අම්මා...' තරුණිය තම මව වෙත හාදුවක් පාකර හැරියාය. මවද පෙරලා එසේ කලාය..
....
....
'අම්මා අද මාලන් කෑවේ ඌරෙක්ට හපන් විදියට...' ඈ සිනාසෙමින් කීවාය.
'කවුද දන්නෙ නෑ පීසා එක හලාගත්‍තෙ..මේකිට පිස්සු ආන්ටි..'
'මගේ කෙල්ලට නම් පිස්සු තමයි..ඒකට තව උඹත් එකතු වුනාම තකට තක....මාලන් මීට පස්සෙවත් ඔය බයික් ගමන නවත්තපන්...ජීප් එක අරන් පලයන් යන තැනක..'
'බයික් එක තරම් සැපක් ජීප් එකේ යද්දි නෑ ආන්ටි..ඔයා එන්නකො දවසක මම එක්කගෙන ගිහිල්ලා පෙන්නන්න..'
'අනේ මට එච්චර පිස්සුවක් නෑ...ඕකේ ගිහිල්ලා අතපය කඩාගන්න...'
'මේ තමුසේ අපේ අම්මට පාඩුවේ ඉන්න දෙනවද...'
'යනව යන්න මෝඩ ගෑණී..මට අයිස් කොෆි එකක් හදන් එනවකෝ...'
'ඇයි මට කියන්නේ..සර්වන්ට් කෙනෙක්ට කියල හදාගන්නවකෝ..මලවදේ...'
'තමුසෙ හදන අයිස් කොෆී එකේ රහ ගන්න කාටවත් බෑ...හා නැද්ද ආන්ටි..'
'ඔව් ඒකනම් ඇත්ත..සරණි, දෙකක්ම හදාගෙන වරෙන් සූකිරි කැටේ..'
'දෙන්නම එකයි..මාවම කන්න හදන්නේ..ගෙට ආවා විතරයිනේ..' ඇය ගස්සගෙන ගියාය.
'මාලන්..මොකද සරණි කියන්නේ..කැම්පස් යනවා නේද කෙල්ල..'
'ඔව් ආන්ටි ..එයා යනවා..කොහොමත් කැම්පස් යන්න ආසාවෙන්නේ හිටියේ..'
'දැන් උඹ මොනවද කරන්න හිතන් ඉන්නේ..මම කැමති නෑ මගේ වැඩවලට උඹ එනවට.. තමන්ගෙම කියල දෙයක් කරපන්..ඕන ගාන කියපන්..මම ඒක දෙන්නම්...'
'එපා ආන්ටි..මමම හම්බකරලා උඩට එන්නයි ඕනේ..මම පොඩි ජොබ් එකක් හොයාගන්න හිතන් ඉන්නේ..ආන්ටි මට උදව් කරන්න එපා..'
'උඹේ කැමැත්තක් ...හැබැයි කවමදාවත් මගේ ෆීල්ඩ් එකට එන්න හදන්න එපා..ආවොත් උඹේ අවසානය වෙන්නෙ වෙන කාගෙවත් අතින් නෙමෙයි ..මගේ අතින්...'
'ඔය ලොකු ලොකු ගේම් දුන්නට ඔයාට මාව මරන්න බෑ ආන්ටි..අනික මම මේ ෆීල්ඩ් එකට එන නොඑන එක තීරණය කරන්න ඔයාට බෑ..ඒක තියෙන්නෙ මගේ අතේ...'
'එහෙමද ඉලන්දාරියා හිතාගෙන ඉන්නේ...දවසක් එයි එහෙනම් අපි දෙන්න හැප්පෙන..'
'ආ ...ඔන්න අයිස්කොෆී ගෙනාවා..දැන් ඉතින් බීගන්න බැරිනම් නාගන්න එකයි ඇත්තෙ..'
සවස් වනතුරු සරණිගේ නිවසේ රැඳී සිටි මාලන් තම නිවස කරා යන්නට පිටත් වූයේ හයට පමනය. එහි සිට මාලන්ගේ නිවසට ඇත්තේ කිලෝමීටරයකටත් වඩා අඩු දුරකි. ඔහුටද සරණිගේ මව, මාලනී විසින් පෞද්ගලික ආරක්ෂකයන් ලබාදීමට කටයුතු කර තිබුනද ඔහු සැමවිටම ඔවුන් වලකාලීය.
මේ අතර මාලන් විසින් අයදුම් කරනු ලැබූ එක්තරා ආයතනයකින් සම්මුඛ පරීක්ෂණයක් සඳහා ඔහුව කැඳවනු ලැබීය. ඔහු උසස්පෙළ හදාරා තිබුනේ ගණිත අංශයෙනි. උසස්පෙළ සමත් වූවද විශ්ව විද්‍යාලය සඳහා සුදුසුකම් ලබාගැනීමට ඔහුට නොහැකිවිය. කොල්ලුපිටිය මර්චන් ටවර් ගොඩනැගිල්ලේ ඉහලම මාලයක සම්මුඛ පරීක්ෂණය පැවැත්වුනි. මුලින්ම ඔහු හට පැයක කාලයකදී විසඳීමට ගැටලු තිහක් ලබාදී තිබුනි. ඒවා සාමාන්‍ය දැනුමටත් වඩා තර්කන හැකියාව මැන බලන ප්‍රශ්න යයි කීවොත් වඩා නිවැරදිය. එය අවසානයේදී විනාඩි පහළොවක ගැටලුවක් විසඳීමට ලැබුනි. එය තරමක රහස් පරීක්ෂක ආකාරයේ ගැටලුවකි.
වේලාව අවසානයේ ඔහුට කළමණාකාරවරයෙකුගෙන් කැඳවීමක් ලැබුනෙන් ඔහු එහි ගියේය.
වේලාව අවසානයේ ඔහුට කළමණාකාරවරයෙකුගෙන් කැඳවීමක් ලැබුනෙන් ඔහු එහි ගියේය.
'Hello Mr Gunathilake, Im Naveen..Im the HR Manager..'
එම ආයතනයේ මානව සම්පත් කළමණාකරු ලෙස හඳුන්වාගත් නවීන්, මාලන් සමග කතාබහක නියැලුනේය. නවීන් සඳහන් කල ආකරයට මාලන් විසින් පළමු ගැටලු තිහම සාර්ථකව නිමකර ඇත. තවදුරටත් ඔහු සඳහන් කලේ එසේ සිදුකල එකම පුද්ගලයා මාලන් බවත් ය. මාලන්ව තමන්ගේ ආයතනයට බඳවා ගැනීමට තමන් තීරණය කර ඇති බව නවීන් පැවසුවේය.
එම ආයතනයේ මානව සම්පත් කළමණාකරු ලෙස හඳුන්වාගත් නවීන්, මාලන් සමග කතාබහක නියැලුනේය. නවීන් සඳහන් කල ආකරයට මාලන් විසින් පළමු ගැටලු තිහම සාර්ථකව නිමකර ඇත. තවදුරටත් ඔහු සඳහන් කලේ එසේ සිදුකල එකම පුද්ගලයා මාලන් බවත් ය. මාලන්ව තමන්ගේ ආයතනයට බඳවා ගැනීමට තමන් තීරණය කර ඇති බව නවීන් පැවසුවේය.
මාලන් ඉල්ලුම් කර තිබුනේ ව්‍යාපාර විශ්ලේෂක (Business Analyst) තනතුරට වුවද ඔහුව තෝරාගෙන තිබුනේ ඊට වඩා හාත්පසින් වෙනස් තනතුරකටයි. ඔහුට කරන්නට තිබුනේ පෞද්ගලික රහස් පරීක්ෂකවරයෙකුට සමාන රාජකාරියකි. මෙහි රහස්‍යභාවය සුරැකිය යුතු අතර පවුලේ කිසිවකු පවා දැනුවත් කිරීම සම්පූර්ණයෙන්ම තහණම් ය.
මෙය පෞද්ගලික ආයතනයක් වුවද අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සමග සෘජුව කටයුතු කරන රහසිගත ආයතනයකි. මාලන්ගේ පුද්ගලික තොරතුරු සියල්ලක්ම පාහේ ආයතනය විසින් සොයාගනු ලැබින. දවස් තුනක් යනකල ඔහු ආයතනය සමග ගිවිසුමක් අත්සන් කලේය. එය අවුරුදු දෙකක ගිවිසුමකි. එයට අනුරූපව ඒ කාලය ඇතුලත ආයතනයේ සහ රටේ සාමාන්‍ය නීතියට අනුව වැඩ කල යුතුව තිබුනි. ඔහුට පොලිස් ආරක්ෂාව ඕනෑම මොහොතක ලබාගත හැකිය. ඔහුගේ කටයුතු සඳහා වෙනමම ලැප්ටොප් එකක් සහ එයටම ඇතුලත් කල පරිඝනක මෘදුකාංග කිහිපයක් සපයා තිබුනි. රාජකාරී වේලාවේදි පැළඳිය යුතුම වූ අත් ඔරලෝසුවක්ද ඔහු සතු විය. එහි තමා සිටින ස්ථානය දැනගැනීමට භාවිතා කරන GPS උපකරණයක් සම්බන්ද කොට තිබුනි. ආයතනය තුලට වඩා ආයතනයෙන් පිට වැඩකිරීම සඳහා කාලය වැය කරන්නට සිදුවන බව ප්‍රධානීන් ඔහුට දන්වන ලදී. ඒ අතරම මෙය වෛද්‍යවරුන් මෙන් on call duty එකකි. ආයතන අමතන ඕනෑම වෙලාවක සේවයට වාර්ථා කිරීමට ඔහුට සිදුවේ. මේ ආකාරයට තවත් බොහෝ දෑ මේ තනතුර හා සම්බන්දව පවතී. මෙය මාලන්ගේ පළවන රැකියාව වූවද සෑහෙන ඉහල වැටුපක් මේ සඳහා ගෙවීමට ආයතනය තීරණය කර තිබුනි.
තමාට ලැබුන රැකියාව පිළිබඳව මාලන්, මාලනීට සහ සරණිට පැවසුවේය. නමුත් ආයතනය කියූ පරිදි සත්‍ය තොරතුරු වසන් කල ඔහු පැවසුවේ අදාල ආයතනයේ Business Analyst ලෙස රැකියාව ලද බවය.
මාලන්ගේ දෙමාපියන් සාමාන්‍ය පැලැන්තියේ අය වූවෝය. මාලන්ගේ වැඩිමහලු සොයුරිය විවාහ වී නවසීලන්තයේ පදිංචි වී සිටියි. ඇය මව සහ පියාද තමන් ලඟට ගෙන්වා ගත්තාය. මාලන්ගේ සොහොයුරියගේ වියදම් පවා දැරුවේ මාලනී විසිනි. ඇය හොඳින් උසස් අධ්‍යාපනය ලබා නවසීලන්තයේදී උපාධිය සම්පූර්ණ කර රැකියාවක්ද ලබාගත්තාය. නවසීලන්තයේ PR ලබාගැනීමටත් ඇයට හැකියාව ලැබුනි.
මෙනිසා මාලන් සිටින්නේ නිවසේ තනිවමය.
........
මෙනිසා මාලන් සිටින්නේ නිවසේ තනිවමය.
........
'හා ඉලන්දාරියා ..කොහොමද ..'
'ආන්ටි මම හෙට ඉඳලා වැඩ පටන් ගන්න ඉන්නෙ..'
'නියමයි..මගෙන් උඹට තෑග්ගක් තියනවා...'
'තෑගි එපා ආන්ටි..ඔයා අපිට කොච්චර උදව් කරල තියනවද..'
'මෙහෙ වරෙන්...උඹත් මගේම පුතා වගේ...සරණිටයි උඹටයි මගේ තියන ආදරේ වෙනසක් නෑ...හැබැයි මගේ කෙල්ලට පොඩ්ඩක් වැඩියෙන් ආදරෙයි හරිද ...' ඈ සිනාසුනාය
'මේ බොක්ස් එක ඇතුලේ ඇති තෑග්ග..උඹ කැමතිම පාට කැමතිම මොඩල් එක..'
කුඩා පෙට්ටිය විවෘත කෙරූ මාලන් දුටුවේ යතුරකි. අනිවාර්යයෙන් ඔහුට සුදු පැහැති හොන්ඩා වෙසල් රථයක් ලැබී ඇත. ඔහුට ඇස් අදහාගත නොහැකිවිය.
'සිරාවට....ඔයා එහෙම කලාද...ආ ..ආ..ආන්‍ටි...'
'ඔව් ගිහිල්ලා අරන් වරෙන් වෙසල් එක..සරණි එක්ක ජීප් එකේ පලයන් ඇන්ටන් එක්ක පලයන් ජීප් එක අරන් එන්න..ඕක මම අරන් දැන් මාසයක් විතර..හරි වෙලාව ආවම දෙන්නයි හිටියෙ...දැන් හරි වෙලාව...'
ඔහු ප්‍රීතියෙන් උඩ පැන්නේය...ඔහු මාලනීව ඔසවා උඩ දැමුවේය.
'මගේ ඉල ඇට කඩන්නද යන්නේ උඹ..'
...........
මාලන් සහ සරණි නව මෝටර් රථයට නැගී ජීප් රථය ඇන්ටන්ට ලබාදුන්නෝය.
'මේ මොකෝ කියන්නේ හයිවේ එකේ ගාල්ලට ඇදල එමුද..'
'යමුකෝ..ආයෙ මොනව අහනවද..'
'උණවටුනේ ගිහිල්ලා නාලා කරලා හොඳ සී ෆුඩ් ෆරයිඩ් රයිස් එකක් කාල..බියර් එකක් ගහල ...'
'ආයේ මොනාද ..මම ඉතින් ඕවට එවරෙඩි...අම්මට කෝල් එකක් දීලා කියමු...අපරාදේ ගිටාර් එක ගෙනාවනම් සිංදුවකුත් ගහන්න තිබ්බා... මේ ඒක නෙමේ අර ජොබ් එකේ තමුසෙට මොනාද කරන්න තියෙන්නෙ..'
'ආ..ඒකේ බිස්නස් ඇනලිසිස් පාර්ට් එකක්..'
'ඒ කියන්නේ 8-5 ජොබ් එකක්ද..'
'නෑ නෑ..ෆීල්ඩ් එකේ තමා වැඩිපුර..ක්ලයන්ට්ස්ල මීට් වෙන්න තියනවා..එක ඉතින් මම හදාගන්න වෙලාව් එක්ක තමයි...තමුසෙ බයවුනා නේද ..මම ආයේ හැමතැනම එක්ක යන්න නැතිවෙයි කියල..'
'ඔව් ..අම්මෝ ඇති යන්තම්..කැම්පස් පටන්ගත්තහම මාව කැම්පස් දාන එකයි ගන්න එකයි පුළුවන් නම් හරි...මොකද දන්නවනේ ඒකේ ඉන්න උන්..අමුතු ලයින් නේ...'
'උන්ගේ ලයින් බස්සපන්..බැරිනම් මම බස්සල දෙන්නම්..දෙකක් ඇනල හරි..'
'අනේ මේ ඉන්නවා...හැම එකටම පඬියා වෙලා වැඩේ චොර කරන්නේ නැතුව ..'
'මට ඔෆිස් යන්න තිබ්බෙ නැත්නම් අපිට අද මෙහේ ෆුල් ආතල් එකේ ඉඳලා හෙට හවස වගේ ගෙදර යන්න තිබ්බා..'
'ශික් ..ඔව් අපරාදේ ...මේ දැන් බීලා කවුද ඩ්‍රයිව් කරන්නෙ කියල කියනවද ...'
'වැඩිය නොගහ ඉමු...බියර් දෙක තුනක් ඇති...අපි නෙක්ස්ට් ෆ්‍රයිඩේ නයිට් වැටෙන්න ගහමු...'
'හා..මේ මාලන්....'
'ඇයි මොකෝ...'
'හෙට ඔෆිස් යනකොට මාවත් දාගෙන යනවකෝ...'
'මොකක්..කොහෙන් දාගෙන යන්නද...'
'නෑ මෝඩයෝ..මාත් එන්නම් ඔයත් එක්ක..ඇවිල්ලා ඔයා ඔෆිස් යන්න...මම වෙහිකල් එකෙන් රවුමක් ගහල ඔයා ඕෆ් වෙන වෙලාවට එන්නම්..'
'ආ..ඒකත් නරක නෑ...එතකොට තමුසෙ කොහේද රවුම් ගහන්නේ...'
'මම හිරූ ට කතා කරල එයත් එක්ක පොඩි රවුමක් දාන්නම්...'
.....
මාලන් සහ සරණී ගාල්ලට පැමින එතැනින් කෙලින්ම උණවටුන වෙරළ දෙසට වාහනය හරවන ලදී. වාහනය රථගාල වෙත දමා ඔවුන් වෙරළ තීරයේ ඇවිද ගොස් එක් ආපන ශාලාවක නතර වූවෝය.
'එන්න සර්...වාඩිවෙන්න ...' එහි සේවකයෙක් යටහත් පහත්ව ඔවුන් පිළිගන්නා ලදී..
'සර්ලා මූදෙ නාල එනවද නැත්නම් දැන්ම මොනවහරි ඕඩර් කරනවද?..'
'ම්ම් අපිට ලාගර් දෙකක් ගේන්න..බුල්සයි දෙකක් ගම්මිරිස් ටිකක් උඩින් ඉහලා..ෆ්‍රයිස් පෝශන් එකකුත් දාන්න...'
'අපිට වෝටර් ග්ලාස් දෙකකුත් ගේන්න..'
'හොඳයි මැඩම්...'
ඔවුන් වාඩිවී සිටින්නේ මුහුදට මුහුණලා ගෙනයි. කිසි කතාවක් නොමැතිව දෙදෙනාම ඉදිරිපස ඇති සුන්දර දර්ශනය දෙස බලා සිටියෝය. තවමත් සවස් වී නොමැති හෙයින් හිරු රශ්මිය තරමක් සැරට දැනෙන්නට විය.
සේවකයා ගෙනත් දුන් බියර් තොල ගාමින් දෙදෙනා කතාවට වැටුනි.
සේවකයා ගෙනත් දුන් බියර් තොල ගාමින් දෙදෙනා කතාවට වැටුනි.
ඔවුන් වැඩිමනත් කතා කලේ මාලන්ගේ අලුත් රැකියාව ගැන සහ සරණිගේ කැම්පස් යාම පිළිබඳව යි. බියර් බෝත්ල් දෙකක් ඉවරකල පසු ඔවුන් වෙරළ දෙසට ඇවිද ගියේ එකදිගටම වාඩිවී සිටීම නිසා පොඩි වෙනසක් ලබාගැනීමටයි.
සරණි ඇඳ සිටියේ දණිස්සට අඟක් හයකටත් වඩා උඩට තිබෙන ශෝට් එකකි. හරියටම කියනවානම් පාසලක කැඩෙට් කණ්ඩායමේ අය අඳින තරමේ කොට ශෝට් එකකි. මේ නිසා ඇය දෙස බලන පිරිස වැඩිය. ඈ පියකරු මුහුණකින් මෙන්ම මනා නම්‍යශීලී හැඩකාර ශරීරයකින් හෙබි නිසා තරුණ මහලු බේදයකින් තොරව පිරිමින් ඇය දෙස බලා සිටියහ.
කට හැකර කොලු කුරුට්ටෝ ටිකක් ඇයට මොනවාදෝ කියනු ඇසිනි. ඇය ඒවා නොඇසෙන ගානට සිටියාය. නමුත් මාලන් හට ඒ යමක් ඇසෙන්නට ඇත. ඔහු උන් අසලටම යන බවක් පෙනුනි.
'ඇයි මල්ලි මොකෝ..කට තියාගෙන ඉන්න අමාරුද උඹලට..'
එතැන කොල්ලන් පස් හය දෙනෙක් සිටි නිසාදෝ ඔවුනුත් මාලන් සමග එකට එක කියාගෙන ආවෝය. සරණිට තරමක් ඈත්වී සිටින්නට කී මාලන් එක කොල්ලෙක් ගේ මුහුණටම එල්ල කල පහරෙන් ඔහු එතැනම බිම වැටුනේය. එයින් කුපිත වූ අනිත් කොල්ලන් රොත්තම එකට මාලන් වටකරගෙන පහර දෙන්නට පටන් ගත්තෝය.
මාලන්ගේ දෙඅත් දෙපසින් සිටි දෙදෙනෙක් කපා බිම හෙලූ කෙසෙල් ගස් ලෙස බිමට වැටුනෝය. තත්පර දෙකක් ගතවන්නට මත්තෙන් ඉතුරු තිදෙනාත් බිම වැටී දඟලනු පෙනුනි.
මාලන්ගේ දෙඅත් දෙපසින් සිටි දෙදෙනෙක් කපා බිම හෙලූ කෙසෙල් ගස් ලෙස බිමට වැටුනෝය. තත්පර දෙකක් ගතවන්නට මත්තෙන් ඉතුරු තිදෙනාත් බිම වැටී දඟලනු පෙනුනි.
වටපිට බලාසිටි සෙනග රැස්වෙන්නට වූයෙන් මාලන් සරණිව අතින් අල්ලාගෙන යන්නට සැරසුනි.
'ඒයි උඹ චණ්ඩියෙක්ද ගමේ කොල්ලන්ට ගහන්න...'
මාලන් හැරී බැලුවේය. කාල වර්ණයෙන් යුත් හැඩිදැඩි කොණ්ඩය වවාගත් මිනිසෙක් තවත් කෙසඟ හිපියෙක් වැනි මිනිසෙක් සමග ඔවුන්දෙස බලාගෙන සිටී. මාලන් නැවත සරණිව පසෙකට කර හැඩිදැඩි මිනිසා ඉදිරියට ගියේය..
'ඉස්සරවෙලා උඹේ ගමේ ඉන්න මේ චූ කොල්ලොන්ව හදාගනින්..බීච් එකට ආවනම් ඒ විදියට ඉන්න කියල දීපන්..'
'උඹ දන්නවද කාටද උඹ කතා කරන්නෙ කියලා..'
මාලන් සිටි ආපන ශලාවේ හිමිකරු සහ සේවකයෙක් දුවගෙන විත් හැඩිදැඩි මිනිසාට පින්සෙන්ඩු වීමට පටන් ගත්තෝය..
ඒවා තඹේකට මායිම් නොකල හැඩිදැඩි මිනිසා මාලන් දෙසට අතක් ගෙනගියේ මාලන්ගේ බෙල්ලෙන් අල්ලාගැනීමට විය යුතුය. මාලන් එය පහසුවෙන් මගහරවා ඔහුගේ අත අනිත් පසට ඇඹරීය. එයින් කිපුනු ඔහු තම ඔලුව පහත් කොට වේගයෙන් මාලන්ගේ බඩ දෙසට යොමුකලෙන් මාලන්ගේ අතේ ග්‍රහණය ලිහිල් විය. එයින් ප්‍රයෝජනය ගත් හැඩිදැඩි මිනිසා අත් දෙකෙන් මාලන්ව උස්සා විසි කලේය.
වැල්ලේ වැටුන මාලන්ට එක්වරම නැගිට ගැනීමට අපහසු විය. දැවැන්තයා මාලන් දෙසට පා පහරක් එල්ලකලද ඔහුගේ පය හොඳින් අල්ලාගත් මාලන් කකුල අඹරවා දැවැන්තයාව බිම හෙලන ලදී.
දැවැන්තයා මතට නැගගත් මාලන් ඔහුගේ මුහුණට වැරෙන් පහර කිහිපයක් එල්ල කලේ තොල් පැලී ලේ ගලායන අන්දමටය. වටේ සිටින එවුන් මාලන් ව ඇද පසෙකට නොකරන්නට දැවැන්තයා ගේ මුහුණ හඳුනාගන්නට නොහැකි අන්දමට විරූපී වන්නට ඉඩ තිබුනි. මේ හැම දෙයක්ම වෙද්දි සරණි කිසිම කලබලයක් නොකර සාවධානව බලා සිටියාය.
වටවුනු තව දෙතුන් දෙනෙක් මාලන් ට චණ්ඩිකම් දමාගෙන ආවත් උන් දෙදෙනෙකුටත් මාලන් නැගිට ගැනීමට නොහැකි අන්දමින් පහර දුන්නේය. මෙනිසා මෙවර වටේ සිටිය උන් මාලන්ව නවත්වන්නට උත්සාහ කලේ නැත.
'මහත්තයල දැන් යන්න..මුන් යක්කු වගේ මිනිස්සු ..තව ටිකකින් කැති මන්නා අරගෙන එයි...' ආපනශාලා සේවකයා බියපත්ව පැවසීය...
'මම යකෙකුටවත් බය නෑ බොලව්..ඕන චණ්ඩියෙක් ඉන්නවනම් වරෙවු..' මාලන් කෑ ගැසීය...
මාලන් තරමක් සන්සුන් වූ පසු සරණි ඔහු ලඟට පැමිණියාය. ඔහුගේ ඔලුවේ කෙස් එහෙ මෙහෙ යන ලෙස අත දෙපසට ගෙනගිය ඈ ඔහුගේ අත අල්ලගෙන නැවත ආපන ශාලාව දෙසට පියමැන්නාය.
ආපනශාලාවේ සියල්ලෝම තැතිගෙන සිටියෝය. එහි අයිතිකරු සහ සේවකයන් පුන පුනා කීවේ ඔවුන්ට හැකි ඉක්මනින් පිටව යන ලෙසය. මාලන්ට පසුව එය කරදරයක් බවට පත්වුන බව පෙනේ..
'හරි ඔයගොල්ලො කියන්නෙ අපිට යන්න කියලනේ කීයද අපේ ගාන..කියන්න අපි යන්නම්..'
ඔවුන්ගේ බිල ගෙවාදැමූ මාලන් සරණි සමග යන්නට පිටත්වූවේය. ඔවුන් රථගාලට පැමිනෙන විට ආපනශාලාවේ සේවකයා කියූ පරිදි මන්නා සහ කඩුවක්ද අතැතිව සිවුදෙනෙක් ඔවුන් ඉදිරියේ පෙනී සිටියහ. සරණිට වාහනයට නැග වීදුරු වසාගන්නා ලෙස පැවසූ මාලන් ඉදිරියට ගමන් කලේ අතේ කිසිවක් නොමැතිවය.
ගමේ මිනිසුන් යැයි සිතිය හැකි තවත් පිරිසක් අවට සිට මෙය බලා සිටියෝය.
'උඹල හැබෑ චණ්ඩිනම් එක එකා වරෙන් ෆේස් ටු ෆේස්..උණවටුනේ ඉන්නෙ ගෑණු ජංගි ඇඳගත්ත චණ්ඩි නෙමෙයි කියල මම හිතන්නේ..' මාලන් කෑ ගැසුවේ අවට සිටින සියල්ලන්ටම ඇසෙන පරිද්දෙන් ය.
ආයුධ අතැතිව සිටි එවුන් එම කීමෙන් ලජ්ජාවට පත්වූවා මෙන්ම කුපිත වූ බවක්ද පෙන්නුම් කලේය.
'උඹලා හිටපන්..මම ඌව බලාගන්නම් ..' කියූ දිගැති මාලු කපන පිහියක් තිබූ තැනැත්තා මාලන් ඉදිරියට වේගයෙන් ඇවිද ආවේය...ඔහු එල්ල කල පිහි පහරවල් දෙකක් මාලන් මගහැරීමට සමත් විය. තුන්වන පිහිපහර සඳහා අත් එසැවූ ඔහුට අත් ඔසවන විටම මාලන්ගේ පා පහරක් යටි බඩ ප්‍රදේශයට වැදීම නිසා පිහිය අතහැරී බිම ඇද වැටුනි. වහා පිහිය තමතට ගත් මාලන් එය වැටුනු මිනිසාගේ ගෙලට තබා ..
'එකෙක් ලංවෙන්නෙ නෑ...ලඟට ආවොත් මුගේ බෙල්ල කපලා දානව ආයෙ දෙකක් නෑ...'
එයින් අනෙක් උන් තරමක් සලිත වූවද කඩුව අතේ තිබෙන තැනැත්තා සෙමෙන් ඉදිරියට පැමිනෙන්නට විය..
'උඹ උගේ බෙල්ල කපපන්..අපෙන් එකයි නැතිවෙන්නේ..අපි උඹයි උඹේ කෙල්ලවයි දෙන්නවම කපල දානවා..' ඌ ගුගුලේය...
'එහෙනම් කරල බලමු ......' යි කෑගැසූ මාලන් බිම වැටී සිටි මිනිසාගේ ගෙල කඳින් වෙන්කිරීමට මන්නය ඉසිලුවේය...
ඉතිරිය පසුවට

No comments:
Post a Comment