Monday, April 20, 2020

අලකලංචිය - දහවන කොටස



හෙලා සරණී ...දිස් ඉස් ඇලී...' 
'කියන්න ඇලී..'
'මම මගේ බොස්ට කතා කලා. ඔයාගේ CV එකක් මට මේල් කරන්න...ගොඩක් දුරට මට පුළුවන් වෙයි ඔයාව මාලන්ගේ replacement එකට ගන්න..අදම මේල් එක දාන්න..හෙට උදේ දහයට අපේ ඔෆිස් එකට එන්න..'
'Are you serious ??'
'Yes...Good luck..'
.............
'අම්මා ඇලී මාව මාලන්ගේ replacement එකට ගන්නම් කිව්වා..හෙට ඔෆිස් එකට එන්න කියල කිව්වා..'
'ඔයා මොකද කරන්නේ...යනවද ..'
'මොනව අහනවද අම්මා..මේක මට හොඳම චාන්ස් එක මාලන්ගේ enemies ලගෙන් revenge එක ගන්න..'
'මට එකෙක් නැතිවුනා..අනිත් එකාවත් නැතිකරගන්න බෑ..හැමතිස්සෙම ඒක මතක තියාගන්න...'
'ඒ කියන්නෙ අම්ම මට යන්න දෙනව කියල නේද...'
'මාලන්ගේ බොඩී එක අනිද්දා හම්බවෙයි. අපි එදාටම ෆියුනරල් එක arrange කරමු...'
'මාලන් ගේ ෆියුනරල් යන්නෙ මම එයාගේ position එකේ වැඩ බාර අරගෙන...'
'එතකොට කැම්පස් ...'
'පටන් ගන්න තව කල් තියනවනේ...'
.............
මාලන්ගේ මෘත දේහය සීල් තැබූ පෙට්ටියකින් මාලනීගේ නිවසට ගෙනඑනු ලැබින.
ඔහුගේ දේහය ගෙන ආ ආරංචිය සැලවී ප්‍රදේශවාසීන් වැල නොකැඩී මාලනීගේ නිවසට ඇදී එන්නට පටන් ගත්තෝය. ඒ අතරින් අවුරුදු දහය දොලහ පොඩි ළමයෙකුගේ පාහේ ඇස්වල කඳුලු රැඳී තිබීම සැබවින්ම පුදුමයට කරුණකි. ජනතාවගේ හැඬීම් සහ ආවේගයන් නිසාද පැමින සිටි මහා ජනකාය නිසාද ඔවුන් සන්සුන් කර තදබදය අවම කිරීමට ආරක්ෂක නිලධාරීන් හට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. විවිධ මාධ්‍ය ආයතන කිහිපයක් කැමරා සහිතව පැමිණ තිබීමද ආරක්ෂක නිලධාරීන්ට හිසරදයක් වූවාට සැක නැත.
'අනේ අපේ මැඩම්...මොකද්ද මේ උනේ අපේ රත්තරන් මහත්තයට...අනේ අපේ ගෙදර ඇවිල්ලා තේත් බීලා යන්නේ...අපිට කොච්චර උදව් කරපු කෙනෙක්ද ...අනේ සහගහනවා මේවා කරපු උන්ට....'
'මගේ මහත්තයා අදටත් ජීවත් වෙන්නෙ මාලන් මහත්තයා නිසා..අනේ අපේ දෙවියෝ අපිට නැතිවුනා...'
'ගමේ ඉස්කෝලෙට ඕන දේවල් නෑ කිව්වම...ඉන්න ලොකුසර් මම ඕක කොහොමහරි කරල දෙන්නම් කියල හැම දෙයක්ම කරල දුන්න..හරිම නිහතමානී ළමයෙක්...මේසන් බාස්ලා අපේ ඉස්කෝලේ ළමයි එක්ක එකතුවෙලා සිමෙන්ති අනලා කපරාරු කරන වැඩ පවා තමන්ගේ අතින් කලා ..අපේ පව තමයි මේ...:
'අනේ බුදු මැඩම්...දවල්ට හැමදාම මේව කන්න නෑ කියල පොඩි උන් කෑගහද්දි මාලන් මහත්තයට ඇහිලා වත්තෙ පොඩි උන් හැමොටම එක එක ජාතියේ කෑම ගෙනත් දුන්නා...හැම සතියකටම සැරයක් ඇවිල්ල පොඩි උන් එක්ක සෙල්ලම් කරල උන්ට එක එක ජාති අරන් දීලා යන්නේ...'
'අපේ තාත්තා මාලන් මහත්තයා සින්දු කියනකොට අහන් ඉන්න කැමතියි...මොකද එයා හැම සතියකම ඇවිල්ලා සරණි නෝනත් එක්ක ගිටාර් ගගහා ඔක්කොමල එක්ක සින්දු කියල සාජ්ජයක් දාල යන්නේ....අපේ තාත්තා ගේ පිළිකාව වෙලාවෙ ....(ඇය කතා කරගත නොහැකිව හඬා වැටේ...නැවත ගොත ගසමින් කතා කරයි..) තාත්තා ලඟට වෙලා එක දිගට පැය දෙකක් විතර තාත්තා කැමති සින්දු කිව්ව සරණි නෝනත් එක්ක..අනේ ඒ සතුටම ඇති අපේ තාත්තට ...'
'අනේ සරණි නෝනේ...මොකද්ද මේ උනේ...ඔය දෙන්නා නිසයි අපේ වත්තට එලියක් ආවේ...අපේ සහෝදරයෙක් කරන්නෙ නැති උදව් ඔයාල අපිට කලේ....'
අහල පහල ප්‍රදේශවාසීන් අතර මාලන් මෙතරම් ජනප්‍රිය වටිනා චරිතයක් බව මාලනී දැනසිටියේ නැත. දේහයට ආචාර කරන්නට පැමිනෙන සෑම කෙනෙක් ලඟම ඉහත ආකාරයේ කතාවක් ඇත. අඩුමගානේ සරණීවත් මාලනීට මේ පිළිබඳව කියා නැත.
'මාලනී මැඩම් මරණෙ කටයුතු අපි ඔක්කොම කරනවා...කෑම වෙන පිට තැන්වලට දෙන්න එපා වත්තෙ අය එකතුවෙලා ඔක්කොම හදනවා...බැනර් මරණ දැන්වීම් ඔක්කොම අපෙ කොල්ලො කරල ඉවරයි...පාර ලඟ තොරණත් ගහල ඉවරයි...අපේ මාලන් මහත්තය වෙනුවෙන් අපිට මේ පුංචි දේවල් කරන්න ඉඩ දෙන්න...' ගමේ සමිතියේ සභාපතිවරයා මාලනීට එසේ පැවසීය.
'මන් දන්නෙ නෑ ජගත් අපි කොහොම ස්තුති කරන්නද කියල..'
'නෑ මැඩම්...මැඩම් මුලින් මේ වත්ත ගොඩ ගත්තා..ඊට පස්සෙ අපි ගැන හොයල බැලුවේ මාලන් මහත්තයයි සරණි නෝනයි. කොටින්ම කියනවනම් අපේ හැම දේකදිම පාරට බැහැලා අපිත් එක්ක වැඩකලා...අපිත් එක්ක හැම දේකටම හිටියා..ඒ මනුස්සකමට අපි හැමදාම ගරු කරනවා මැඩම්...'
'හොඳයි ජගත්...ඔය වැඩ වලට මම සල්ලි එවන්නම්..ඕනම අඩුපාඩුවක් තිබ්බොත් මට කියන්න...'
'මැඩම්....සල්ලි එපා...මැඩම් දන්නවද වත්තෙ අය හැමෝම එයාලගේ මාසේ ආදායමින් රුපියල් දෙදාස් පන්සීයක් මාලන් මහත්තයා වෙනුවෙන් වෙන්කරන්න එයාලම කැමති උනා...එදාවේල හොයන් කන මිනිස්සු එයාලගේ කෑම වේල් අතහරින්න ලෑස්තියි මැඩම් ....මාලන් මහත්තයා කියන්නෙ දෙවිකෙනෙක්...'
'නෑ ජගත් ඒ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගන්න එපා...පව්...මම මේකට ඔක්කොම වියදම් දරනවා...පොඩ්ඩක් ඔහොම ඉන්න..'
.......................
මාලන්ගේ පාසල් මිතුරන්, සරණිගේ පාසල් මිතුරියන් අතරද මාලන් ජනප්‍රිය චරිතයකි. එබැවින් ඒ අතරින් සෑහෙන දෙනෙක් පැමිණියහ. ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මැති ඇමතිවරු මෙන්ම මන්ත්‍රීවරු ඇතුලු ඉහල පෙලේ පුද්ගලයන් පැමිනියේ රාත්‍රී කාලයේදීය.
මීනා සහ ඔහුගේ ස්වාමිපුරුෂයා, මාලන්ට ගමේ ඇති සැලකීම හමුවේ පුදුමයට පත්වී සිටියෝය. ගමේ අය මීනාට එවැනි පුතෙක් මෙලොවට බිහිකිරීම පිළිබඳව තුති පුද කලහ. එයින් කඳුලු අතරින් වුවද අහිංසක සතුටක් විඳීමට ඔවුන් සමත් වූහ.
රාජගිරිය ඔඩෙල් එක ඉදිරිපස ඔබේසේකරපුරට හැරෙන පාර දැවැන්ත තොරණකින් මැදිවී ඇත. මාලන්ගේ විශාල රුවක් සහිත එහි ලියා තිබූ වැකි හද කම්පාකරවන සුලුය.
ඒ පාර දිගේ ඉදිරියට එනවිට මාලන්ගේ රුව සහිත සාමාන්‍ය ප්‍රමාණයේ කටවුට් දහයකට වඩා සවිකර තිබුනි. සුදු කොඩිවැල් පාර ආරම්භයේ සිටම සවිකර ඇත.
පෞද්ගලික මෙන්ම රජයේ මාධ්‍ය ආයතන වල රාත්‍රී ප්‍රවෘත්ති වල මාලන්ගේ මරණය සම්බන්දයෙන් විශේෂ පුවත් වාර්ථා මෙන්ම කුඩා වැඩසටහන් විකාශය විය.
ගම් වැසියන් සජීවීව සම්බන්ද කරගනිමින් ඔවුන්ගේ දුක ඉස්මතු කර පෙන්වීම්ට සමහර පෞද්ගලික මාධ්‍ය ආයතන ක්‍රියා කලෝය. එමගින් මාලන් යනු කවුද යන්න මුලු රටක්ම දැනගන්නා ලදී. එහිදී මාලන් සම්බන්දව කිසිම අපහාසත්මක හෝ මාලන්ගේ නුගුණ ඉස්මතුවන දේ කිසිවක් ප්‍රචාරය නොවූ අතර මාලන් යනු සැබෑ ජනහිතවාදී වීර තරුණයෙක් බවට ජනතාවට ඒත්තු ගැන්වුනි.
ෆේස්බුක් ඇතුලු සමාජ ජාලා තුලද මාලන් ජනප්‍රිය චරිතයක් බවට පත්වෙමින් පැවතුනි. සැමගේම අනුකම්පාව ඔහු කෙරේ විය. ඔහුට නිවන් සුව මොක් සුව පතා ශෙයාවන එක පෝස්ට් එකක් හෝ ඒවාට එක ලයික් එකක් හෝ නොදැමු ෆේස්බුක් යූසර් කෙනෙක් සොයාගැනීම පහසු නැත.
....................
බොරැල්ල කනත්තේ පැවති මාලන්ගේ අවසන් කටයුතු සඳහා ජනාධිපති සහ අගමැතිවරයාද සහභාගී වූවෝය. ඔවුන් වැඩි වේලාවක් ගත නොකර මාලනී සහ මීනා සමග කතාකර පිටත්ව ගියත්..බොරැල්ල කනත්ත ජන ගංගාවකින් පිරී තිබුනි.
මාලනීගේ ජනප්‍රියතාවය සහ මිනිසුන් මාලනීට පැවැති ලෙන්ගතුකම නිසා වැඩිමනත් සෙනග පැමිනි බව පිළිගන්නට සිදුවේ. නමුත් ගම තුල මාලනීට වඩා මාලන් මිනිසුන්ගේ සිත් සොරාගත් බව කිව යුතුමය. ඔබේසේකරපුර සිට බොරැල්ල කනත්ත වෙත පාගමනින් ඇදුනු ජනතාව හැසිරවීමට පොලීසියේ සහය ලබාගැනීමට සිදුවුන අතර එක් මංතීරුවක් ජනයා වෙනුවෙන් සම්පූර්ණයෙන්ම වෙන්කරන්නට රථවාහන පොලීසියට සිදුවිය. මාලන්ගේ රුව සහිත ජායාරූප රැගත් ගමේ මිනිසුන් රැසක් අවමංගල පෙරහැර තුල සිටියෝය.
මාලන්ගේ දේහය කනත්ත තුලට ඇතුලුවූ විට ගුවනේ සිට හෙලිකොප්ටරයකින් මල් වරුසාවක් පතිත කරන ලදී. ආගමික කරයුතු සඳහා ගමේ පන්සලේ ස්වාමින්වහන්සේ කිහිප නමක් සමගම පල්ලියේ පියතුමා සමග කන්‍යා සොහොයුරියන්‍ සහභාගී වූහ. දේහය මිහිදන් කරන අවස්තාවේ ඉදිරියෙන්ම සිටි ගමේ මිනිසුන් හඬා වැටුනේ හදවතින්ම බව බලා සිටි අයෙක් පවසනවා ඇසුනි.
මාලන්ගේ එක් ඉල්ලීමක් තිබුනි. එය ඔහු සරණිගෙන් ඉල්ලූ දෙයකි. සරණිට එය තවම මතකයේ ඇත..එනිසාම ඒ ඉල්ලීම ඉටු කරන්නට ඈ කටයුතු කර තිබුනි...
'සුදු...මම ඔයාට කලින් මැරුනොත් මගේ funeral එකේදී අමරදේව මාස්ටර්ගේ 'මා මල පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව' කියන සින්දුව background play කරන්න..ඔක්කොමල ගියාට පස්සෙ ඔයා මම කැමතිම සින්දුව ගිටාර් එක ගගහ කියන්න ඕනේ..ඇත්තමයි මම අහගෙන ඉන්නවා...'
ඒ වෙලාවේ සරණි ඔහුට විහිලු කරමින් එයම පෙරලා ඔහුට පැවසුවාය..නමිත් අද ඇයට එය කිරීමට සිදුව ඇත....
ඔහු කියූ ආකාරයටම ගීතය වාදනය කෙරුනි..
මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි
මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
නන්නාඳුනනා ඔබ ගේ ...
නන්නාඳුනනා ඔබ ගේ
අත් අකුරින් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක ...
අඬ සඳ බැසගෙන යන සඳ
රෑහි හඬන රැව් අතරින් ...
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවී
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවී
මේ ගීතයත් මිනිසුන් තවත් හඬවන්නට සමත්විය.
මිහිදන් කිරීම අවසානයේ ටිකෙන් ටික මිනිසුන් පිටව යන්නට විය. අවසනදී මාලනී, මාලන්ගේ දෙමාපියෝ සහ ආරක්ෂකයන් පමනක් ඉතිරිවෙද්දී සරණි මාලන්ගේ අවසන් කැමැත්ත ඉටු කිරීමට සූදානම් වූවාය..
ආරක්ෂක නිලධාරියෙක් ඇයගේ ගිටාරය ගෙනත් දුන්නේය...ඇඳිරි වැටෙමින් පැවතිනි. පවුලේ අනිත් අය ඉටිපන්දම් දල්වා මලින් සොහොන සැරසූ අතර සරණි ගිටාරය රැගෙන සෙමෙන් 4/4 beat එකක් සමග ගීතය ඇරඹුවාය....
ආශා නිරාශා මැවූ
ඈ ස්වප්න මායාවකී
ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්
මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි
දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ළංව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්ල මල් මාවතේ
දිවා රැයේ මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා
ආශා නිරාශා මැවූ...
නෙතේ හැංගි හැංගී හිඳී
සිතේ ස්වර්ණ යහනේ නිදී
මුවේ මන්දහාසේ දිදී
මගේ නින්ද ආයේ බිදී
දිවා රැයේ මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා
අවසන් පද පෙළ කියනවාත් සමග සරණී හඬා වැටුනාය...මීනා ඇයව තමා ලඟට ගෙන උරහිස මත සරණිගෙ හිස තබා ගත්තාය...සරණීට කනත්තෙන් පිටව යද්දී මහා තනිකමක් දැනෙන්නට විය...මාලන් සමගම මෙහි ඉන්නට ඇත්නම් යයි ඇය සිතුවාය....
'මම ඔයාව බලන්න පුළුවන් හැම වෙලාවකම එන්නම් මාලන්...I Love You..' ජීවත්ව සිටියදී ඔවුන් එකිනෙකාට ආදරය නොකලා කියා කිව නොහැකිය..පෙම්වතුන්ට වඩා එහා ගිය අධ්‍යාත්මික බැඳීමක් ඔවුන් අතර තිබුනි.
...............
සතියකින් පමන පසු මීනා සහ ඇගේ ස්වාමිපුරුෂයා යලි නවසීලන්තය බලා පිටත්ව ගියෝය.
ගමේ පොදු ස්ථානයක් තෝරාගත් ගමේ මිනිසුන් එහි මාලන්ගේ පිළිරුවක් තැනීමට මාලනී හරහා අදාල තැන් වලින් අවසර ලබාගත්තෝය. සති දෙකක් ගතවන කල්හි එය සාදා නිමකිරීමට ඔවුහු සමත් වූහ.
..............
මේ අතර සරණි ඇලී සමග ආයතනයේ සියලුදේ ගැන පුහුණුවක් ලබමින් සිටියාය. මාලනී, නුවන්ට ලබාදුන් උපදෙස් වලට අනුව මාලන්ට මෙන් නොව සරණිට දිගු කාලයක් ගතකර සම්පූර්ණ පුහුණුවක් ලබාදීම සිදුවුනි.
'සරණි ඔයා මාලන් වගේමයි..කිසිම වෙනසක් නෑ..මාලනුත් ඔය වගේමයි මාත් එක්ක වැඩ කලේ...'
'මාලනුයි මායි කියන්නෙ එක්කෙනෙක් වගේ ඇලී...අපි දෙන්න කොහේහරි යනකොට අනිත් එක්කෙනා නිකම්ම එනවා...යාලුවො හම්බවෙන වෙලාවන් ඇරුනම අනිත් හැම ගමනම අපි දෙන්නා එකට ගියේ....(දිගු හුස්මක් ගනිමින්) අන්තිම ගමන ඇරෙන්න.'
'මාලන් ජොබ් එකට ගොඩක් ලෝයල්..අඩුමගානේ ඔයාටවත් කිව්වෙ නෑනේ...'
'ඔව් එයාගේ ඒ අමුතුම qualities තිබුනා..කරන වැඩේ හරියට කරල මිසක් එයා ආපහු හැරෙන්නේ නෑ...හැබැයි ඉතින් බක පණ්ඩිතය..' ඇය අහිංසකව සිනාසුනාය.
'සරණී මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?'
'මම දන්නව..ඔයා අහන්න යන්නේ මම මාලන්ට ආදරේ කලාද කියල නේද?'
'Yes you got that right....'
'ඔව්...මම ඇත්තටම මගේ අම්මටත් වඩා ආදරේ කලේ මාලන්ට..අම්මටත් වඩා මට ආදරේ දුන්නේ එයා...මන් ගැන හොයල බැලුවෙ එයා..මට කිසිම තැනක්දී කිසිම අනතුරක් නොවී මාව ආරක්ශා කලේ එයා...ඒ ඔක්කොටමත් වැඩිය මේ ලෝකේ මාව හොඳටම තේරුම් ගත්තේ එයා...අපි හරියට twins ලා වගේ....එකෙකුට එකෙක් නැතුව බෑ....මට පිස්සු නේ...මම ඔහේ කියවගෙන යනවා....'
'නෑ...ඔයා කියන්නෙ හිතේ තියන දේ...ඇත්තටම මාලන් descent කොල්ලෙක්...එයාට ඕන තරම් මගෙන් ඇඩ්වාන්ටේජ් ගන්න තිබුනා..ඒත් ඒ එක වෙලාවකවත් එයා එහෙම කලේ නෑ..to be honest with you ..මමත් කෙල්ලෙක්නේ සරණි...මාත් කැමතියි මාලන් වගේ ලස්සන කොල්ලෙක්ට...'
'මම දන්නව ඇලී..school days වල මගේම යාලුවො කීදෙනෙක් මැරෙන්න ගියාද මාලන් එක්ක යාලුවෙන්න..church එකේ කෙල්ලො පූජාව ඉවරවුන ගමන් පෝලිමේ එන්නෙ මාලන්ව හග් කරන්න...මට ඉතින් මුලදි තරහ ගියත් ගානක් නැතිවුනා...මොකද I trust him..'
'හානේ....මම දැන් දැක්කේ...මොකද්ද ඔය කලු නූලක් දාලා බෙල්ලෙ එල්ලගෙන ඉන්නෙ..'
'මාලන්ගේ ෆොටෝ එක තියන පෙන්ඩන්ට් එකක්...'
'Wow...කෝ පෙන්නන්න...මාර ගති...'
'ඇලී ඔයාට boy friend කෙනෙක් ඉඳල නැද්ද ..'
'හ්ම්ම්...ඒක ලොකු කතාවක් ..දවසක කියන්නම්කෝ...'
...............
'මිස්ට පෙරේරා...සරණි ගැන ඇලට් එකේ ඉන්න ඕනේ...එයා ඉන්නෙ මාලන් මරපු අයගෙන් පලිගන්න සිහියෙන්..ඒක නිසා ටීම් එක කියන ඒවට ලොකු ෆෝකස් එකක් දෙන එකක් නෑ....'
'ඒ ගැන වදවෙන්න එපා මැඩම්...අපේ මිශන් එයාට ඒත්තු ගන්වනවා මාලන් මරපු අය ගැන තියන ඒවා කියල...එතකොට ෆුල් ෆෝකස් එක ගන්න පුළුවන් ...'
'මම නුවන්ට කිව්වා...මට සරණිවත් නැතිකරගන්න බෑ කියල...please that should be your priority ..'
'Sure මැඩම්...'
'Mission 21 එක තාම අපිට achieve කරන්න බැරිවුනා...කොහොමද ඒක කරන්න ඉන්නේ..'
'ඒකට සරණිව දාලා බෑ මැඩම්..මොකද මාලන්ව අඳුරගත්තා...බැරිවෙලාවත් සරණිව අඳුරගත්තොත් අපි fail..මම ඒක නුවන්ට කියන්නම් ..'
'මිස්ට පෙරේරා දන්නවනේ ඒක අපිට තියන ලොකුම mission එකක්..ඒක කලා කියන්නේ......'
'මන් දන්නවා මැඩම්...අපි ඒක ඉක්මන් කරනවා...'
'ඔව්..හැබැයි ඉක්මනට වඩා මට ඕනේ වැඩේ හරියට වෙන්න...'
...............
මේ අතර ඇලී සහ සරණී එකතුව කරන පළමු mission එක සඳහා ඔවුන් සූදානම් වූවෝය. ඇලීට ලැබුන රහසිගත ඔත්තුවක් මත යම් පුද්ගලයෙකු ලුහුබැඳ යාමට ඔවුනට සිදුවිය. මාලන්ට මෙන් සරණිටද ආයතනයෙන් දෙන කුඩා අත් ඔරලෝසුව සහ ව්‍යාජ හැඳුනුම්පත ලැබුනි.
මෙවරත් ඔවුනට ලැබුනේ පුද්ගලයෙකු ලුහුබැඳ ඔහු නිතරම යන එන නිවෙස් කිහිපයක් පරීක්ෂා කිරීමයි. 
මුලින්ම නිවෙස් පිහිටන ස්ථාන සොයාගෙන පසුව ඒවා පරීක්ෂා කිරීමට ඔවුන් තීරණය කර තිබිනි.
මේ සඳහා ඔවුන් දින කිහිපයක් වැය කලෝය. 
සාර්ථක ලෙස නිවෙස් තුනක් සොයාගැනීමට ඔවුනට හැකිවිය. දෙකක් කොළඹට නුදුරින්ද එකක් තලවතුගොඩ ප්‍රදේශයෙන්ද සොයා ගැනින.
'සරණි අපි ඉස්සල්ලාම යන්න ඕනේ තලවතුගොඩ එකට...අද රෑට අපි යනවා...'
'ඒ කියන්නේ අපිට වොරන්ට් එකක් නෑ..අපි හොරෙන් පනින්නේ...'
'ඔව්...මේකෙදි බයවෙන්න දෙයක් නෑ...අපි ඉහලට ඉන්ෆෝම් කරල තියෙන්නේ..අපිව cover කරන්න ටීම් එකක් ඉන්නවා වෙපන් එක්ක..එයාලා දැනටමත් ඒ ඒරියා එකට ගිහිල්ලා ඉන්නේ...'
'හරි...මම ලෑස්තියි ..'
ඇලී සහ සරණී එහි ලඟාවන විට රාත්‍රී නමය පසුවී තිබුනි. ඔවුන්ගේ සගයන්ගෙන් ලැබෙන විධානය අනුව නිවසට ඇතුලු වන්නට තීරණය කලෝය.
'ඇලී...තාම ඇතුලට ගිය අය එලියට ආවෙ නෑ...ආපු ගමන් මැසේජ් එක දෙන්නම්' ඒ ඔවුන්ගේ සගයෙකි.
'Ok..ඇතුලට ගියපු ගානයි..එලියට එන ගානයි ගැන ඇලට් එකේ ඉන්න...ඊට කලින් ගෙදර කවුරුත් නෑ කියල ශුවර් නේද..'
'ඇලී ඒක 100% කන්ෆර්ම් කරන්න බෑ. ඒත් ඇතුලට ගිය ගානයි එලියට එන ගානයි ගැන අපි ඇලට් එකේ ඉන්නව..'
පැය තුනකට පමන පසු නිවසින් පුද්ගලයන් දෙදෙනෙකු එලියට ගිය බවත් ඔවුන්ව ෆලෝ කරන බවත් ඇලීට දැනගන්නට ලැබුනි.
'ඒ කියන්නේ තව තුන්දෙනෙක් ඉන්නවා ඇතුලේ...'
'ඔව් ..අපිට පේන විදියට උන් මොනවහරි ගනන් කරනවා...සල්ලි වෙන්න ඕනේ...'
'Ok..ඉවරවුන ගමන් යයි...ගානට ෆලෝ කරන්න ...'
තවත් පැය භාගයක් වනතුරු ඔවුන් නිවසින් බැහැර වූයේ නැත. පසුව තිදෙනාම ගිය බවට සහතික කෙරුනි. ඇලී සහ සරණී නිවස තුලට ඇතුලුවීම සඳහා සූදානම් වූවෝය. පෙර මාලන් සමග කලාක් මෙන් ඇලී ඉදිරිපස දොර විවෘත කර ගත්තාය. 
සෙමෙන් පියවර තබමින් සාලයේ සිට කාමර දෙසට ඇවිදගිය ඔවුහු කාමර දෙකකට බෙදී යන්නට කතිකා කර ගත්තෝය.
සරණී ඇතුලුවු කාමරය විශාල එකකි. අඳුරු නිසා කාමරයේ තිබෙන දෑ පැහැදිලිව නොපෙනේ...ඇය තව තවත් ඉදිරියට ගියාය. දෑස් විශාල කර බැලූ ඇය සැක හැරගන්නට නැවත හොඳින් ලංවී බැලුවාය.
ඉතිරිය පසුවට ....

No comments:

Post a Comment

අලකලංචිය - දහහතරවන කොටස

කාමරයේ අගුලු දමා ඔහුව කාමරයේ සිරකොට ඇලී සහ සරණී වහා ඔහුහේ වාහනය වෙත ගියෝය... 'සරණී මම drive කරන්නම්..ඔයා මට ගේට් එක clear කරල දෙන්න...