ නෑනේ...මම ඒ ටික අයින් කරන්නම්..'
'මෙහෙ දෙනවා..මම ඕක කරගන්නම්...ගිහිල්ලා කිචන් එක අස්කරලා දානවා..'
'ඇලී මම ඉන්නෙ ඔයාගේ ගෙදර වැඩ කරන්න නෙමේ...පව් කියල උදව්වට ආවම ඔහොමද කතා කරන්නේ...'
'දැන් මාත් එක්ක එකට එක කියන්නත් එනවද උඹ...ආ....ආ...'
ඇලී සරණිට වැරෙන් කම්මුල් පහරක් ගැසුවාය. කුමක් කරන්නදැයි සරණිට සිතාගත නොහැකි විය. ඇලීට අතක් උස්සන්නට ඈට හැකියාවක් නැත්තේ ඇයිදැයි ඈ කල්පනා කලාය.
'සරණී ...මම උඹේ බොස්...උඹ වැඩ කරන්න ඕනේ මට ඕන විදියට..ඒක ඔෆිස් එකට විතරක් අදාල කරගන්න එපා..මොකද අපි 24/7 ඔෆිස් වැඩ කරන්නෙ..මෙහෙ වරෙන්...මගේ ලඟට වරෙන්...'
සරණි ඈ ලඟට ගියාය. ඈ නැවත සරණිට කම්මුල් පහරක් ගැසුවාය. එයින් නොසෙල්වුනු සරණී ඇලීගේ දෑස් දෙස කෝපයෙන් බලා සිටියාය. තවත් කම්මුල් පහරවල් කිහිපයක් ගැසූ ඇය ...
'දැන් පලයන්...වොශ් රූම් එකට ගිහිල්ලා මූණ හෝදගෙන පලයන්...'
සරණී කිසිත් නොකියා මුහුණ සෝදාගැනීමට ගියාය. කණ්නාඩියෙන් තම මුහුණ බැලූ ඇයට ඒ පෙනෙන මුහුණ තමාට නුහුරු යැයි සිතුවාය. දෝතට ගත් වතුර මුහුණට වැටෙන විට අමුතුම සනීපයක් ඇයට දැනෙන්නට විය. ඇය නැවත නැවත වතුර දමාගත්තාය.
'ඕක ඇතුලට වෙලා මොනවද ඔච්චර කරන්නේ...එනව ඉක්මනට...' ඇලී කෑගසන්නට වූවාය..
සරණි සෙමෙන් එලියට පැමිණියාය. ඇලී ඉදිරියට පැමින නැවතත් ඇයට බැණ වදින්නට වූවාය.
ඇලීගේ කොණ්ඩයෙන් අල්ලාගත් සරණි ඇයව තල්ලු කර දැමුවාය. ඇලී ගේ මුහුණ ඉදිරියටම ගිය ඈ, ඇලී තමාට ගැසුවාටත් වඩා සැරෙන් ඇලීට කම්මුල් පහරක් ගැසුවාය. වියරු වැටුනු ඇලී පොරබදන්නට වූවාය. ලෙහෙසියෙන්ම ඇය නතුකරගත් සරණී තව වේගවත් කම්මුල් පහර කිහිපයක් ගසා ඇයව බිමට පෙරලා දැමුවාය.
'මම ආසයි කෙල්ලේ...'
ඇලී සිනාසෙමින් පැවසුවාය. ඇලී නැවත තමා පොළඹවාගන්නට සැරසෙන බව වටහාගත් සරණී වහා නිවසෙන් පිටවුනාය. පාරේ යන ත්‍රීවීලරයක් නවත්වාගත් ඇය එයට නැගී පිටව ගියාය. දැන් දැන් ඇයගේ ඔලුවද පුපුරු ගසන්නට පටන්ගෙන ඇත. සසීට ඇමතුමක් ලබාදුන් ඇය රාජගිරියෙන් තමාව pick කරන ලෙස පැවසුවාය ...
.........
'මොකෝ අද ෆුල් ඩල් මූඩ් එකක..'
'මගේ ඔලුව රිදෙනවා බන්...අපි පොඩ්ඩක් එලියට යමුද...'
'හා ...යමු...මම drive කරන්නම්...'
සසීට සහ රොෂාන් ට වැඩ ටික කරගෙන යන ලෙස පවසා සරණි සලා සමග පිටවී ගියාය.
'සලා මට ලොකු ප්‍රශ්නයක් තියනව ...මගේ හිත සෑහෙන කලබලයි ..අනික මට මාව control කරගන්න බෑ.....
ඇලී සමග ක්ලබ් එකට ගිය තැන සිට සියලු විස්තර සලාට පැවසූ සරණි ඉන් තරමක් හෝ තමාගේ සිත සැහැල්ලු වූ බව සිතුවාය..
'මේ බන්....ඕක සෙල්ලමක් නෙමෙයි ...මට පේන විදියට ඒකි උඹව යටත් කරගෙන ඒකි කියන ඒව කරන්න නම්මගන්න හදන්නේ...ඒකෙන් උඹට ඒකි ගැන තියන අවිශ්වාසෙ අඩු කරන්න බලයි..අන්තිමට උඹට සුපිරි ගේමක් දීලා තමයි ඒකි නවතින්නේ...'
'ඔව් මටත් ඒක තෙරෙනවා...'
'තේරිලා විතරක් මදි...උඹ ඒකිට යටත් වෙන එක නතරකරපන්...ඒකිට උඹව control කරන්න දෙන්න එපා...අනික උඹේ ෆීලින්ග්ස් control කරගනින්...'
'මම උඹට ඇත්තම කියන්නම්...ඒකීට පුදුම ටැලන්ට් එකක් තියෙන්නේ...ඒකි ඉස්සරහ මම පූස් පැටියෙක් ගානට වැටෙනවා..ඒකිගේ එක ටච් එකකින් මගේ ඔලුව ඔක්කොම අවුල් වෙනවා...එතන ඉඳලා මට මාව control කරගන්න බැරිවෙනවා...'
'වරෙන්කෝ මම උඹව එක්ක යන්නම් තැනකට ...එතනට ගියාම ඕක අඩුකරගන්න පුළුවන් ...'
'කොහේටද ...'
'වෙන කොහේවත් නෙමෙයි ...පන්සලට...පන්සලට ගිහිල්ලා මනස පොඩ්ඩක් සැහැල්ලු කරගෙන..භාවනා කරන්න ගමු...ඒකෙන් ඕක ගොඩක් දුරට අඩුකරගන්න පුළුවන් ...'
'ඒකත් මරු බන්...අපිට මොනවහරි ඕන වුනාම තමා අපට පන්සල පල්ලිය මතක් වෙන්නේ..බලපන් මම ඉරිදා පූජාවට ගියපු කාලයක් මතක නෑ...හැබැයි මාලන් හිටියනම් වරද්දන්නෙ නැතුව යනවා...'
'පන්සල් පල්ලි යන්නම ඕනේ නෑ බන්..අපි හරියට ජීවත් වෙනවනම්..'
සලා හැමදාකම සවසට සරණී සමග පන්සලට ගොස් සරණිගේ හිත සැහැල්ලු කර ගැනීමට උදව් කලාය. එයින් යම්කිසි ප්‍රගතියක් ලැබූබව පෙනුනි. වෙනදා මෙන් ඇලීගේ විධානයන් හමුවේ සරණී සැලුනේ නැත. තමන්ට කල නොහැකි දෑ කෙලින්ම ඇලී වෙත පැවසුවාය ...ඇලීගේ ආකර්ශණයෙන් මිදී සිටීමටද ඈ වගබලා ගත්තාය.
.........
'අනුරුද්ධ මම සරණි කතා කරන්නේ...'
'හා සරණී..කොහොමද ...අපේ system අවුලක් නෙමේනේ...' ඔහු සිනාසෙමින් ඇසුවේය..
'නෑ නෑ..මට තව වැඩක් ගැන කතා කරගන්න ඕනේ..අද මේ පැත්තෙ එන්න පුළුවන් ද හතරෙන් පස්සෙ වගේ...'
'දවල්ට Last Chance එකේ වැඩක් දාගෙන තියෙන්නේ...ඒක ඉවර කරල එන්නම්...'
'හරි ..ok...thanks අනුරුද්ධ ...'
..............
ඇලී සමග ගමන් යාම සරණී සම්පූර්ණයෙන්ම නවතා දැමුවාය. රාජකාරී මට්ටමෙන් පමනක් ඈ සමග ගනුදෙනු කිරීම සිදුකරන ලදී. අවස්ථා දෙක තුනක්ම සරණී නම්මා ගැනීමට ඇලී යෙදු උපක්‍රම ව්‍යර්ථ වී ගියේය. ඇලී තමාගේ ප්‍රධානියා වීම තව දුරටත් ඈ රිස්සුවේ නැත. ඒ ගැන කල්පනා කල සරණි නුවන් හමුවීමට ගියාය.
'නුවන්...sorry to disturb you...මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද..'
'Sure...සරණි ..එන්න ..වාඩිවෙන්න.....කියන්න මොනව ගැනද කතා කරන්න ඕනේ කිව්වේ...'
'නුවන්..මම මේක direct කියන්නේ...මට ඇලී එක්ක වැඩ කරන්න බෑ...'
'ඒ මොකද ඒ...හදිස්සියේම...'
'නෑ හදිස්සියක් නෙමෙයි..කාලයක් තිස්සෙ බලල දැන් එකේ උපරිමයටඇවිල්ලා තියෙන්නේ...'
'දැන් මොකද්ද සරණී ප්‍රශ්නේ...
'ප්‍රශ්නේ මේකයි...ඇලී මුල ඉඳලම mission fail..එක මාලන්ගේ කේස් එක...ඒක උනේ තනිකරම ඇලීගේ fault එක නිසා..'
'එහෙම කියන්න බෑ සරණි...ඇලී ඒ වෙලාවෙ ගත්ත හොඳ decision එකක්...'
'Decision එක නෙමේ...මට ඇලීම කිව්වා..මාලන් බ්ලාස්ට් එක ගැන warn කරල තියනව ..ඇලී ඒක ගනන් ගන්නෙ නැතුව වැඩ කරල තියෙන්නේ ...'
'සරණි...ඒ ගැන අපිට evidence මුකුත් නෑ..ඒක නිසා ඇලීට වැරැද්දක් කියන්න බෑ..'
'හරි ඊලඟ එකට යමු...මගේ first mission එක...ඒකේ ඇලී නිසා තව පොඩ්ඩෙන් මුලු mission එකම අවුල් වෙනවා...ඒකත් පැත්තකින් තියමු...එයා එයාගේ powers පාවිච්චි කරල මාව එක එක mission , investigation කියල එක්ක යනව..කිසිම බැකප් එකක් නැතුව ..අනික නුවන්ගේ ඇපෲවල් නැතුව..'
'මොකක්...මොනවද ඒවා..මට ඒ ගැන රිපෝට් එකක් දෙන්න සරණි ..ඒක කොහෙත්ම කරන්න බැරි වැඩක්...'
'හරි මම ඒක දෙන්නම්...නුවන් මට තවත් ඇලී එක්ක වැඩ කරන්න බෑ...මට එයාට රිපෝට් කරන්නත් බෑ...'
'හරි ඔය ඔක්කොම ඩොකියුමන්ට් කරල මට රික්වෙස්ට් එකක් එවන්න..මම consider කරල බලන්නම්..'
'Thank you නුවන්...'
'You are welcome..'
..................
සරණී තම ආයතනයට යනවිට අනුරුද්ධ පැමින සිටියේය. ඔහු සමග කතාබහ කල ඇයට දැනගත හැකිවූයේ security alarm syatem tracker එකක් ඔහුට සාදා දිය හැකි බවය.
'එතකොට ඕක හදන්න කොච්චර කල් යයිද ඔයාට..'
'අපි ඕවා කලින් හදලා නෑ...ඒක නිසා සතියක් වගේ දෙන්නම්..'
'මට ඕක ඇප් එකකට ගන්න පුළුවන් ද ...'
'ඒකට නම් සතියකින් බෑ සරණි...මම device එකක් හදලා දෙන්නම්...ඒක තමා ලේසිම වගේම ඉක්මන්ම විදිය...'
'තව අපිට ඕනේ mini cameras ටිකක් high quality ..අනික ඒ ඔක්කොම connect කරල ඕනේ අපේ මැශින් වලට..'
'පුලුවන්...Red owl eye කියල බ්‍රෑන්ඩ් එකක් තියනව නැත්නම් fuvision එකත් හොඳයි ...කීයක් ඕනේද ...'
'මෙහෙමයි අනුරුද්ධ ...මේක අපි දාන්නේ spy වැඩකට ..ඒ ගෙදර කාමර දෙකක්, සාලයක්, කිචන් එක තියනව ..මට ඒ ඔක්කොම ෆුල් මොනිටර් කරන්න ඕනේ...'
'සරණි ඔහොම කිව්වට බෑ...ඒ තැන බලල ඉන්න ඕනේ...මොකද හරි vision එකක් ගන්න පුළුවන් තැන්වල තමයි සෙට් කරන්න ඕනේ...හරියට CCTV දානවා වගේ ...වෙනස තියෙන්නේ අපි spy cam එක දාන්නේ පේන්නේ නැතිවෙන්න...'
'අනුරුද්ධ..ඕක කරගන්න අපිට වෙන කවුරුත් නෑ...අනික විශ්වාස කෙනෙක් නෑ...ඔයාට එන්න පුළුවන් ද ඕක සෙට් කරන්න...මම උපරිම security එක දෙන්නම්...'
'උඹ මාවත් ගස් යවන්නද හදන්නේ...මාලන් එක්ක ඉන්න කාලේ උගේ වලිවලට ..දැන් උඹේ වැඩ...මේවා කූඩුවේ ඉන්නවෙන වැඩ...'
'මම කිව්වනේ...බයවෙන්න කිසිම දෙයක් නෑ...බැරිවෙලාවත් මොනවහරි උනොත් අම්මා ඉන්නවා..ඉතින් මොකටද බයවෙන්නේ...අනුරුද්ධ මේක කරලම ඕනේ...කවද්ද වැඩේ පටන් ගන්නේ...'
'ඔක්කොටම කලින් tracking device එක හදල ඉන්න එපැයි...ඒක හදලා ගෙදර alarm තියනවනම් ඒවා disable කරලා තමයි කැම් සෙට් කරන්න වෙන්නේ...එකපාරටම සෙට් කරන්නත් බෑ...එක දවසක ගිහින් බලල cameras දාන්න ඕන location ටික identify කරගන්න වෙනවා..ඊට පස්සෙ ඒකට හරියන cameras අරගෙන ආයෙ තව දවසක ගිහිල්ලා සෙට් කරන්න වෙනවා..'
'සෙල්ලම් නැ වැඩේ....ඔයා ඉක්මනටම අර device එක හදලා ඉවර කරන්න...ඊට පස්සෙ අපි වැඩ ටික පටන්ගමු....තව මට gps trackers දහයක් විතර ඕනේ vehicle වල පේන්නෙ නැති වෙන්න සෙට් කරන්න..'
'Gps trackers ටික නම් මම හෙට උනත් ගෙනත් දෙන්නම්...'
..........................
සරණී තමා විසින් ඇලී සමග එක්ව කටයුතු කිරීමට නොහැකි බව සනාත කිරීමට කරුණු ඉදිරිපත් කරන වාර්ථාව සාදා නුවන් වෙත ලබාදෙන ලදී. එය මාලනීට යැවූ නුවන් ඇගෙන් ඇමතුමක් බලාපොරොත්තුවෙන් සිටියේය.
'හෙලෝ...නුවන්...'
'ඔව් මැඩම් කියන්න...අපි මොකද කරන්නේ...'
'සරණිව ඇලීගේ direct report එකෙන් අයින් කරලා නුවන්ට report කරන්න හදාගන්න...'
'හරි මැඩම් .ඒ කියන්නෙ සරණි ට promotion එකක් දෙන්න වෙනවා.....'
'ඒකට සරණි ලෑස්තියි නේද...දැන් ඔක්කොම වගේ එයා ඉගෙනගෙන නේද තියෙන්නේ...'
'ඔව් මැඩම්...she is perfect ..'
..............
නුවන් ආයතනයේ සියලුදෙනාම meeting එකකට කැඳවා සරණිගේ උසස්වීම ගැන ප්‍රකාශයට පත්කලේය. ඇලී බොහෝ සෙයින් සතුටු වූ බව පෙන්වූවාය. වසර ගනනක් වැඩකල ඇලීගෙ තත්වයටම උසස්වීමක් මාස ගනනකින් ලබාගැනීමට හැකිවීම සැබවින්ම ඇය ලැබූ විශාල ජයග්‍රහණයක් බව නුවන් එහිදි පැවසුවේය. නමුත් සරණීට මේ උසස්වීම පිළිබඳව හටගත්තේ විශාල සැකයකි
නමුත් තවදුරටත් ඇලීට report කිරීමට නොමැති වීම ඇයට විශාල අස්වැසිල්ලකි.
'Congtratzz කෙල්ලේ...Im reaaly proud of you..'
'Thanks ඇලී....' සරණි ගනනකට නොගෙන කීවාය. ඇලී තවත් යමක් අසන්නට මත්තෙන් ඇය අනෙක් පසට හැරුනාය.
'කෙල්ල දැන් මාව මගහරිනව නේද ..'
ඇලී සරණිගේ උරහිස මතට අතක් තබා පිට දිගේ පහලට යවමින් පැවසුවාය.
'නෑ ඇලී එහෙම එකක් නෑ...මම ඔයත් එක්ක වැඩකරන්න කැමති නෑ...එච්චරයි ..' පැවසූ සරණී එතැනින් යන්නට ගියාය.
.................
'ළමායි....අද පාර්ටී.....අපිට පීට්සා , ගාර්ලික් බ්‍රෙඩ්, ලසඤ්ඤා, ලාවා කේක්...තව බොන්න මොනවද.....කෝක්, ස්ප්‍රයිට්....ඕනෙනම් බියර් ටිකක් ගේමු...මොකෝ කියන්නේ..රෑ නමයට පාටිය පටන් ගන්නවා.'
'මොකො බන් එකපාරටම උඹට...ස්වීප් එකක්වත් ඇදුනද....' සලා ඇසුවාය.
'මට ප්‍රොමෝශන් එකක් හම්බවුනා..දැන් ඇලීයි මමයි එකම position එකේ...'
සලා, සසී මෙන්ම රොෂාන් ද පුටු වලින් නැගිට සතුට ප්‍රකාශ කලෝය.
'සලා ...හදපන් ලිස්ට් එකක් අපි ඕඩර් කරමු...සසී රොෂාන් මොකෝ කියන්නේ බියර් ටිකක් බොමු...වෙලාව අවුලක් නෑනේ...'
'බොනවනම් බොමු මැඩම් ආයේ මොනව අහනවද...' රොෂාන් පැවසීය.
'සසී, රොෂාන් ඔයාලා ගිහිල්ලා එනවනම් එන්න නැත්නම් මෙහේම හිටියත් කමක් නෑ...සලා අපි දෙන්න ගෙදර ගිහිල්ලා නමය වෙනකොට මෙහේට එමු..පොඩි වැඩකට යන්නත් ඕනේ...'
...................
'අම්මා ඔයා ලෑස්තියි ද ...'
'ඔව් ..යමු...'
මාලනී, සරණී සහ සලා රැගත් රථය ඇන්ටන් විසින් ආයුර්වේදය පසුකොට කාසල් රෝහල දෙසට පදවාගෙන යන්නට වූවේය. කාසල් රෝහල පසුකරමින් ඉදිරියට ඇදුනු රථය දේවී බාලිකා පාසල පසුකරමින් ඇදෙන්නේ කොතැනටද?
ඔවුන් පසුපස ඩිෆෙන්ඩර් රථ දෙකක ආරක්ෂකයින් ද එනු පෙනුනි.

ඉතිරිය පසුවට

No comments:

Post a Comment

අලකලංචිය - දහහතරවන කොටස

කාමරයේ අගුලු දමා ඔහුව කාමරයේ සිරකොට ඇලී සහ සරණී වහා ඔහුහේ වාහනය වෙත ගියෝය... 'සරණී මම drive කරන්නම්..ඔයා මට ගේට් එක clear කරල දෙන්න...