Monday, April 20, 2020

අලකලංචිය - නමවන කොටස

මාලන්..Im sorry ..I have no choice...you are a hero...you will never be forgotten...'
මාලන් අපහසුවෙන් ඇලීගේ අත අල්ලාගත්තේය...
'Go get those bastards...'
'Definitely ...'
සාක්ෂි සහිත මල්ලද රැගෙන ඇලී ගිනිදැල් අතරින් පනිමින් ජනේලයක් අසලට ගියාය. ජනේලයේ ගැලවුනු වීදුරු කැබලි බේරා ඇය එය මතට නැග ගත්තාය...කිසිත් නොසිතා බිමට පැන්නාය...
විනාඩියක් ගතවෙන්නට මත්තෙන් පොලිස් කාර් දෙක තුනක් හඬ නංවාගෙන ඒ දෙසට ඇදී ආවෝය.
පොලිස් නිලධාරීන් බිම වැටී සිටි ඇලීව පරීක්ෂා කලෝය...
'තාම පණ තියනව ...ඇම්බියුලන්ස් එකකට කතා කරන්න ඉක්මනට...'
'මෙයාට කතා කරන්න සිහිය තියනවද ..'
'නෑ වගේ සර්...'
විනාඩි දෙක තුනක් යද්දී ගිලන් රථයක් පැමිණි අතර පොලිස් නිලධාරීන් විසින් සිහිසුන්ව සිටි ඇලීව රෝහල්ගත කෙරුනි...
තව ටික වේලාවක් ගතවන කල්හි මහා පිපිරීමක හඬ ඇසුනි....
එය අවසන් පිපිරීම විය...දෙමහල් නිවස සම්පුර්ණයෙන් ගිණිබත් වී කැබලි කඩා වැටෙන්නට විය...බිත්ති පුපුරා ගොස් උඩු මහලේ සමහර තැන් වලින් නිවස ඇතුල පෙනෙන තරම්‍ ය. කිසිවෙකුටත් නිවස තුලට ඇතුලුවන්නටවත් නොහැකි අන්දමින් එය ගිණිබත් වී ඇත...
තවත් විනාඩි පහකදි පමන පැමිනි ගිණි නිවන බටයන් විසින් ගින්න අසල නිවෙස් වලට යාම වැලැක්වීමට පියවර ගන්නා ලදී...
.................
'මොකක් ...බ්ලාස්ට් එකක්...නෑ...නෝමන් ලේන් එකේ...මයි ගෝඩ්....I'll call you back...'
මාලනී වහා මාලන්ගේ දුරකතනයට ඇමතුමක් ලබාගත්තාය. එය ක්‍රියා විරහිත කර හෝ ආවරණ කලාපයෙන් බැහැරව ඇති බව recording එකේ සඳහන් විය.
ඇය තම ජීවිතයේ කලබල වූ අවස්තා අතරින් මෙය සුවිශේෂී වේ...තත්පර කිහිපයක් කිසිවක් සිතාගත නොහැකිව ඇය ඔහේ බලා සිටියාය. ඇය තම විශ්වාසවන්තම ගෝලයා වූ 'රජී' වහාම නෝමන් ලේන් එකට පිටත් කර හරින ලදී...
'මාලන් මාලන්....please උඹ එතැන නෑ කියල කියපන්...මගේ කෝල්ස් ආන්සර් කරපන්....ප්ලීස්....' මාලනී තනිවම කියවන්නට වූවාය..
ඇන්ටන්ව කැඳවූ ඇය වහාම මාලන්ගේ නිවසට ගොස් ඔහු එහි සිටිනවාද යැයි බලා එන්නට අණ කලාය. ඈ කලබලයෙන් සාලයේ එහා මෙහා ඇවිදියි...
'හෙලෝ..ඉන්ස්පෙක්ටර්..මම මාලනී අමරසිංහ ...
ඔව් ..ඔව් ..ඒ ගැන තමයි...මගේ පුතා..
ඔව් ..මාලන්...
CCTV records බලන්න...ඔව් ..
දැන්මම...media දෙන්න එපා....
කියක්ද ...bodies හතක්...identify කරල නැද්ද ..
හොඳටම පිච්චිලා ...අහ්හ්.....අඳුරගන්න බැරි තරමටම.....
ප්ලීස්....පුළුවන් ඉක්මනට.....'
විනාඩි පහකට පසුව....
'හෙලෝ...
ඔව් ....ඔව් ඒකේ තමයි...
මොන hospital එකේද ...
ඒකට ෆුල් security එක දෙන්න....ආ..දැනටමත් දීලා....
හරි....මම එනව කියල inform කරන්න ..'
'අම්මා මොකද මේ රෑ තිස්සෙ නැගිටගෙන කෑගහන්නේ...'
'ඉක්මනට ඇඳුමක් දාගනින්...'
මාලනී කවමදාවත් නැතුව කඳුලක් නෙතින් ගිලිගෙන්නට දුන්නාය...
'අම්මා...whats wrong...'
'කිව්වම ඉක්මනට ගිහිල්ලා ඇඳුමක් දාගෙන වරෙන්...පරක්කු වෙන්න බෑ...'
පැය භාගයකට පසු කොළඹ ප්‍රධාන පෞද්ගලික රෝහලක් තුල......
'එන්න මැඩම් මෙහෙන් එන්න...ඩොක්ටට ඉක්මනට එන්න කියන්නම්...'
සරණී බීරාන්තවී බලා සිටියාය. මාලනී ජිවිතයේ කිසිම දාකවත් නැති නොසන්සුන් කමකින් වෙලී සිටියාය..
'මැඩම්...Im so sorry...patient ට තාම සිහිය නෑ...සිහිය ගන්න අපි ට්‍රයි කරනවා...හැබැයි බයවෙන්න දෙයක් නෑ...කකුලේ ඇරෙන්න වෙන injuries මුකුත් නෑ...'
'ඩොක්ට සිහිය එන්න කොච්චර වෙලාවක් යයිද ...'
'ඒක හරියටම කියන්න අමාරුයි ...සමහරවිට තව පැයකින් වගේ එන්නත් පුළුවන් condition එක බරපතල නෑ...දුම නිසා lungs හරියටම function වෙන්නෙ නෑ..ඒක ඉක්මනට හරියයි...luckly ඔලුවට කිසිම damage එකක් නෑ...'
'මැඩම් අපි special room එකක් දෙන්නම්..යමු ඒකට ගිහිල්ලා ඉමු...patient ට සිහිය ආපු ගමන් අපි කියන්නම්..'
.........
'අම්මා...මාලන් හොඳින් නේද ...'
'ඔව් මගේ කොල්ලා ..අවුරුදු ගානක්ම ඌව හැදුවෙ මම...වැදුවෙ මීනා උනාට මාලන් මගේ කොල්ලා....' මාලනී හඬන්නට වූවාය....තවදුරටත් කඳුලු සඟවාගෙන සිටිය නොහැකිය..
'මගේ බඩේ නොහිටියට ඌ මගේ....මාලන්...'
'අම්මා ප්ලීස්....මාවත් අඬවන්න එපා..' එසේ කීවද සරණිගේ දෙකොපුල් කඳුලු වලින් තෙත්වී ඇත...'
පැය එක හමාරකට පසු........
'මැඩම් patient ට සිහිය ඇවිල්ලා ..දැන් පොලීසිය කටඋත්තරයක් ගන්නවා..'
'නෑ මට දැන්මම කතා කරන්න ඕනේ...පොලීසියට කියන්න මම දැන් එනවා කියල...'
........
'ඇලී....'
ඇලී අපහසුවෙන් මාලනී දෙස බැලුවාය.
'ආන්ටී...' ඇය හඬන්නට වූවාය...
මාලනීද කිසිවක් කියාගත නොහැකිව කඳුලු සඟවාගන්නට උපරිම උත්සහයක යෙදුනාය. සරණි මාලනීගේ අතින් තදින් අල්ලාගෙන සිටී...
'ආන්ටී....මාලන් ....he is no more...' (ඔහු තවදුරටත් ජීවතුන් අතර නෑ)
මාලනී හඬා වැටුනාය. සරණී හැඬුම නැවැත්වීය...
'ඇලී ...tell me who has done this?...please you need to tell the truth' (කියන්න කවුද මේක කලේ...ඔයා මට ඇත්ත කියන්න ඕනේ..'
සරණී ඇලීගේ අත තදින් අල්ලා ගත්තාය...ඇලී වේදනාව දරාගත නොහැකිව කෑගැසුවාය ...
'මිස් ප්ලිස්...මෙතැනින් යන්න...අපිට අපේ රාජකාරිය කරන්න දෙන්න...'
'සොරි ඩොක්ට...මට තව ප්‍රශ්න දෙක තුනක් අහන්න තියනව patient ගෙන් ඊට පස්සෙ අපි යන්නම්....සුදු ඔයා පැත්තකට වෙලා ඉන්න...ඩොක්ට ප්ලීස් trust me...I need my privacy'
වෛද්‍යවරයා මාලනී ඇලී ලඟ තනිකර එතැනින් ඉවත් වූවේය. විනාඩි පහකින් පමන මාලනී පැමිනියාය.
'Thank you doctor ...අපි ගිහිල්ලා එන්නම්..'
'හොඳයි මැඩම්...'
....................
'මොකද්ද අම්මා වෙලා තියෙන්නේ...'
'මාලන් එයාගේ ජොබ් එක ගැන අපිට බොරු කියල තියෙන්නේ...එයා වැඩකරල තියෙන්නේ crime division එකට...ඇලී එයාගේ බොස්...ඊයෙ රෑ
මිශන් එකකට ඒ දෙන්නා විතරයි ගිහිල්ලා තියෙන්නේ...ගේ ඇතුලේ දෙන්නා කොටුවෙලා...දෙන්නව එලියෙනුත් කට්ටිය වටලලා...ඇතුලේ ටිකට ගේම් එක දීලා තනියම...උන් වෙඩි තියන්න අරගෙන....සද්දෙට පොලීසියෙන් එයි කියල බයට මාලන් ඇලීට පනින්න කියල ගේ බ්ලාස්ට් කරල...'
මාලනී එතෙක් සිරකරගෙන තිබූ කඳුලු නැවත මුදාහැරියාය....සරණි තම මවගේ හිස පිරිමදිමින් කතා කලාය..
'ඇයි මාලන් crime division එකට නම් වැඩකරන්නෙ පොලීසිය එනවට බයවුනේ...එයා බය කියන එක දන්නෑ අම්මා...ඇලී බොරු කියන්නේ...'
'දෙන්නා crime unit එකට හොරෙන් mission එකට ගිහිල්ලා තියෙන්නේ..ඒ දෙන්නගෙ plan එකක්...පොලීසියට අහුවුනොත් අනිවාර්යයෙන් දෙන්නගෙ ජොබ් නැතිවෙනවා....'
'නෑ අම්මා...මාලන් ඒ වගේ පොඩි දෙයක් නිසා බයවෙන කෙනෙක් නෙමේ...ඒක ඔයත් දන්නවානේ...මාලන් කොහොම උනත් බයවෙන කෙනෙක් නෙමේ...ඔය කතාවෙ බය කියල තියනවනම් අනිවාර්යයෙන් ඒක බොරු ..ඇලී අපෙන් මොනවහරි හංගනවා....'
'හැබැයි ඇත්තටම මාලන්ට කරදරයක් වෙලා තිබ්බොත් මම ඒකට involve වෙච්ච එකෙක් ඉතුරු කරන්නෙ නෑ...ඔව් අම්මේ ...promise ...'
'සුදු...අපි මීනා ආන්ටිලට කියන්න ඕනේ..'
............
IGP (Inspector General of Police) :
හෙලෝ මැඩම්...
මාලනී: ඔව් ඉන්ස්පෙක්ටර් ....කියන්න
IGP: CCTV records වලට අනුව මාලන් ඇඳගෙන ගියපු ෂර්ට් එකේ කෑලි හම්බවෙලා තියනව ..ඒකත් එක්ක ඇමිනිලා තිබුන ඇගේ කෑල්ලක් හොයාගෙන තියනවා..අපි ඒක ටෙස්ට් කරන්න යැව්වා..බොඩීස් ඔක්කොම ගන්න දෙයක් නෑ...අඳුරගන්න බැරි විදියටම පිච්චිලා ...'
මාලනී: බොඩීස් වල පෝස්ට් මෝටම් කරන්න පුළුවන් ද ඉන්ස්පෙක්ටර්
IGP : ඔව් ගොඩක් ඒවයෙ පුළුවන් වෙයි. අපිට මාලන්ගේ අම්මව ගෙන්නගන්න පුළුවන් ද
මාලනී: මම එයාලට කිව්වා. ඒගොල්ලො අනිද්දා මෙහෙට එනවා ..
IGP : අපිට DNA test එකකින් confirm කරගන්න පුළුවන් ඒ මාලන්ගේද කියලා..කොහොමත් මාලන්ගේ ෂර්ට් එක ඇතුල් පැත්තෙ වෙන කෙනෙකුගේ ඇඟේ කෑල්ලක් තියෙන්න විදියක් නෑනේ..ඒත් අපිට ඒක confirm කරගන්න ඕනේ..ඒකයි...Im so sorry Madam...මේ වෙලාවෙ ඇත්ත තත්වයට මූණ දෙන්න..මාලන් ගැන බලාපොරොත්තු තියාගන්න එපා..
මාලනී: (දිගු හුස්මක් ගනිමින්) මාලන් ඒ house එක ඇතුලට ගියා කියන එකට evidence තියනවද?'
IGP : CCTV records තියනව. එයා යන්නේ අර hospitalized කරපු කෙල්ලත් එක්ක..
මාලනී: please ඕවා මීඩියා වලට දෙන්න එපා..
IGP : අපි දෙන්න ඕනේ නෑ මැඩම්...දැනටමත් උන් මේ විස්තර කොහෙන් හරි හොයාගෙන ඇති. හැබැයි අපි leak කරන්නෙ නෑ..
.......................
එදින (7) පෞද්ගලික රූපවාහිනී නාලිකාවක රාත්‍රී පුවත්
'කොළඹ නෝමන් වීදියේ දෙමහල් ගොඩනැගිල්ලක ඇතිවූ පිපිරීමකින් පුද්ගලයන් හත් දෙනෙක් මරුමුවට පත්වී ඇත.
පිපිරීමෙන් ඇතිවූ ගින්න නිසා මලසිරුරු හඳුනාගැනීමට අපහසු තතවයක ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා අප සමග පැවසීය.
නාගරික සංවර්ධන හා ජල සම්පාදන ඇමතිණී ගරු මාලනී අමරසිංහ මැතිණියගේ ඥාති පුත්‍රයෙකුත් මියගිය අය අතර සිටින බව වාර්ථාවේ.
පිපිරීමට හේතුව මෙතෙක් සොයාගෙන නොමැත. පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
.........................
පසුදින ප්‍රධාන පුවත්පතක මුල් පිටුවේ පළවුන ප්‍රවෘත්තියක්....
නෝමන් වීදියේ පිපිරීමකින් ඇමැති මාලනීගේ ඥාති පුතෙක් ඇතුලු හයක් මරුට
ඊයේ (7) රාත්‍රියේදී කොළඹ නෝමන් වීදියේ දෙමහල් නිවසක පිපිරීමක් ඇතිවී තිබේ. පිපිරීමත් සමගම මහා ගිණ්නක් ඇතිවී තිබෙන අතර ඒ වනවිට නිවස තුල පුද්ගලයන් හත් දෙනෙකු සිටි බවට තහවරු කරගෙන ඇත. පොලීසිය පවසන ආකාරයට සියලුදෙනාම මරණයට පත්ව ඇත.
ඒ අතර නාගරික සංවර්ධන සහ ජල සම්පාදන ඇමතිනී මාලනී අමරසිංහ මැතිණියගේ ඥාතී පුත්‍රයෙකුද සිටි බවට වාර්ථාවේ. ඔහු එම නිවසේ පදිංචිකරුවකු නොවන අතර එහි ගියේ කුමක් සඳහාදැයි පරීක්ෂණ කරමින් පවතී. පොලිස් පරීක්ෂක VP පෙරේරා මහතා අනුමාන කරන්නේ එම නිවසේ කිසියම් සාදයක් පැවැත්වුන බවයි.
පිපිරීමට හේතුව තවම සොයාගෙන නොමැත. සිද්දිය වූ ස්ථානයේ බිත්ති කඩාවැටී ඇති අතර සියල්ලම පාහේ ගිණිබත් වී ඇත. මෙනිසා සාක්ෂි සොයාගැනීමේ අපහසුතාවයක් පවතින බව පොලීසිය පවසයි.
........................
පෙබරවාරි 8 වනදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක රාත්‍රී පුවත්
ඊයේ රාත්‍රියේදී නෝමන් පෙදෙසේදී ඇතිවූ පිපිරීම සහ ගිණ්න පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරනය කරගැනීමට පොලීසිය සමත්වී ඇත.
මියගිය එක් පුද්ගලයෙක් ඇමතිනී මාලනී අමරසිංහ ගේ ඥාතී පුත්‍රයෙක් වන මාලන් ගුණතිලක නම් තැනැත්තෙක් බව පොලීසිය සැක පහල කරයි. රස පරීක්ෂණ වාර්ථා තවම ලැබී නොමැති හෙයින් මේ පිළිබඳව තහවරු කිරීම ඉදිරි දින කිහිපය තුල සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මාධ්‍ය අමතා පැවසීය.
සිද්දිය වූ ස්ථානයේ තිබී අදාල තරුණයාගේ ඇඳුමේ කැබලි කිහිපයක් ශරීර කොටස් සමග හමුවී ඇත.
DNA පරීක්ෂණයක් මගින් සිරුර ඔහුගේම බව තහවරු කරගැනීමට බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.
මීට අමතරව සිද්දිය වූ ස්ථානයේ තිබී කැබලි වී ගිය මත්පැන් බෝතල් කිහිපයක් සහ ස්වයංක්‍රීය ගිණි අවි සහ ජීව උණ්ඩ කිහිපයක්ද සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත.
CCTV දර්ශන මගින් අනාවරණය වී ඇත්තේ අදාල තරුණයා රාත්‍රී එකොලහට පමන තවත් තරුණියක් සමග අදාල නිවසට පැමිනි බවයි. අපි දැන් ඒ CCTV දර්ශන නරඹමු......
තරුණිය පිළිබඳව කිසිඳු තොරතුරක් නොමැති අතර ඇයත් පිපිරීම නිසා මරණයට පත්වන්නට ඇතැයි විශ්වාස කෙරේ. අදාල තරුණයා සහ තරුණිය නිවසට ඇතුලු වු පසු කිසිවෙක් නිවසට ඇතුලු වන අයුරක් CCTV දර්ශන වල සටහන් වී නොමැත. පොලීසිය අනුමාන කරන්නේ මෙහි ඉහල පෙලේ සාදයක් පැවැත්වෙන අතරතුර පෙර කී තරුණයා සහ තරුණිය නිවසට ඇතුලු වූ බවයි. පිපිරීම සිදුවන්නට ඇත්තේ අලුයම එකට පමන බව පොලීසිය පවසයි.
පිපිරීමට හේතුව ස්වභාවික ලෙස ගෑස් ටැංකියක් පුපුරා යාම බවට මතයක් පැවතුනත් නිවසේ කොන්ක්‍රීට් බිත්ති පවා දැඩි ලෙස හානි වීමට ඊට වඩා වැඩි බලයක් අවශ්‍ය බව පොලීසිය පවසයි. තවමත් නිශ්චිත හේතුවක් සොයාගැනීමට ඔවුන් අපොහොසත් වී ඇත.
.........................
මාලනී: හෙලෝ ඉන්ස්පෙක්ටර් ....හෙලෝ....තමුසෙට පිස්සුද ..මම කිව්ව නේද මීඩියා වලට CCTV records දෙන්න එපා කියල..
IGP : මැඩම් අපි දුන්නෙ නෑ මැඩම්...අනික මැඩම් දන්නවනෙ තව ආණ්ඩුවේම කට්ටිය ඔය ගැන ඇහැ ගහගෙන ඉන්නෙ කියල..
මාලනී: එතකොට අර පොලිස් මීඩියා කොන්ෆරන්ස් එකක්දි කියන්නෙ CCTV records ගැන...
IGP : මැඩම් දන්නවනේ කාගේ උවමනාවටද කියල ඒක වෙන්නේ ....අපි හිරවෙලා ඉන්නෙ මැඩම්.... prime minister ගෙන් අපිට ඕඩර්ස් ආවා ඔය සිද්දිය ඔක්කොම මීඩියා වලට දෙන්න කියල
මාලනී: හරි මම බලාගන්නම්කෝ...ඉන්ස්පෙක්ටර් sorry for the trouble
IGP : බයවෙන්න එපා මැඩම්. මැඩම්ගෙ නමට කැලලක් වෙන්න අපි ඉඩ තියන්නෙ නෑ.
........................
'සුදු...prime minister කාරයා තමයි මේවා ඔක්කොම එලියට දාල මීඩියා වලට දෙන්න කියල තියෙන්නේ..
'ඌ බයයි අම්මට...'
'ඔව් හරියට හරි...'
'අම්මා මම ඌ ගැන බලාගන්නද...'
'දැම්ම එපා..තාම ඒකට කාලේ ආවේ නෑ...අපි වෙලාවට ඒක සෙට් කරමු...
..............
දිනකට පසු.....
මාලන්ගේ මව, පියා සහ සොහොයුරියද ලංකාවට පැමිණියෝය. DNA පරීක්ෂණය සඳහා මාලන්ගේ මව කැඳවා තිබුනි. ඇය සමග මාලනී DNA පරීක්ෂාව සඳහා පිටත්ව ගියෝය. එහි ප්‍රතිඵල සතියක් පමන ගතවන විට ලබාදිය හැකිබව ප්‍රකාශ කෙරුනි.
මේ වනවිට මාලන්ගේ මව මීනා සිටියේ හැඬූ කඳුලිනි. පියා නිහඬව සිටියේ මාලන්හේ මව සහ සොහොයුරිය සනසවන්නට විය යුතුය. මේ සියල්ලෝම නැවතී සිටියේ මාලනීගේ නිවසේය.
'අම්මා...මම ඇලීව බලන්න යනවා...'
'ඉන්න හොස්පිටල් එකට කෝල් කරල බලන්න එයාව සමහරවිට විස්චාර්ජ් කරල ඇති...'
මාලනී සිතූ පරිදිම ඇලීව ඩිස්චාර්ජ් කර තිබුනි.
'මම ඇන්ටන් එක්ක ගෙදරට ගිහිල්ලා බලන්නම්..ඇන්ටන් ට ගේ මතක ඇති..'
'හා මම ඇන්ටන්ට කියන්නම්...'
ඇන්ටන්ට ඇලීගේ නිවස මතකයේ තිබුනි. පැය භාගයක් පමන වන විට එහි ලඟාවන්නට ඔවුනට හැකිවිය. සරණි ගොස් දොරට තට්ටු කලාය.
'ආ...සරණි ...එන්න ඇතුලට ...'
'හ්ම්ම් දැන් කොහොමද ඔයාට...'
'තාම ටිකක් ඇවිදින්න අමාරුයි ..වෙන කියන්න තරම් අමාරුවක් නෑ...'
'හොඳයි...ඉක්මනට සනීප වේවි ඔයාට...ඇලී මට ඔයාගෙන් දැනගන්න දෙයක් තියනව ..මට ඇත්තටම කියන්න වෙච්ච දේ...මොකද මම මාලන් ගැන in and out දන්න එකම කෙනා...අපේ අම්මටත් වඩා මාලන් ගැන දන්නෙ මම...ඒක නිසා මම හොඳටම දන්නවා මාලන් කියන්නෙ බයක් අඳුරන මනුස්සයෙක් නෙමෙයි...ඇලී ප්ලීස් මේක අපි දෙන්න අතරෙ විතරයි...මට ඇත්තම කියන්න..'
ඇලී, සරණිට මාලන් සමග නිවසට ඇතුලුවන වෙලාවේ සිට ඇය ජනේලයෙන් බිමට පනින මොහොත දක්වා සියලු විස්තර අඩු නැතිව පැවසුවාය....
'මම දන්නවා..මම මාලන්ව දාලා ආවා කියල..ඒත් ඒ වෙලාවෙ මම ගත්තෙ මට ගන්න පුළුවන් bestම decision එක...Im sorry සරණි...'
'ඒ කියන්නේ මාලන් ඇත්තටම මැරිලා...හ්ම්ම්...'
ඇලී අපහසුවෙන් නැගිට සරණිව වැලඳගත්තාය. සරණීට හැඬුම් ආවේය. එය පිටකරන එක වඩා හොඳ බව සිතන්නටත් කලියෙන් ඇය හඬා වැටුනාය. මාලන් වෙනුවෙන් පිටකරන්නට හැකි හැම කඳුලු බිඳුවක්ම වාගේ ඇය පිටකලාය. ඇලී ඇයව අල්ලාගෙන සෝෆාවේ වාඩිවූවාය. ඇය සරණිගේ හිස තම ඔඩොක්කුවේ තබාගනිමින් සෙමෙන් පිරිමැද්දාය. කිසිම කතාබහකින් තොරව විනාඩි පහක් පමන ගෙවෙන්නට ඇත. සරණි ඔලුව උස්සා නැගී සිටියාය.
'ඇලී...ඔයා දන්නවද ඒ මිනිස්සු කවුද කියල..'
'තාම නෑ..ඒත් ඉක්මනටම හොයාගන්න පුළුවන් වෙයි...'
'ඇලී මාව මාලන් වෙනුවට recruit කරගන්න පුළුවන් ද...මම මාලන් වගේම වැඩ කරන්නම්..'
'එහෙම එකපාරටම කරන්න අමාරුයි සරණි..ඒකට මැනේජ්මන්ට් ඇපෘවල් ඕනේ..අනිත් එක මාව දැන් temporarily suspend කරල තියෙන්නේ..(තාවකාලිකව වැඩ තහනමකට ලක්වෙලා ඉන්නෙ)'
'හරි...no worries ...මම එහෙනම් ගිහිල්ලා එන්නම් ඇලී...get well soon...'
'සරණි, Im sorry ..'
සරණි හිස සලා යන්නට ගියාය.
දවස් පහකට පසු.......
IGP : හෙලෝ....හෙලෝ මැඩම්..ගුඩ් මෝනින්
මාලනී: ගුඩ් මෝනින්ඉන්ස්පෙක්ටර් ..any good news'
IGP : මාර වැඩේනේ මැඩම්...DNA test එකේ result ආවා...ඒක මැච් වෙන්නෙ නෑනේ...
මාලනී: මොනවා...ඒ කියන්නෙ මාලන් මැරිලා නෑ...thank god...
IGP : නෑ මැඩම් ඒක වෙන්න බැරි දෙයක්..මෙතන වෙන මොනවහරි තියනව ...අපි කරපු investigation එකට අනුව අපිට 100% ශුවර් එකක් තියනව ඒ මාලන්ගේ බොඩි එක කියල...මැඩම්ට පුළුවන් ද අපේ රස පරීක්ෂක තුමාව හම්බවෙන්න...මැඩම් තරහ වෙන්න එපා මෙහෙම කිව්වට...අපි කරනගෙස් එකක් විතරයි...අපි හිතන්නේ මිසිස් ගුණවර්ධන මාලන්ගේ ඇත්ත අම්ම නෙමෙයි කියල...'
මාලනී: මොකක් ඒ මොන පිස්සු කතාවක්ද...ඉන්ස්පෙක්ටර් මොනවද මේ කියවන්නේ..
IGP : Sorry මැඩම්....මම කියනවට පොඩ්ඩක් රස පරීක්ෂක තුමාව හම්බවෙන්න පුළුවන් නම්..
මාලනී: හොඳයි ඉන්ස්පෙක්ටර් ...තෑන්ක්ස්..
......................
මාලනී කල්පනාවකට වැටෙන්නට වූවාය. තම නැන්දා වූ හෙලේනා මිය යාමට මොහොතකට පෙර මාලන් ඇහැක් වගේ බලාගන්නට කීවග ඈට මතකය. හෙලේනා නිතරම දෙඩෙව්වේ මාලන් ගැනය. සරණිටත් වඩා මාලන්ට ඈ ලෙන්ගතුය..ඈ මියයන මොහොතේ යමක් මාලනීට පවසන්නට උත්සාහ කලත් එය කියාගන්නට නොහැකිවුන බවත් මාලනීට මතකය.
හෙලේනා සාමාන්‍යයෙන් වෙනත් දරුවන්ට ඇල්මක් නැත. නමුත් මාලන් ඇයට ඇගේ ලෝකය හා සමානය.
මාලනී විසින් මාලන්ට සහ සරණිට සටන් පුහුණුව ලබා දෙද්දී හෙලේනා සෑහෙන සතුටට පත්වූ බවත් මාලනීගේ මතකයට නැගේ...හෙලේනා සරණිව අවුරුදු පහකට ආසන්න කාලයක් තමාගේ දරුවකු මෙන් තනිවම හදාගත්තත් සරණිට වඩා හෙලේනා, මාලන්ට ආදරේ බව මාලනී හොඳාකාරවම දනී.
මාලනී තවත් අතීතයට ගියාය. සෝමේ තමාට පිරිමි දරුවකු ඉපදුනහොත් අනිවාර්යයෙන් මරාදමන බව කල තර්ජන ඇයට මතක්විය. ඇය කාසල් රෝහලේ සිටියදී ඇයගේ සෑම දේටම සිටියේ හෙලේනාය. මීනාට මාලන් ලැබෙන්නේත් මාලනීට සරණී ලැබෙන දවසේ එකම වෙලාවට වගේය. ඔවුන්ගේ උපන් වේලාවන්ට අනුව මාලන් ගේ හා සරණිගේ ඇත්තේ විනාඩි දෙකක වෙනසකි. මාලන් සරණිට වඩා විනාඩි දෙකකින් වැඩිමල්‍ ය. ඔව් ...ඔබට ඇතිවුන සැකය මාලනීටද ඇතිවුනේය....
.........
රස පරීක්ෂක : මැඩම් එයි කියල මට අපේ චීෆ් ඉන්ස්පෙක්ටර් කිව්වා...මැඩම් දන්නව ඇති කාරනාව..
මාලනී: ඔව් ..DNA මැච් වෙන්නෙ නෑ නේද?
රස පරීක්ෂක: ඔව් මැඩම්...දැන් අපි මොනවද මැඩම් මීඩියා වලට කියන්නේ..පොලීසිය නම් කියන්නේ මාලන් මැරුණමයි කියල...
මාලනී: මිස්ටර්...මේක අපි දෙන්න අතරේ top secret එකක් විදියට තියාගන්න ඕනේ...මාලන්ගේ DNA මගේ ඒවත් එක්ක match කරල බලන්න...
රස පරීක්ෂකතුමාගේ දෑස් විශාල වී ප්‍රශ්නාර්ථයක් මුහුණෙහි මතුවිය.
'ඉන්ස්පෙක්ටර් ට කියන්න මම සතියක් ඉල්ලුව කියල. මමත් කියන්නම්..මට පුළුවන් ඉක්මනට රිසාල්ට් එක දෙන්න...අදම මගේ සාම්පල් එකක් ගන්න...හොඳට මතක තියාගන්න මේක අපි දෙන්න අතරේ විතරයි...
රස පරීක්ෂක : ඕකේ මැඩම්...මම පොරොන්දු වෙන්නම්...
.................
මේ දින කිහිපය ඇතුලත මාලන්ගේ පවුලේ අයත් සිටින නිසාවෙන් සරණී ගැන වැඩිය සොයාබලන්නට මාලනීට අවස්තාවක් නොලැබුනි. සරණී හැමදිනකම වගේ උදයේ නිවසින් පිටවී ගොස් පැමිනෙන්නේ සවස් වීය.
මාලන්ගේ මව සහ පියා මෙහි නතරවී ඔහුගේ අක්කාව නැවත නවසීලන්තයට යැවීම පිළිබඳව කතිකාවක් ඇතිවිය. මාලන්ගේ අක්කා එහි කරන රැකියාවේ නිවාඩු ගැනීම පිළිබඳව ගැටලුවක් පවතී. මේ නිසා මාලනීගේ මැදිහත්වීම මත ඇයව නැවත නවසීලන්තය බලා පිටත් කරවීමට තීරණය කෙරුනි.
මේ ගෙවීයන දින කිහිපය මාලනී සෑහෙන පීඩනයකින් ගෙවූ බව පැහැදිලිය. එක් අතකින් තම සදාදර යෙහෙළිය මීනාගේ දුක තුනී කිරීමට ඈ පෙළඹේ...ගෙදර වැඩකටයුතු සේවකයන් විසින් සිදුකිරීම නිදහසකි. ඇයගේ අමාත්‍යාංශයේ වැඩ, ඇයගේ අනෙක් පෞද්ගලික වැඩ අතපසු කිරීමටද නොහැකිය. ඊටත් වඩා දරුණුම පීඩනයක් ගෙන දෙන්නේ DNA වාර්ථාවේ කුමක් සටහන් වෙයිද එය කවදා ලැබෙයිද යන්නයි.
මේ අතර මාලනී දින කිහිපයක් බලාපොරොත්තුවෙන් සිටි ඒ ඇමතුම පැමිනියේය...
'ගුඩ් මෝනින් මැඩම්....මම...'
'මම දන්නවා...මොකද උනේ...රිසාල්ට් එක කොහොමද ...'
'මේක මැඩම් මොන විදියට ගනීද දන්නෙ නෑ...මාලන්ගේ DNA මැඩම්ගේ සාම්පල් එකත් එක්ක මැච් වෙනවා...'
මාලනීගේ හිස දෙදරා යන තරමේ ඔලුව කැක්කුමක් දැනෙන්නට වූයෙන් ඇය පසුව කතාකරන්නම් යැයි පවසා දුරකතනය විසන්ධි කලාය. වහා නාන කාමරයට දිව ගිය ඇය එහි ටයිල් බිත්තිය මත ඔලුව තබාගත්තාය. ඔලුව තුල සියුම් කැබලි වැනි දේවල් අපිළිවෙල රටාවක් මවන අයුරු ඇයට පෙනෙයි.
දැන් ඒවා සෙමෙන් භ්‍රමණය වීමට පටන්ගනී..ටිකෙන් ටික ඒවායේ වේගය වැඩිවේ....මාලනීගේ හිසේ බර ගතිය එන්න එන්නම වැඩිය..ඇය සෙමෙන් පහලට රූටා ගියාය...වැරෙන් ටයිල්වල දාරයන් අල්ලාගන්නට අසාර්ථක උත්සාහයක ඈ නියැලුනාය.
..................
'සු..දු....අපි මේ කො....හේද යන්නේ...'
'අම්මට සිහිය ඇවිල්ලා ..අම්මා...අනේ අම්මා...මොකද උනේ කියන්න...ඔයා බාතෲම් එකේ වැටිලා හිටියා සිහිය නැතුව..අපි හොස්පිටල් යන ගමන්...'
'කෝ මී..නා...:
'මීනා ආන්ටි ගෙදර ...එයාලව තියල මම ඔයාව අරන් ආවා...බයවෙන්න එපා..මම ඉන්නවා...අමාරුවක් නෑ නේද ඔයාට...ඔහොම හාන්සිවෙලාම ඉන්න...කතා කරන්න එපා...තව පොඩ්ඩ දුරයි...'
ආරක්ෂක නිලධාරීන් ගේ උදව්වෙන් මාලනීව රෝහලේ VIP room එකක් වෙත ගෙනයනු ලැබිනි.
'රජී...හොස්පිටල් එකට කියන්න කිසිම මීඩියා එකකට දෙන්න එපා කියල...ආවොත් එන්න දෙන්නත් එපා කියන්න...'
'හරි මැඩම්...outside සිකියෝ කරල තියෙන්නේ...CCTV තියන රූම් එකටත් අපේ එක්කෙනෙක් දාල ඉන්නෙ...'
'තැන්ක්ස් රජී..මගේ ඔලුවට එන්නෙ නෑ...ඔයා බලල ඔක්කොම කරනවද...මම අම්මව බලාගන්න ඕනෙ'
'මැඩම් වොරි වෙන්න එපා..ඔක්කොම අපි බලාගන්නම්...දොර ලඟ දෙන්නෙක් දානව සිවිල්...මැඩම්ට ඕන දෙයක් එයාලට කියන්න නැත්නම් මට කෝල් කරන්න...'
'තෑන්ක්ස් රජී...'
...............
'අම්මා...දැන් හොඳයි නේද....ඩොක්ට බලල කිව්ව බයවෙන්න දෙයක් නෑ කියල....'
'සුදු....මාලන්...'
'අම්මා...ප්ලීස්...ආයේ ඕක ඔලුවට ගන්න එපා...මම දන්නවා රිපෝට් එක ආවා නේද ...මාලන් කියල කන්ෆර්ම් නේද ...ප්ලීස් අපි ඔය ගැන පස්සෙ කතා කරමු...අම්ම ඉන්න තත්වෙ එක්ක හොඳ නෑ...:
'මට ෆෝන් එක දෙන්න....' ඈ කඳුලු පිසදමාගනිමින් පැවසුවාය..
'සුදු පොඩ්ඩක් එලියට යන්න...I have to take a personal call...'
හිස සැලූ සරණි කාමරයෙන් පිටතට ගියාය..
'හෙලෝ...ඔව් ....ටෙස්ට් එකේ රිසාර්ට් කලින් ලැබුන එකට පොසිටිව් කියල ඉන්ස්පෙක්ටර් ට කියන්න...ඒ කියන්නෙ මාලන්ගෙයි මීනගෙයි DNA මැච් වෙනව කියල...කලින් ටෙස්ට් එකේ පොඩි මිස්ටේක් එකක් කියන්න....මම ඒක බලාගන්නම්...
ඔව් ..අනිවාර්යයෙන් ඒ පොරොන්දුව කවදාවත් කඩ කරන්න එපා..
හොඳයි ..මීඩියා වලට කියන්න...
You are welcome...'
විනාඩි පහළොවක් ගතවෙන්නටත් මත්තෙන් මාලනී සිටින කාමරයේ රූපවාහිනී තිරයේ BREAKING NEWS එකක් යන බව ප්‍රකාශ කෙරුනි...
සරණීද මාලනීද මුහුණට මුහුණ බලා ගත්තෝය...
.....................................................................
මෙන්න දැන් ලැබුණු ප්‍රවෘත්තියක්
......................................................................
නෝමන් වීදියේ නිවසක ඇතිවුනු පිපිරීමෙන් මියගිය එක් අයෙකු ගරු ඇමතිණී මාලනී අමරසිංහ ගේ ඥාති පුත්‍රයෙක් වන මාලන් ගුණතිලක නම් තරුණයෙකු බව හ.ඳුනාගැනේ.
DNA පරීක්ෂණ වල ප්‍රතිඵල මගින් මේ බව තහවරු කරගෙන ඇත.
මෙන්න ඒ පුවත නැවතත්.......
'සුදු....මට සනීප උන ගමන් අපි මාලන්ගේ funeral එක කරමු...කොහොමත් බොඩී එක සීල් කරලනේ එන්නේ...බොරැල්ල සෙමෙට්‍රි එකේ කරන්න ඕනේ...මාවත් මැරුණම මාලන්ගේ වලටම දාන්න...:
'අම්මා...මොනවද මේ කියවන්නේ....ප්ලීස්...:
'උඹයි මමයි මාලනුයි ඉන්න ඕන එකම තැනක...උඹේ ලාස්ට් විල් එකේත් ලියපන් අපේ වලට දාන්න කියල...:
සරණි පුදුමයකට පත්නොවූ අතර ඇයට මහා දුකක් තනිකමක් දැනෙන්නට විය. කුඩා කල පටන් ඇගේ හොඳම යහලුවා...ඇය කල සෑම දෙයකටම පැමිනි එකම පුද්ගලයා...ඇගේ ගමන් බිමන් සෑම එකකටම පැමිනි එකම කෙනා...විනෝද වීමට....නැවත ඇය වයන ගිටාරයේ රිද්මය එකලු කරන්නට ඒ මධුර ස්වරය නැවත ජනිත වන්නේ නැත....
මින් පසුව දවසට එක වතාවක්වත් ඇය අයිස් කොෆි සාදන්නේ කාටද....
ඇය වහා කාමරයෙන් පිටතට දිව ගියාය. තම මව ඉදිරිපිට හැඬීම නුසුදුසු බැවින් ඈ කාමරයේ දොර ලඟ සිට හැඬුවාය....ඇගේ ආරක්ෂක නිලධාරීන් බියවී පැමිණියත් ඇය ඔවුන්ව සන්සුන් කර තම මව අසලට පිටත්කර යැවුවාය.
ආරක්ෂක නිලධාරීන් නැවත කාමරයෙන් එලියට පැමිණියෝය.
'මැඩම් ...ලොකු මැඩම් කිව්ව දැන්ම රූම් එකට එන්න එපා මැඩම් කෝල් වගයක් ගන්නවා කියලා..එන්න ඕන වෙලාවට මැඩම්ට කෝල් එකක් දෙන්නම් කියල...'
.........
'ඔව් නුවන් කියන්න...
'මැඩම්...අපි ඇලී ගැන නිවුස් මීඩියා වලට දීලා නෑ..ඒක අපේ division එකට threat එකක් (අනතුරක හෙලීමක් / අවධානමක්). මාලන් එක්ක ආපු කෙල්ල ත් එතනම ඩෙඩ් කියල තමයි මීඩියා වල යන්නේ...ඒක ගැන මැඩම්ව දැනුවත් කරන්න මම ගත්තෙ...අනික මැඩම්...
'මොකද්ද නුවන්....අනික කිව්වෙ...'
'සරණි ඇලීව මීට් වෙන්න ගිහිල්ලා කියල තියනවා මාලන්ගේ වේකන්ට් එකට එයාව recruit කරන්න කියල...'
'It's up to you...මගේ කොල්ලා නැතිවෙලා ඉවරයි...කෙල්ල කැමතිනම් නුවන්ල කැමති නම් ගන්න...නුවන්ල කොහොමත් දන්නවනේ සරණිගේ skills...මට ඕනේ මාලන්ට කරපු එකේ revenge එක ගන්න...ඒක කරන්න පුළුවන් සරණිට විතරයි...take her...but give her the fullest security ...මාලන්ට උනදේ සරණිට වෙන්න තියන්න එපා...එහෙම උනොත් මේ unit එක මම dismiss කරල දානවා...'
'Sorry madam...we will never fail you again..'
'සරණිට skills තියනවා...මාලන්ට වගේ නැතුව එයාට full...in and out training එකක් දෙන්න crime investigation ගැන..හැම තිස්සෙම සරණි ගැන ඇලට් එකේ ඉන්න ඕනේ...මාලන්ගෙ එකේදි මට ඩේලි රිපෝට්ස් ආවේ නෑ...මට වීක්ලි රිපෝට්ස් එපා..මට ඩේලි රිපෝට්ස් ඕනේ මීට පස්සෙ...'
'Ok මැඩම්...ඇලී ගැන මොකද කරන්නේ..'
'එයාට ෆුලී හොඳවුන ගමන් suspension එක අයින් කරන්න...මම ඇලීට කිව්වා...මීට පස්සෙ team එකට against වැඩ කරන්න එපා කියල strictly කියන්න...ඇලී ගන්න හැම decision එකක්ම අපිට inform කරන්න ඕනේ...ආයේ පොඩි හරි mistake එකක් වෙන්න බෑ....'
'Ok මැඩම්...ඇලී තමයි අපිට ඉන්න හොඳම agent...එයාව අයින් කරපු නැති එක හොඳයි මැඩම්....'
'මම දන්නව ඇලී ගත්තෙ එයාට ඒ situation එකේදි ගන්න පුළුවන් bestම decision එක..එයා priority එක දුන්නෙ එයාගෙ ජොබ් එකට...නුවන්...මට සරණිවත් නැතිකරගන්න බෑ...හැබැයි සරණිගේ skills වලින් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ...'
'Ok මැඩම් understood ...'

ඉතිරිය පසුවට

No comments:

Post a Comment

අලකලංචිය - දහහතරවන කොටස

කාමරයේ අගුලු දමා ඔහුව කාමරයේ සිරකොට ඇලී සහ සරණී වහා ඔහුහේ වාහනය වෙත ගියෝය... 'සරණී මම drive කරන්නම්..ඔයා මට ගේට් එක clear කරල දෙන්න...